Friday, May 18, 2012

ඉංග්‍රිසි පංතිය නැවතුන හැටි...

මේ සිද්ධිය වෙනකොට මම 6 වසරේ.ඒ වෙනකොට ආදරෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑනේ.ආදරෙ කියලා දන්නේ අපේ අම්මට තාත්තට තියන ආදරෙනේ.
අපේ පාසල බාලිකා පාසලක්.ඒ කාලෙදි අපේ පංතිවල මිස් ලා කියනව අපේ ඉස්කෝලේ අක්ක කෙනෙක් කා එක්ක හරි යාළුයි නම් මිස්ලට ඇවිත් කියන්න කියලා.අපිටත් තේරෙන්නේ නෑනේ.අක්කා කෙනෙක් අයිය කෙනෙක් එක්ක කථා කර කර උන්නමත් අපි ඇවිත් මිස්ලට කියනවා අහවල් අක්ක අයියා කෙනෙක් එක්ක අහවල් තැන කථා කරා කියලා.
ඉතින් ඒ වෙද්දි මම ඉංග්‍රිසි පංතියකට ගියා.ඒ ටිකක් අපිට ඈතින් නෑදෑ වෙන මිස් කෙනෙක් ලඟට.අපේ ඉස්කෝලේ ලඟමයි.අපේ ගෙදර ඉදන් ඒ පංතියට එන්න පැය 1/2 යනව.ඒ කාලේ අපේ ඉස්කෝලේ ඉවර වෙන්නෙ දවල් 2ට.
ඉතින් පංති පටන් ගන්නෙ 3ට.ආයේ ගෙදර ගිහින් එන්න වෙලා  නැති නිසා මම ඉස්කෝලේ ඇරිලා තව යාලුවෙක් එක්ක පංතියට යනවා.ඒ වෙද්දි මිසුත් පංතියට ඇවිත් ඒත් මිස් වෙනම කාමරෙක ඉදලා පංතිය පටන් ගන්න ටිකකට කලින් තමයි එන්නෙ.

අපේ පංතියේ රනුක කියලා ලමයෙක් උන්නා.අපේ වයසෙමයි.එයා මිශ්‍ර පාසලක.ඉතින් ඒ ලමයාගෙ ගෙවල් තියෙන්නේ පංතිය ගාවමයි.මගේ ගෙවල් පංතිය හරියෙම තිබුන නම් මම යන්නේ පංති පටන් ගන්න ටිකකට කලින්.ඒත් රනුක, මායි මගේ යාලුවයි පංතියට ගිහින් ටිකකින්ම එයත් එනවා.අපිට වැඩක් නෑනේ ඉතින් එයා කීයට ආවත්.
මායි මගේ යාලුවයි පංතියේ අනිත් අපේ යාළුවො එනකන් කියො කියො ඉන්නවා.
ඒ පංතියේ බන්කු දකුනු පැත්තේ ඉස්සරහ ඉදන් පිටි පස්සට වෙනකන් දාලා තියෙනවා.තව වම් පැත්තේ හරහට බන්කුවක් දාලා තියෙනවා.

ඒ බංකුවේ ඉදගන්න කෙනෙක්ට දකුනු පැත්තේ බංකුවල ඉන්න හැමෝවම පේනවා.ඉතින් රනුක ඉදගන්නේ ඒ බංකුවේ.අපි ඉන්නෙ දකුණු පැත්තේ බංකුවේ.ටික දවසක් යද්දි රනුක වේලාස්සන ඇවිත් ඒ බංකුවේ ඉදගෙන මන් දිහා කන්න වගේ බලනවා. ඒ කාලෙදි ඉතින්කොල්ලො එක්ක අපි රණ්ඩු කරන කාලේ.මාත් ඔරවලා අහක බලනවා. ඔහොම ටික දවසක් ගියා.
අපේ ඉස්කෝලේ මගේ පංතියෙ ලමයෙක් උන්නා සුභාෂිනි කියලා.මන් ඉස්කෝලේ ගිය දවසක සුභා මන් ලගට ඇවිත්..
සුභා -නිෂ් ඔයා රනුකව දන්නවද?
මම - කවුද?
සුභා - %^*  මිස්ගේ ඉංගිලිෂ් ක්ලාස් එන්නේ.
මම - ආහ් ඔව්. ඉතින්
සුහා- එයා මගේ හොඳ යාළුවෙක්
මම - ආහ් එහෙමද
සුභා- ඔව් අනේ එයා අපේ දහම් පාසලේ.
මම- එයා ‍බෞද්ධ ද?
සුභා- ඔව්
මම- හ්ම්
සුභා- මේ ඒක නෙමෙයි නිෂ් එයා මගෙන් ඔයා ගැන ඇහුවනෙ
මම- මන් ගැන.ඒ මොනවද?
සුහා- ඔයාව යාළු කරලා දෙන්න කිවුවා.
මම- පිස්සුද අනේ මම කැමති නෑ.
ඔන්න ඔච්චරයි.මම ගියා ගෙදර.අම්මට විස්තරේ කිවුවා ඒ දවස් වල අම්මයි මායි අතරෙ රහස් නෑ.(දැනුත් එහෙම තමයි ඉතින් ඒත් ටිකක් තියෙනවා  :D)
අම්මට කිවුවට කලබල උනේ නෑ.ඒත් පස්සෙ මම පංති යන්න බෑ කිවුවා.ඒ කොල්ල එන නිසා.පස්සේ අපේ අයිය ගිහින් අපේ පංති කරන මිස් හම්බෙන්න කියලා තිබුනා විස්තරේ මන් පංති එන්න බෑ කියනව කියලා.
පස්සේ මිස් රනුකගෙන් අහලා තිබුනා.ආරංචියෙ හැටියට එදායින් පස්සේ රනුකත් පංති ඇවිත් නෑ.පස්සේ තමයි ආරංචි උනේ රනුකලා අපේ තාත්තගෙ පැත්තෙන් නෑදැයො වෙනවත් කියලා.ඊට පස්සේ රනුක මන් දිහා බැලුවෙ නෑ.පාරෙ යද්දිද් හම්බුනාම බිම බලන් යනවා.
අද වෙද්දි රනුක හොඳ ගායකයෙක්.ප්‍රසිද්ධ නාලිකාවක තිබුන ස්ටාර් තරඟයකින් අන්තිම වටවලටත් ඇවිත්.

15 comments:

  1. මාව දන්නා අක්කා කෙනෙක් කියුවා නේද? ආසයි කවුද කියලා දැනගන්න. අදයි ආවේ අම්ම අක්කාගේ බ්ලොග් එකට . දිගටම එන්නම්.

    හයියු පව් අෆ්ෆා රනුක.. හිහි

    එක නෙමෙයි කෝ ෆලෝ කරන්න තැනක්?

    ReplyDelete
    Replies
    1. ඔව් නංගා මන් ඔයාව දන්නවා.මන් හිතන්නේ ඔයාගේ ඉස්කෝලෙමයි.ගොඩාක් ස්තුතියි අදහස් වලට මන් මේක පටන් අරන් තාම දවස් 3යි.හැබැයි ගොඩක් දවස් ඉදලා ඔයාලගෙ බ්ලොග් කියවපු කෙනෙක්.මන් දන්නෙ නැති එව්ව ඔයාල තමයි මට කියලා දෙන්න ඕනේ ඕං :)

      Delete
  2. අපිත් ආවා කෝ ෆලෝ කරන්න තැනක්. ඒ මදිවට වර්ඩ් වෙරිෆිකේෂන් එකකුත්. අනේ නිශ මේවා අයින් කරලා දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි රෙප් මහත්තයා මන් තාම මේ වැඩේට අළුත් නිසා වැරදි වෙනවා වැඩි ඔයාල මට උදව් කරොත් මගේ වැරදි හදා ගන්න ඉදිරියට පුළුවන් වේවි...

      Delete
  3. ඉගෙනගන්න කාලෙදි ලවුසීන් විශයෙහි නෑ බෑ එපා වගේ වචන පාවිච්චිය අාරක්ශාකාරී පියවරක්! :) ;)

    විනිවිද පේන ස්වාභාවය නිසා අකුරු කියවද්දි (මටනං) ටිකක් වෙහෙසයි! :)

    සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. තනි අලියෝ ඔය කාලේදි ලවු සීන් තියා කොල්ලෙක් දිහා බලන්නෙත් නෑකේ ඔය කාලෙ කොල්ලෝ එක්ක රණ්ඩු කරන කාලේ නොවැ..:D

      Delete
    2. බොහෝම ස්තුතියි

      Delete
  4. මගේ බ්ලොගේ ඇති මගේ මුණු පොතේ ප්‍රොෆයිල් එක. මාද ඇඩ් කරගන්න අක්කේ. බ්ලොගේ වෙනස්කම් කරන්න ඕනා. ඒ ගැන කියා දෙන්නම්. ඒ වගේම මාව දන්නා හැටිත් මට දැනගන්න ඕනි :)

    ReplyDelete
  5. මගේ මූණු පොතේ ප්‍රොෆයිල් එක ඉහලින් ආපු නියෝගයක් සමඟ තාවකාලිකව නවත්තලා තියෙන්නේ(මොනා කරන්නද ) :-/ ඉතින් මට ඊයක් එව්වොත් ලොකු උදව්වක් නංගා

    ReplyDelete
    Replies
    1. කොහොමද එවන්නේ අක්කේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  6. අම්මෝ 6 වසරේදී ලවු අන්තිමට ඉලවු වුනා නේද ? පවු අහිංසක රනුකයා :D

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ