Saturday, May 19, 2012

අපි බඳිමු...

මුහුද ඉර ගිලගන්න ඔන්න මෙන්න..ඇය ඔහුගේ උරහිසේ ඔළුව තියගෙන ඉර මුහුදට ගිලෙන හැටි බලන් උන්නා...ඔහු ඇයගේ සියුමැලි ඇඟිලි තම රළු ඇඟිලි වලින් පටලවාගෙන..මුහුදු වෙරලේ සිටින දාහක් දෙනා ඔවුන් දෙදෙනා දෙස බැලුවත් ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ලෝකෙක...

ඔහු- අපි බඳිමු...
ඇය- හා..ඒත්
ඔහු- ඇයි ඒත්?
ඇය- ම්හුහු..නිකන්..
ඔහු- නෑ කියන්න...ඇයි ඒත් කිවුවෙ..?
ඇය- එතකොට අම්මලා..
ඔහු- රැවුලයි කැඳයි බෑ..රැවුල නම් රැවුල කැඳ නම් කැඳ..
ඇය- ඒත් මට දෙකම ඕනේ..
ඔහු- එහෙනම් මාව අත අරින්න..
ඇය- මන් මැරෙයි..
(ඇය හෙමින් ඉකි ගසයි)

ඔහු- එහෙනම් අම්මලව...
ඇය-එයාලා අපිට ශාප කරයි...
ඔහු- අම්මලා එහෙම නෑ ටික දවසකින් හරි යයි...
ඇය- නෑ මන් හිතන්නෙ නෑ..අපෙ අම්මලා කිවුවොත් කිවුවා..
ඔහු- ඔයා වගේ....
ඇය- හ්ම්ම්...මන් වගේ තමයි..අපි කාලෙට ඉඩ දෙමු..
ඔහු- කොච්චර කාලයක් ද..
ඇය- අපි දෙන්නට එකතු වෙන්න පුළුවන් දවසක් එනකන්..
ඔහු- එහෙම දවසක් එයිද..
ඇය- අම්මලාට තේරෙයි..මට ඔයා නැතිව බෑ කියලා....
ඔහු- කවදද..?
ඇය- කවදා හරි..
ඔහු- අපි නාකි වෙයි... 
ඇය- කමක් නෑ..අපි එකතු වෙනව නම්.... 
ඔහු- අපිට ලමයි හදන්න බැරි වෙයි..
ඇය- අපි දෙන්නට අපි දෙන්න ඉන්නෙ...
ඔහු- ඒත් අපෙන් පස්සෙ පැවැත්මක් නැති වෙයි නෙ..
ඇය- ඔයාට පුළුවන්ද මාව අමතක කරන්න..
ඔහු- මැරුවත් බැරි වෙයි...
ඇය..හ්ම්ම්...දැන් හොඳටම හවස් උනා අපි යන්..
ඔහු ඒත්... ඒත් මගේ ප්‍රශ්න තාම එහෙම්මමයි නේ..
ඇය- අපි හෙට කථා කරමු..
ඔහු- හෙට හෙට හෙට..කවදද ඔය හෙට උදා වෙන්නෙ..
(ඔහු කෑ ගසයි)
ඇය- තරහ ගන්න එපා ඉතින්
ඔහු- ම්හු නෑ..හැමදාම උනේ ඔය ටිකනෙ.....
කොච්චර බලන් උන්නත් ඔච්චර තමයි...

ප/ලි
මේ සිද්ධිය නිෂ්ගෙ ජිවිතයට සම්බන්ධ දෙයක් නම් නෙමෙයි...ගොඩක් තැන්වල වෙන්නෙ මේ දේ...නිෂ්ටත් මේ වගෙ ප්‍රශ්න ගොඩක් ආවා...ඒ උනත් අන්තිමෙදි  නිෂ්ගෙයි නිෂ්ගෙ කුමාරයගෙයි  ආදරේ කොහොම හරි ජය ගත්තා....

6 comments:

  1. හ්ම්ම් ඕකනම් මටත් උනා.... අන්තිමේදී යන්නම ගියා

    ReplyDelete
  2. හ්ම් මේ දේ අපි කා අතරත් වෙන දෙයක් නංගා ඇත්තටම මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න ගොඩක් අමාරුයි....

    ReplyDelete
  3. ඔය හැම ප්‍රශ්නෙටම නියම විසදුම නියම වෙලාවට කාලයා ලබා දෙයි. විසදුමක් නැති වෙලාවට කරන්න තියෙන්නේ ප්‍රශ්නේ කර තියාගෙන ඉන්නේ නැතුව වෙන දෙයක් ගැන හිත යොමු කරන එක. මේක කියන තරම් කරන්න ලේසි නෑ. ඒත් ප්‍රශ්නේ කර තියාගෙන දුක් විදිනවට වඩා හිතට හරි සැනසීමක් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒත් ප්‍රශ්නයක් තියෙද්දි වෙන කිසිම දෙයක් කරන්න බෑනේ..

      Delete
  4. මේ අද දවසයි. මේ අද පමණයි, මේ අද නැහැ යළි හමුවන්නේ

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ