Friday, May 18, 2012

මං චූටි බබා සහ පූස් පැටියා....

මේ සිද්ධිය උනේ මම බහරේන් රටේ ඉදලා ලංකාවේ අපේ ගෙදරට ආපු මුල් කාලේ වගේ.ඒ කියන්නෙ මන් චුටි බබා කාලේ.අපේ ගෙදර උන්නා පූස් පැටියෙක්.පැටියෙක් කිවුවට පැටියෙක්ම නෙමෙයි.පූසෙක්.
ඔන්න දවසක් මන් පුසත් එක්ක සෙල්ලම් කර කර උන්නලු.
ටික වෙලාවකින් අම්මලා පුසව බලද්දි පුසා නෑලු.ඉතින් අම්මලත් කොහේ හරි ඇති කියලා හිතාගෙන අම්මලගේ වැඩ කර කර ඉඳලා.
හවස් වෙලා අපේ මම්මා(අම්මගේ අම්ම) රෑට උයන්න එළවළු ගන්න ෆ්‍රිජ් එක ඇරලා.එක පාරම මොකෙක්ද මන්දා ඒකෙ ඉදලා පැනලා දුවලා ගිහින් දර ලිප තියෙන දිහාවට.අම්මලා ගිහින් බලලා.අනේ අපේ ගෙදර උන්නු පූසා.මන් පූසත් එක්ක සෙල්ලම් කර කර ඉදලා ඌව අරන් ෆ්‍රිජ් ඇතුලට දාලා.
ඔන්න එදා නම් පූසගේ වාසනාවට පූසා බේරුණා.
කොහොමද මන් චූටි බබාගේ වැඩ....

9 comments:

  1. බබාගේ වැඩ නියමයි. මං මේල් එකක් දාල ඇති හම්බ උනාද?

    ReplyDelete
    Replies
    1. නෑනේ ආවෙ නෑනෙ

      Delete
    2. එහෙනම් ස්පෑම් ගොඩේ වත් බලන්න. මේ වර්ඩ් වෙරිෆිකේෂන් නම් එපා

      Delete
  2. හහැහාහ හැක හැක හැක මරු බබා

    ReplyDelete
  3. පූසාට අයිස්ලන්තේ යන්න ආසා හිතෙන්න ඇති :D

    ReplyDelete
    Replies
    1. හි හි හි අනේ මන්දා පූසට මොනා හිතෙන්න ඇද්ද කියලා...එලියට පැන්න ගමන් දර ලිප ලගට ගිහින් උන්නා..:)

      Delete
  4. හිහි... මම අදයි මේ පැත්තේ ආවෙ.. දිගට්ටම ලියන්න.. මම සුභපතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තාරා....

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ