Thursday, May 17, 2012

අපේ පුංචි කුමාරයා...

මේ තමයි අපේ පවුලේ පුංචිම සාමාජිකයා..හැමොගෙම ආදරේ හුරතලේ මැද හැදෙන මගේ අයියගේ කොලු පැටියා.අපේ තාත්ත නම් කියන්නේ අපේ පවුලට වාසනාව ගෙනාවෙ මෙයා කියලා.
ඕං ඉතින් මෙයා හම්බෙන්න අක්කට දින දීලා තිබුනෙ  අප්‍රියෙල් 1දා.කොහොම හරි අක්කව හොස්පිට්ල් එකට ගෙනිච්චෙ මාර්තු 31.ඒත් අක්කට කිසිම අමාරුවක් නැති නිසා අක්කට සිසේරියන් කරන්න ඕනෙ කියලා ඩොක්ටර්ස් ලා කියලා එදාම ඇතුලට අරන් තිබුනා.කොහොම හරි මායි අපේ මම්මායි (අම්මගේ අම්මා) හොස්පිට්ල් එක ලඟ එලියට වෙලා උන්නා.අක්කගේ නංගි අක්ක ලඟ උන්නා.
අක්කගේ නංගිගෙන් call එකක් එනකන් මට ඉවසුමක් නෑ ඉතින්. පස්සෙ ටික වෙලාවකින් call එක ආවා අක්කට පුතෙක් ලැබුනා කියලා.ඒත් ඉතින් ඒ වෙලේ ඇතුලට යන්න බෑනේ.තවත් ටික වෙලාවක් ඉන්න උනා ඇතුලට යන්න දෙනකන්.අයියත් ආවා.
දැන් ඇතුලට යන්න වෙලාව හරි.ඔන්න දැන් වාට්ටුව ලඟටත් ගියා.මදැයි ඇතුලට යන්න දෙන්නෙ දෙන්නටලු.ඉතින් අයියා ගියා.තව එක්කෙනාටයි.මම්මත් ගියා.අනේ මට යන්න දුන්නෙ නෑ දැන් මට ඇඩෙන්න වගේ.කොහොම හරි සිකියුරිටි දෙන්නට කියලා කියලා විනාඩි 5කට බලන්න ඉල්ලුවා.අනේ ඒ දෙන්නා ඉදල ඉදලා අන්තිමෙදි මගේ කන් කරච්චලේ නිසාද මන්දා යන්න කිවුවා.මාත් කිවුවා විතරයි දුවගෙන ගියා.

Add caption
මං යද්දි මී පැටියෙක් වගේ ඉන්නවා අපේ පැටියා.මාත් ඕන් බයෙන් බයෙන් අතට ගත්තා.ඒ වෙලාවෙනම් මගේ ඇස් වලට කඳුලුත් ආවා සතුටට.
පස්සෙ ඉතින් දවස් දෙකකට පස්සෙ එයාව ගෙදර ගෙනාවා.ඊට පස්සෙ ඉදලනම් එයාගෙ නැන්දට හරියට වැඩ.එයා ලඟමයි..
ඉතින් එයාට අපි නම තිබ්බා සෙනුර කියලා.දැන් නම් එයා ලොකුයි.

2 comments:

  1. අප්‍රේල් 1 වෙනිදාද උපන්නේ ???

    අපේ එකෙක්ගේ අම්මා හරි බයෙන්ලු හිටියේ ඌ ඉපදෙද්දී අප්‍රේල් 1 ඉපදෙයි කියලා. වෙලාවට ඌ අප්‍රේල් 2 උපන්නේ.

    නංගී ඉපදෙන්න යද්දිත් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා. ඒකත් හොඳ වෙලාවට විසඳිලා නංගී ඉපදිලා තියෙන්නේ මාර්තු 31

    ReplyDelete
  2. හොඳ වෙලාවට කොල්ලා ඉපදුනේ මාර්තු 31..අපේ කොල්ලගේ අම්ම විතරක් නෙමෙයි අපිත් බයෙන් උන්නේ..:D

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ