Thursday, May 31, 2012

නුඹ මගේ වෙලා....♥

ආදරෙන් බැඳුන දා
මා නුඹෙයි කීව දා...
ඇරඹුනා තවත් එක්
සුන්දරවු ආදර කථාවක්...

දෙඅත් පටලවා
ඇවිද ගිය ගමන් මග...
ආදරෙන් මට ලං වුනා
වෙන් කරන්නට නොහැකි තරමට.....

අපේ අත්වැල් දුරස් කරනට
මාන බැලුවා කවුරු කවුරුත්...
සංසාරේ පුරුද්දකට 
ලංවුනා තව ලංවුනා....

අද මා දකින්නේ
සිහිනයක් නොව සැබෑවක්මය....
මා පැතු සෙනෙහස
මටමමයි අද මගේමයි.....

නෙතු නොපියාම
මා දකින මේ සිහිනයේ,
රැදෙන්න මා අභියසම
මියෙන තුරා ආදරෙන්.....♥♥

ප/ලි
(නිෂ් මේක ලිවුවෙ නිෂුයි නිෂ්ගේ කුමාරයයි එකතු වෙලා අවුරුද්දක් පිරුණ දා...)


14 comments:

  1. ඒ දිනේ පහුනාද කියල ඔයා කියලනම් නෑ මොනා නමුත් සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා ඔබට... මේ ආත්මයේ පමණක් නොවී සසරෙ හැම බවයේම සතුටින් ඔයාල දෙන්නට එකට ඉන්න ලැබේවා..

    අපේ අත්වැල් දුරස් කරනට
    මාන බැලුවා කවුරු කවුරුත්...
    සංසාරේ පුරුද්දකට
    ලංවුනා තව ලංවුනා....

    අත් වැල් කඩන්නනම් හැමෝම මාන බලනවා කෙල්ලේ නමුත් ඔයා දිනුම්..ජය වේවා.. සතුටම ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඒ දිනේ පහු වුනා අනු..ස්තුතියි ඔයාට..

      Delete
  2. නෙතු නොපියාම
    මා දකින මේ සිහිනයේ,
    රැදෙන්න මා අභියසම
    මියෙන තුරා ආදරෙන්.....♥♥

    ඒ ලස්සන දවස අද ද කියලා දන්නැතිමුත් ඔයාට සුභම සුභ විවහ සංවත්සරයක් නිෂ්..!!දෛවය ඔයාලව එකතු කලා වගේම හැමදාමත් ආදරෙන් සතුටින් තියන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  3. නෙතු නොපියාම
    දකින මේ සිහිනයේ,
    රැදෙන්න ඔහු අභියසම
    මියෙන තුරා ආදරෙන්.....♥♥

    මේ දවස් වල නිෂ්ට ආදරේ අභියසම එයා ලගටම වෙලා ඉන්න බැරි උනාට ආයේ ලගදීම දවසක ඔය දෙන්නට ආදරෙන් එකතුවෙලා හැමදාමත් එකටම ඉන්න වාසනාව ලැබේවා..

    ඇත්තටම ඔය කියන විවාහ සංවත්සරේ තියෙන්නේ අදද? එහෙනම් ඔන්න ඒකටත් ඔය දෙන්නට හැමදාමත් සතුටින් සාමයෙන් තව විවාහ සංවත්සර බර ගානක් සමරන්න ලැබෙන ලස්සන ලෝකයක සන්තෝෂෙන් ජිවත් වෙන්න ලැබේවා කියලා සුභ පතනවා. :D :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා රෙප් අයියේ...:D

      Delete
  4. මේක නම් සිංදුවකටත් හොඳයිනේ

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද හසිත එහෙනම් අපි මේක සිංදුවක් කියලා හිතමු..:)

      Delete
  5. ශා හැපී වෙඩින් ඇනිවසරි සහෝදරි!

    ReplyDelete
  6. හැපී ඇනිවසරි වේවා අක්කේ!! අලියාගේ පැත්තෙන් පාර හොයා ගත්තේ!! දිගට ම මේ පැත්තේ එනවා!!

    ReplyDelete
  7. දිගටම මේ පැත්තට එන්න..ස්තුතියි සහෝ...

    ReplyDelete
  8. ලස්සනයි..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංස පැටියෝ....:D

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ