Thursday, May 24, 2012

තාරුකා...


තාරුකා කියන්නේ ලස්සන ගෑනු ලමයෙක්..එයා මේ ලෝකෙට එන්න කලින් ඉඳලම එයාට උනේ අසාධාරනකම්.දෛවය කොච්චර එයාට අසාධාරණකම් කලත් ඇය ඒවට නොසැලි මූණ දුන්නා.දැන් ඇය ප්‍රාථමික පාසැල් ගුරුවරියක්.මේ ඇගේ කථාවයි..
(නම් ගම් වෙනස් කරාට මෙය සත්‍ය කථාවක් මේ කථාවේ චරිත අදටත් අපි අතරම ඉන්නවා.....)

------------------------------------------------------------------------------

චාරුණි කියන්නේ පිරිමි සහෝදරයින් දෙදෙනෙකු මැද හැදෙන සැපවත් ජිවිතයක් ගතකරන යෞවන වයසේ  දැරියක්.පවුලට සිටින එකම ගෑණු දැරිවි නිසා හැමෝම එයාට ආදරය කලා.චාරුනිත් සතුටින් කාලය ගත කලා.චාරුනිගේ අම්මා උන්නේ පිටරටක.නිවසේ වැඩ කටයුතු සඳහා කාන්තාවක් පැමිනියා.
සරෝජනි කියන්නෙ චාරුණිගේ උසස් පෙල පංතියේ සිටින ඇයගේ ලඟම මිතුරියයි.ඇය  දෙමල තාත්තා කෙනෙකුටයි සිංහල අම්මා කෙනෙකුටයි දාව ඉපදුන කෙනෙක්.දවසේ කුලියට කුලි රස්සාවට යන පියා තමයි ඒ පවුලේ සම්පුර්ණ වියදම දැරුවේ.ඇගේ අම්මත් ඉද හිට අහල පහල ගෙවල් වල පොඩි පොඩි වැඩ කරලා කියක් හරි උපයා ගත්තා.ඇයට තව අයියා කෙනෙක් උන්නා.ඔහු නමින් ඇන්ටනි.ඔහු තරුණ වියේ පසුවන ඉලන්දාරියෙක්.එනමුදු කිසිඳු රැකියාවක් කලේ නෑ.
චාරුණිගෙයි සරෝජනිගෙයි යාළුකමට ජාතිය ආගම ප්‍රශ්නයක් උනේ නෑ.සරෝජනිට නැති බැරි වෙලාවල් වලදි හැම උදව්වක්ම කරේ චාරුණියි.ඉතින් කාලයත් ගෙවිගෙන යනවා.. 
 කොච්චර පිරිමි ලමයි චාරුනිගේ ආදරය පතා ගෙන ආවත් ඇයගේ හිත නැවතුනේ ඇන්ටනි ලඟ..ඒ කියන්නේ සරෝජනිගෙ අයියා.
            ඇන්ටනි එයාලගේ අම්මා වගේ.ඔහුට තිබුනෙ සිංහල පෙනුමක්.සමත් පැහැපත් සරෝජනි තාත්තා වගේ තලෙලුයි.සෑම දිනයකම ඇන්ටනි චාරුනි බලන්න පාසල ලඟට ආවා.

ටික දවසකින් ඔවුන් පෙම්වතුන් උනා.කාලේ ගෙවිගෙන යනවා.ඔවුන් නිතරම වගේ මුණ ගැසුනා.කථා බහ කලා..ඔවුන්ගේ ආදරයට ජාති බේද බාදාවක් උනේ නෑ.අවුරුද්දක් පමණ ගෙවුනා.චාරුනිගේ ගෙදරට මේ සම්බන්දේ ගැන ටික ටික ආරංචි උනා.
දිනක් ඔවුන් දෙදෙනා කථා කර කර ඉද්දි චාරුනිගේ තාත්තා එතැනට ආවා.ඒ වෙලාවෙ නම් චාරුණි ගොඩක් බය උනා.තාත්තා ඇවිත් චාරුනිගේ කම්මුලට පාරක් ගසා ඇන්ටනිටත් ගසා චාරුනිව ඇදගෙන ගොස් මෝටර් රථයට නග්ගවාගෙන ගියා.ඇන්ටනිට සිතා ගැනිමට නොහැකි උනා මොකක්ද උනේ කියලා.ඔහු ටික වෙලාවක් එතැන රැදි ගෙදර ගියා.ඔහුටත් දුකයි.
චාරුනිගේ තාත්තා ඇයට ගොඩක් ආදරෙයි.තාත්තා ඇයගෙන් ඇන්ටනි පිලිබද සියළු විස්තර ඇසුවා.ඔහුට තරහා ගියා ඇන්ටන් දෙමල කියලා දැන ගත්තම.ටික දවසක් ඇයව පාසැල් නොයවා ගෙදර තියා ගත්තා.ඒ මොන දේ උනත් ඒ දෙන්නාගේ හිත් වල තිබුන ආදරේ නම් අඩු උනේ නෑ.චාරුනිටත් ඇන්ටනිටත් දෙන්නට දෙන්නා නැතිව බැරි උනා.ඒ දෙන්නම දැනගෙන උන්නා මේ ප්‍රශ්නෙට මූණ දෙන්න තියෙනවා කියලා.
                               ටික දිනක් ගතවුනා.චාරුනිට නැවතත් පාසැල් යන්න වරම් උදා උනා.එදින චාරුනි සරෝජනි අතේ පනිවිඩයක් යැවුවා ඇන්ටනිට පසුවදාට වහාම ඇයව මුන ගැසෙන්න කියා.සරෝජනි ඒ බව ඇන්ටනිට කිවුවා.
                                               චාරුනි එදින පාසැල් ඇදුමින් ගෙදරින් ආවත් ඇය පාසැල් ගියෙ නෑ. කලින් දින සරෝජනිට කිවු පරිදි ඇන්ටනි ඇවිත් උන්නා.චාරුනිට උවමනා වුනේ ඇගේ දුක ඇන්ටනිට කියන්නයි.චාරුනියි ඇන්ටනියි බස් රථයකට නැග ඇන්ටනිගේ ගෙදරට ගියා.ඇන්ටනිගේ හිතේ තිබුනෙ හරිම පිරිසිදු ආදරයක්.චාරුනිට නරකක් කරන්න ඒ හිතේ කොතැනකවත් අදහසක් තිබුනෙ නෑ.එදින ඇන්ටනිලගේ ගෙදර කිසිවෙක් උන්නෙ නෑ.තාත්තා වැඩට ගිහින් අම්මත් එලියට ගිහින්.සරෝජනිත් ඉස්කෝලේ ගිහින්.ගෙදර උන්නේ ඇන්ටනියි චාරුනියි විතරයි.චාරුනිලාගේ ගෙවල් වගේ සැප සම්පත් වලින් පිරුන ගෙයක් නෙමෙයි ඒක..ඒත් චාරුනිගේ ආදරේට ඒ එකක්වත් භාදාවක් උනේ නෑ.චාරුනි ඇන්ටනි ලඟ අඬා වැලපුනා ඇයට ගෙදර යන්න බෑ කියලා.ඒත් ඇන්ටනිට පුළුවන් කමක් තිබුනෙ නෑ ඇයව ගෙදර නවත්වා ගන්න.මොකද ඒ වෙද්දිත් ඇන්ටනිට රැකියාවක් තිබුනෙ නෑ.ඇන්ටනි ටික දවසක් ඇගෙන් ඉල්ලුවා.ඇන්ටනිලාගේ ගෙදරින් මේ සම්බන්දෙට අකමැති වෙන්නෙ නෑ කියලා ඇන්ටනි දන්නවා.ඇන්ටනිගේ අම්මා හරි අහිංසක කෙනෙක්.තාත්තා උනත් එහෙමයි වැඩි කථා බහක් නෑ.ඒ උනත් මේ තත්ත්වෙන් චාරුනිව ගෙදර තියා ගන්න බෑ....
                                  ඇන්ටනි චාරුනිට කිවුවා රැකියාවක් සොයා ගන්නකන් වත් ඉවසන්න කියලා.එදින ඇගේ හිත හදලා හදලා ඇයව ගෙදර යැවුවා.ඇන්ටනි දහ අතේ කල්පනා කලා මොකද කරන්නෙ කියලා..ඇයව ඔහුට ඕනේ.ඇයට පණටත් වඩා ආදරෙයි.කොටින්ම කිවුවොත් ඇයත් සමඟ සම්බන්දෙ පටන් ගත්තායින් පසුව ඔහු පරන පුරුදු සියල්ලක්ම නැවැත්තුවා..යාළුවෝ එක්ක මත්පැන් පානය කරන එක,රස්තියාදු ගසන එක.එහෙත් ඔහුට රැකියාවක් සොයා ගැනිමට කලින් උවමනා උනේ නෑ.එහෙත් දැන් නම් කොහෙන් හෝ රැකියාවක් සොයා ගත යුතුමයි.    

ඇන්ටනිට රැකියාවක් ලැබෙයිද..? ඇන්ටනි චාරුනිව එක්කාගෙන යයිද..?
තාරුකා 2 කොටසින් බලාපොරොත්තු වන්න....

( තාරුකාගේ කථාව එක කොටසින් ඉවර කරන්න හිතුවත් ලියාගෙන යද්දි දිග වැඩි උනා වගේ..ඒ නිසා කොටස් තුනකින් ඉදිරිපත් කරන්නම්...)



--------------------------------------------------------------------------------


14 comments:

  1. කතාව නම් හුගක් ලස්සන‍‍ට ලියලා තියනවා නිෂ්.ඇත්තම ආදර කතාවක් කියලත් කිව්වනේ....හැබැයි ඉතුරු ටිකත් තිබුනා නම් කියලා හිතුනා.ඔන්න දැන් අනිත් කොටස් ටිකත් ඉක්මන‍ටම කියවන්න නම් ඕනා නිෂ්....

    කතාවේ ඉතිරි කොටස් ටිකත් ලස්සනටම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. මේක ආදර කථාවක් නෙමෙයි සිතිවිලි..මේක අහිංසක ගෑනු ළමයෙක්ගේ ජිවිත කථාවක්..අසාදාරනකම් කොච්චර උනත් ජිවිතය ජයගත් කෙනෙක් ගැන..කොටස් 3ම කියවපුවම තේරෙයි ඔයාලට..ඔයාගේ ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තුතියි යාළු............

      Delete
    2. හ්ම්...ආදරේ ගැන ලියවුනු නිසයි ආදර කතාවක් කියලා හිතුවේ....එහෙනම් ඉතුරු ටිකත් කියවලම බලන්නම්කෝ....

      Delete
  2. ඉක්මනට ලියන්නකෝ ඉතුරු ටිකත්. ජය වේවා ...

    ReplyDelete
    Replies
    1. ලියනවෝ.... තැන්කු හොදේ....:))

      Delete
  3. ඇත්තම කතාවක් කිව්වම පොඩි කික් එකක් ආවා ,දෙවන කොටසත් බලාපොරොත්තුවෙමි

    ReplyDelete
    Replies
    1. දෙවන කොටසත් ඉක්මනින්ම දානවා...ස්තුතියි මේ පැත්තටත් ආවාට...

      Delete
  4. ඇත්තටම කතාව ලස්සනයි.ඉතුරු කොටසත් ඉක්මනට ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන් ඉක්මනින් දාන්නම් ඊලඟ කොටසත්..

      Delete
  5. කතාව හුගක් ලස්සනයි...ඉතිරියත් කියවන්න එන්නම් හොදේ..ආදර කතාවකට වඩා එකේ වෙනස් කතාවක් තියනනවා..
    ජය..!!!

    ReplyDelete
  6. කථාවෙ හොදම හරියෙන් නැවැත්තුවෙ කුතුහලයක් තියන්නද? කොහොම නමුත් ලස්සන කථාවක් වෙයි ඉතුරුටිකත් ඉක්මනට ලියන්න නිෂ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින ඉක්මනින් ඊලඟ කොටසත් දානවා..

      Delete
  7. ඊළඟ කොටසත් කියවමුකෝ

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ