ඉතින් කොහේ හරි යන්න ඕනා උනාම අන්තීම මොහොතේ තමයි ලෑස්ති වෙන්නෙ.ඉතින් අම්මගෙන් බැනුම් අහගෙන තමයි නැගිටලා ලෑස්ති වෙන්නේ..
ඉතින් මේ සිද්ධිය දැන් ටිකක් කල්.මට සම්මුඛ පරික්ෂනයක් තිබුනා උදේ 8ට.ඊට කලින් දා රෑ මන් එලාර්ම් එක උදේ 6ට තියලා නිදා ගත්තා.ඔන්න එලාර්ම් එක වැදුනා.මන් නැගිටලා ඒක ඕෆ් කරලා ආයේ 6.15 තිබ්බා.ඒකත් වැදුනම ආයේ 6.30ට තිබ්බා.මේ රටවල් වල බස් නම් විනාඩි 5න් 5ට වගේ තියෙනවා.ඉතින් මගේ ගමනට බස් රථ දෙකක යන්න ඕනේ.විනාඩි 20 ගමනක්.
ඉතින් 6.30 එලාර්ම් එකත් වැදුනා.දැන් නම් මන් නැගිට්ට.පැය 1/2න් ලෑස්ති උනා.කලින් දවසේ ඇඳුම් එහෙම අයන් කරලා තිබුන නිසා අවුලක් උනේ නෑ.දැන් ලෑස්ති වෙලා අම්මටත් කියලා එලියට ආව.බස් හෝල්ට් එක අපේ ගෙවල් හරියෙමයි.ඉතින් එතනට ගිහින් විනාඩි 4න් බස් එක ආවා.ෂිට් එකකුත් හම්බුනා මන් ඉදගෙන ගියා.ඒ බස් එකේ ගිහින් බහින්න ඕනේ ඒ බස් එක ගිහින් නවතින අන්තිම හෝල්ට් එකේ.එතනින් තමයි අනිත් බස් එක ගන්න ඕනේ.ඔන්න මන් ගිය බස් එක ගිහින් අන්තිම හෝල්ට් එකට කලින් හෝල්ට් එකේ නැවැත්තුවා.ඒ පාර බස් එකේ ඩ්රයිවර් කෑ ගහනවා මෙතනින් එහාට බස් එක යන්නෙ නෑ කියලා..
මදැයි දැන් ඉතින් බැහැපන්කො...මාත් බැහැලා ඊලඟ හෝල්ට් එකට පයින් ආවා.මේ රටවල් වල ලංකාවේ බස් වගේ තැන් තැන් වල සෙනඟ උන්නා කියලා නවත්තන්නෙ නෑ.ඒ වගෙම එක හෝල්ට් එකක ඉඳලා අනිත් එකට යන්න මහා දුරකුත් නෑ.හැම හෝල්ට් එකකම එක බස් එකක් ගියාම ඊලඟ බස් එක එන්නෙ කොච්චර වෙලාවකින්ද කියලා මිනිත්තු ගානත් දාලා තියෙනවා.ඔන්න මාත් දැන් පාරෙන් මාරු වෙලා අනිත් හෝල්ට් එකට යන්න ආවා. ඊලඟ බස් එක ගන්න.ඒත් එක බස් එකක්වත් පේන තෙක් මානෙකවත් නෑ.යන්කෝ බලන්න ගියා හෝල්ට් එකට.බස් එකේ නම්බර් එක දාලා ඒත් වෙලාව දාලා නෑ.විනාඩි 10ක් විතර උන්නා ඒත් නෑ..දැන් 7.30 වෙලාව.තව පැය 1/2 යන්නත් ඕනේ.
මන් පයින් ආවා හෝල්ට් 3,4ක් පහු කරන් ඒත් නෑ.වෙලාවක් දාලත් නෑ..ටික දුරක් ආවා..මෙන්න බොලේ රේස් එකක්..වාහනත් නෑ.කෙල්ලන්ගෙ රේස් එකක්..අයියෝ ඒ නිසා තමයි බස් නැත්තේ
දැන් ඉතින් මොනා කරන්නද පයින් යන්න වෙලාවත් මදි.සම්මුක පරික්ෂනේට යන්නත් එපැයි.ඕන දෙයක් කියලා පයින් ආවා.8ත් පහුවෙලා.මේ රටවල් වල වෙලාවක් කිවුවොත් ඒ වෙලාවටම යන්න ඕනේ.ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ.කොහොම හරි මන් අදාල ස්ථානයට පයින්ම ගියා.විනාඩි 35ක් ප්රමාදයි.ගිහින් බෙල් එක ගැහුවා..දොර ඇරියා..මන් ඇතුලට ගියා..
පරික්ෂක- නම මොකක්ද?
මම- නිෂ්
පරික්ෂක-නිෂ් මොකද පරක්කු දන්නවනේ වෙලාවට සම්මුඛ පරික්ශන වලට ඉන්න ඕනෙ කියලා දැන් ඔයා පැය 1/2 ප්රමාදයි
මම- සමාවෙන්න සර් අද බස් තිබුනෙ නෑ.මන් ^%% ඉදලා පයින් ආවේ..
පරික්ෂක-හරි වාඩිවෙන්න
අවුලක් උනේ නෑ වැඩේ ගොඩ..අම්මේ මගේ වෙලාවට.
ඒත් එදායින් පස්සේ මම හිතා ගත්තා කොහේ හරි යන්න තියෙනව නම් අඩුම තරමේ පැය 2කට කලින් වත් ගෙදරින් එන්න ඕනා කියලා..එදා ගෙදර ගිහින් අම්මගෙන් බැනුම් කෝටියයි..මන් මට නෙමේ වගේ උන්නා..ඇයි මගෙනෙ වැරුද්ද...
ඔන්න ඔහොමයි මන් සම්මුඛ පරික්ෂනේට ගියේ.....
හේ හේ කොහොමහරි අන්තිමට වැඩේ ගොඩනේ. ඔන්න හොඳ පාඩම්
ReplyDeleteඔව් අෆ්ෆා එදායින් පස්සේ කලින්ම යනවා..
Deleteලංකාව හොදයි වගේ :P
ReplyDeleteඒ මොකෝ ඒ...o.O
Deleteඔය වගේ වෙලාවට කලාවට වැඩ නැති උනත් අපේ උන් කොහෙන් හරි අස්සකින් මුල්ලකින් හරි දාලා යනවනේ කියපු වෙලාවට බැරි උනත් ටිකක් පරක්කු වෙලා හරි. හැම තැනම නවත්තන හින්දා හෝල්ට් හොයාගෙන පයින් බඩ ගන්නත් ඕන නෑ නේ :P
Delete:D :P
Deleteඔන්න මාත් මේ පැත්තේ ආවා..හපෝ..මටත් ඔය එලං තියන වැඩේ නම් කරන්න වෙනවා පැයැ ගානකට කලින් ඉඩන්....පරක්කු වෙලා හරි වැඩේ හරි ගියා නම හොදයි..අනිත් දවසේවත් වේලාසන යන්න බලන්න...ඔය කිව්වට මාත් අන්තිම මොහොතෙ තමයි දුවන්නේ...;)
ReplyDeleteදිගටම ලියමු..ඔන්න අපිත් එනෝ...ජය...!!!
හි හි හැමෝටම වෙන සිද්ධියක්නෙ බලන් ගියාම
ReplyDeleteබොහෝම ස්තුතියි හිරු මේ පැත්තටත් ගොඩ උනාට...:)
ලංකාවේ ඔහොම වුණා නම් ත්රීවීල් එකකට කිව්වා නම් මිනිහා හරි වෙලාවට එක්කගෙන ගිහින් :D
ReplyDeleteඒකනේ ඒත් ඉතාලියේ ත්රිවිලර් නෑනේ..ටැක්සියක ගියොත් බර ගානක් දෙන්න වෙනවා...
Deleteමං හිතන්නේ ඔයා ඉන්නේ ඉතාලියේ.. ඕන එකක් දිගටම ලියන්න.. එහෙම කිව්වට මට ලියන්නත් වෙලාවක් නෑ, මගේ බ්ලොග් එක වේලෙනවා මේ ටිකේ
ReplyDeleteස්තුතියි සහෝ මේ පැත්තටත් ආවාට..
Delete