Monday, May 28, 2012

තාරුකා...3




තාරුකා 1 කොටස..
තාරුකා 2 කොටස...


සීයා අසනිප උනාට පස්සෙ  කවිඳු  ගැනත් තාරුකා ගැනත් හොයලා බලන්න කවුරුත් උන්නෙ නෑ.චාරුනි නැවත ලංකාවට පැමින තාරුකාවත්  කවිඳු වත් ඔවුන්ගේ පාසලේ නේවාසිකාගාර වල නැවැත්තුවා.ඒ වෙන කොට ළමයි දෙදෙනාම යමක් කමක් තේරෙන වයසේ උන්නෙ..ඒ නිසා චාරුනි පියල් ගැන දරුවන්ට කිවුවා..මුලදි ඔවුන් අකමැති උනත් පසුව තම මව ගැන හිතා ඔවුන් චාරුනිගේ තිරනයට එකඟ උනා.
චාරුනිගේ පියා අසනිපෙන් නිසා චාරුනිගේ පොඩි මල්ලි පියාව භාර ගත්තා.චාරුනි නැවත පිටරට ගියා.
පියලුයි චාරුනියි එහිදි විවාහ උනා...

ටික කාලයක් යද්දි පියල්ගෙන් චාරුනිට දරුවෙක් ලැබෙන්න උන්නා..පියල් කැමති උනේ තමන්ගේම දරුවෙකුට.ඉතින් චාරුනිත් පියලුත් ආශාවෙන් බලන් උන්නා ඒ දරුවා ලැබෙනකන්..චාරුනිට දරුවා ලැබුනා.ඒ දරුවා ගෑනු ලමයෙක් ඔවුන් ඇයට අමා කියලා නම තිබ්බා..ඒ වෙද්දි  කවිඳුවයි තාරුකාවයි චාරුනි ඉන්න රටට ගැනිමට සියළුම ලියකියවිලි බාර දිලයි තිබුනේ...

ටික කාලයකට පසු  කවිඳුගෙයි තාරුකාගෙයි රට යන ගමනත් හරි ගියා.ඒ වෙන කොට ෂෙහාන් සා/පෙ පංතියෙ උන්නෙ.විභාගය ඉවර වෙන කන් ලංකාවේ ඉඳලා තාරුකායි  කවිඳුයි ඔවුන්ගේ අම්මා ඒ කියන්නෙ චාරුනි ලඟට ගියා..

මුලදි පියල්  කවිඳුටයි තාරුකාටයි ආදරෙන් උන්නත් පස්සෙ ඒක ටිකෙන් ටික අඩු උනා..පියල් ඔවුන් දෙදෙනාට කරදර කරන්න පටන් ගත්තා.ඒ මොන දේ උනත් එක බඩවැල කපා ආපු ඔවුන්ගෙ නංගි අමාට තාරුකාත්  කවිඳුත් වෙනස් කමක් කරේ නෑ.චාරුනිත් පියලුත් වැඩට ගියාම අමා උන්නේ  කවිඳුයි තාරුකායි ලඟ..ටික දවසකින් තාරුකාව ඒ රටේ පාසැලකට දැම්මා..තාරුකා ඉගෙනිමට දක්ෂයි. කවිඳුව වෙනත් පාඨමාලාවකට යොමු කරා.

ටික කාලයක් ගත වුනා.පියල්ගෙන් එන කරදර එන්න එන්නම වැඩියි..චාරුනි ආයෙත් අසරන උනා.චාරුනි කල්පනා කලා මේකට කරන්න ඕනෙ මොකක්ද කියලා..චාරුනි බය උනා තමන් ට තමන්ගේ බාප්පගෙන් සිදුවුන දේ පියල්ගෙන් තාරුකාට වෙයි කියලා.තාරුකාගේත්  කවිඳුගෙත් හිතේ පියල් ගැන තරහවක් තිබුනා...ඒ පියල්ගෙන් වෙන කරදර නිසා..අවසානයේ චාරුනි තීරණයකට එනවා.. කවිඳු  පිරිමි දරුවෙක් නිසා ඔහුට සමාජය ගැන ටිකක් හෝ තේරෙන නිසා ඔහුව ඒ රටේම තියා ගෙන ඔහුට රැකියාවක් සොයා දි ඔහුව වෙනත් කාමරයක නැවැත්තුවා..

තාරුකාව නැවත ලංකාවට යවන්න තිරණය කරනවා..චාරුනි තාරුකාවත් අමාවත් රැගෙන ටික දවසකට ලංකාවට යනවා..මොන දේ උනත්  කවිඳු ටත් තාරුකාටත් මෙන් අමාගේ පියාව අමාට නැති කරන්න චාරුනිට හිත දෙන්නෙ නෑ..තමන්ගේ පවුල රැක ගන්න ඕනා නිසාත් තාරුකාගේ අනාගතය ලස්සන කරන්න ඕනා නිසාත් තමයි චාරුනි එහෙම තිරණයකට පැමිනෙන්නෙ.ලංකාවට ගොස් චාරුනි තාරුකාව කන්‍යා සොයුරියන් සිටින කන්‍යාරාමයක තාරුකාව නවත්තනවා.නැවත තාරුකා ඉස්කෝලේ ගමන ආරම්භ කරනවා..
පසුව චාරුනි අමාත් රැගෙන නැවත පියල් ලඟට පැමිනුනා.පියල් ඉන්පසු සෑහෙන්න වෙනස් වුනා.මේ වෙනකන් චාරුනිට අතක් වත් නොඉස්සපු පියල් පොඩි දේටත් චාරුනිට ගහන්න පටන් ගත්තා..චාරුනි ඉවසුවා ගොඩක් ඉවසුවා.ඒ අමා ගැන හිතලා..

තාරුකා පාසැල් වැඩ ඉතාමත් අශාවෙන් කරගෙන ගියා.ඇය ඉතාමත් කිකරු දරුවෙක් නිසා කන්‍යා සොයුරියන් පවා ඇයට ආදරය කරා.ඇය හැමෝගෙම හිත දිනා ජිවත් උනා...තමන්ගේ අම්මාත් අයියත් නැතිව සිටිම දුකක් උනත් ඇය ඒ ගැන නොසිතා ඉගෙන ගත්තා..
කාලේ ගෙවුනා...සා/පෙල හොඳින් සමත් වු තාරුකා විශ්ව විද්‍යාලයට යෑමට තරම් ලකුණු නොගත්තත් උ/පෙල සමත් උනා.

මේ වෙද්දි ඇය ප්‍රාථමික පාසැල් ගුරුවරියක්..ලස්සන තරුණියක්..ඇගේ ආච්චි අම්මා ඒ කියන්නේ චාරුනිගේ මවත් ඇය සමඟ චාරුනි කලකට පෙර මිලදි ගත් නිවසේ පදිංචි වෙලා සිටිනවා..මේ වන විට තාරුකාට විවාහ යෝජනා රැසක් ආවත් ඇය නම් කියන්නේ තමන් අම්මගේ ජිවිතෙන් පාඩමක් ඉගෙන ගත්තා කියලයි..ඒත් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ තාරුකාට චාරුනිට අත් වුන ඉරනම අත් වෙන්න එපා කියලා..

මේ වන විටත් චාරුනි පියල් සමඟයි ඉන්නේ ඒ අමා නිසා..තවටත් චාරුනි දුක් විදිනවා..තාරුකා නිතරම කියනවා අම්මාට ලංකාවට එන්න කියලා.ඒත් අමා පියල්ට ගොඩක් ආදරෙයි පියල් පවා එහෙමයි.ඒ නිසා ඇය ඉවසගෙන පියල් සමඟ ජිවත් වෙනවා..
කවිඳුත් දැන් සල්ලි යහමින් තියෙන තරුණයෙක්.ලඟදිම ලංකාවට එනවා විවාහ වෙන්න..
-----------------------------------------------------------------
ප/ලි =

  • දැන් කට්ටිය හිතනවා ඇති මේ මගේ ජිවිත කථාව කියලා..නෑ මේ මම දන්න කියන කෙනෙක්..

  • ජිවිත කථාවක් මේ තරමට පොඩියට ලියන්න බෑ..දිග වැඩි නිසා ප්‍රධාන තැන් පමනයි ලිවුවේ..

  • මේ කථාවෙ තාරුකාට වඩා චාරුනි ගැන සඳහන් උනත් තාරුකා ජිවිතේ ජයගත් තරුනියක් නිසයි මන් මේ කථාවට තාරුකා කියලා නම දැම්මේ.

  • තාරුකාගේ කථාවේ චාරුනි දිගටම තාරුකාව තමන් ලඟ තියා ගත්තා නම් ඇගේ කථාව මේ විදියට නෙමෙයි අවසන් වෙන්නෙ..

  • මේ කථාව ලියන්න හිතුනේ  අපි අතර ගොඩක් දෙනෙක් ඉන්නවා මේ වගේ අසරන උන..මේ කථාවෙන් පුංචි දෙයක් හරි තමන්ගේ ජිවිතයට ගත්තා නම් මම සාර්ථකයි..

  • අපේ ජිවිත වල අපි ගන්න සුළු සුළු තීරණ නිසා අපේ මුළු ජිවිතේම අඳුරු වෙන්න පුළුවන්..
මේ කථාවෙ ඉන්න සියළුම දෙනා අදටත් ජිවත් වෙනවා.කථාව ඇත්ත උනත් නම් ගම් වෙනස් කරා..මේ කථාව නිසා ඔවුන්ට කිසිම හානියක් නොවෙයි කියලා මන් බලාපොරොත්තු වෙනවා..

මාත් සමඟ රැදි සිටි ඔබ සැමට ස්තුතියි...


15 comments:

  1. Replies
    1. ඔව් රොබින් මේක මන් කෙටියෙන් ලිවුවේ...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මමත් මීට වැඩිය කථාව වෙනස් වෙයි කියල හිතුවෙ...කොහොම නමුත් අහිංසක ජීවිත ටිකක් ඇත්තම කථාවක්නෙ..ආයෙමත් මේ වගේ ලස්සන කථාවක් ලියන්න ඔබට සුභ පැතුම් යාළුවේ.. ජය වේවා

      Delete
    2. ස්තුතියි යාළු...

      Delete
  3. හිතුවට වඩා ගොඩක් වෙනස් විදිහකට කතාව නම් ඉවරවුනේ නිෂ්...ඒත් ගොඩක් ලස්සනට ඔයා කතාව ගොතාගෙන ආවා නිෂ්.ඔයා කිව්වා වගේම තාරුකා කියන්නේ නම් ධෛර්යවත් කෙනෙක් තමයි....

    ඇත්තටම ඔයා සාර්ථකයි නිෂ් මොකද මම හිතන්නේ ජිවිතයට ගන්න ගොඩක් දේවල් තිබුනා කතාවේ....

    ReplyDelete
  4. මේවට වගකියන්න ඕන චාරුණි මොකද එදා දෙමව්පියන්ගේ කීම නහා පෙම්වතා එක්ක ගිහින් තමාගේ විතරක් නෙවේ තවත් ජීවිත දෙකක් නිකන්ම ළමා කාලේ ගෙවුනා දෙමාපිය රැකවරණයක් නැතිව.

    ReplyDelete
  5. හික්ස් මරු කතාව, බූඩි නම් ඔක්කොටම වඩා ආස පලි කොටස කියවන්න :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා...

      Delete
  6. අයියූ.... මං එනකොට ඉවරද?

    සුභ වේවා!! රාජ සම්පත් ලැබෙවා!!!

    ReplyDelete
  7. අළුත් බ්ලොග් එකක්.....
    පෝස්ට් ගොඩකුත් ලියවෙලා කෙටි කලකින්.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශ් මේ පැත්තටත් ආවාට...

      Delete
  8. අර මම කලින් කිව්වා වගේ තමන්ගේ දෙමාපියන්ට දුක් දෙන අයට "දිට්ඨ ධම්මවේදනීයව" පල දෙනවානේ

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ