Saturday, May 26, 2012

තාරුකා...2




තාරුකාගේ කථාවේ 1 කොටසට මෙතැනින් යන්න...තාරුකා..1 .


ඇන්ටනි රෑ දවල් නැතිව රැකියාවක් සොයනවා.දැන් දින හතරක් ගෙවුනා.චාරුණි ඇන්ටනිගෙන් පනිවිඩයක් බලාගෙන ඉන්නවා.ඇන්ටනිට අධ්‍යාපන සුදුසුකම් නැති නිසා රැකියාවක් සොයා ගැනිමට අපහසුයි.අවසානයේ ඔහුට රැකියාවක් ලැබෙනවා.ඒ මිතුරෙකුගේ ගරාජයක..උන්නු හැටියට මේකත් හොඳයි කියලා ඇන්ටනි  දවසේ පඩියට රැකියාව කරන්න පටන් ගන්නවා.
                   සති දෙකක් ගත උනා.ඇන්ටනිගේ අතේ මුදල් ටිකක් තියෙනවා ඇන්ටනි චාරුනිට පනිවිඩයක් යවනවා.පසුවෙනිද එනවා කියා.චාරුනිත් ඇදුම් පැලදුම් දෙකතුනකුත් පාසැල් බෑගයේ දමා ගෙන එදින පාසැල් එනවා.බස් නැවතුමේ ඇන්ටනිව චාරුනි දකිනවා.බස් රථයෙන් බැස ඇන්ටනිත් සමඟ වෙනින් බසයක නැඟ ඇන්ටනිලගේ ගෙදර යනවා.ඒ වෙද්දි ඇන්ටනි තම දෙමාපියන්ව දැනුවත් කරලා තිබුනේ.චාරුනිව ඒ දෙමාපියන් ආදරෙන් පිලිගත්තා.
ටික දිනක් ගෙවුනා.ඔවුන් දෙපල සතුටින් ආදරෙන් උන්නා.චාරුනිගේ තාත්තලත් චාරුනිව හොයලා හොයලා බැරිම තැන හිත හදා ගත්තා.ඔය අතර තුර චාරුනිට දරුවෙක් ලැබෙන්න ආවා.එතකොට චාරුනිට යන්තම් දහ අට ලැබුවා විතරයි.මේ වෙලාවේ හැටියට අමාරුකම් තිබුනත් ඔවුන් ඒ දරුවව හදා ගන්න තීරණය කලා..ඔවුන්ට ලැබුනා ලස්සන පුතෙක්..ඔවුන් දරුවට කවිඳු කියලා නම තිබ්බා..ඒ අතර තුර ඇන්ටනිට පිටරට යන්න මාර්ගයක් උදා උනා.ටික ටික චාරුනිගේ දෙමාපියනුත් කථා කරන්න ගත්තා..

මොන දේ උනත් ඇන්ටනි චාරුනිලගේ දෙමාපියන්ගෙන් උදවු බලාපොරොත්තු උනේ නෑ.දරුවෙකුත් ඉන්න නිසා වෙනදා වගේ නෙමෙයි.වියදම් වැඩියි.ඒ නිසා ඇන්ටනි රට යන්න තිරණය කලා. කවිඳු ට ඒ වෙද්දි අවුරුද්දක්.ඇන්ටනි රට ගියා.ඇන්ටනිගේ තාත්තයි අම්මයි දවාලෙට නිවසේ නැති නිසා චාරුනියි දරුවයි තනියම.සරෝජනි ඒ වෙද්දි රැකියාවකට වෙනත් ප්‍රදේශයකට ගිහින් තිබුනා.ඒ නිසා චාරුනිවයි දරුවා වයි චාරුනිගේ පුංචි අම්මා ඒ කියන්නෙ චාරුනිගේ අම්මගේ නංගි එයාගේ ගෙදර එක්කන් ගියා.
පුංචි අම්මට දරුවෝ නෑ.බාප්පයි පුංචයි විතරයි ඒ ගෙදර උන්නෙ.බාප්පා තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන ගියා.ඇන්ටනිත් චාරුනිට සතියට දෙතුන් පාරක් පමණ කථා කරනවා.වියදමට සල්ලිත් එවනවා.

දිනක් පුංචි අම්මා හදිසියකට එලියට ගියා.එදින බාප්පයි චාරුණියි දරුවයි විතරයි ගෙදර උන්නේ.එදින කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ උනා.චාරුණිගේ බාප්පා අතින් චාරුණි අනාථ උනා.ඒ චාරුණිගේ කැමැත්තතෙන් නෙමෙයි.එදින චාරුනි නැවත දරුවත් රැගෙන ඇන්ටනිගේ ගෙදර ගියා.ඇන්ටනිට සියළුම විස්තරේ කිවුවා.ඉන් පසුව ඇන්ටනි හදිසි නිවාඩුවක් ඉල්ලලා ලංකාවට ආවා.ටික දවසක් යද්දි චාරුනිට නැවතත් දරුවෙක් ලැබෙන්න.ඇන්ටනිත් චාරුනිත් හොඳටම දන්නවා මේ ලැබෙන්න යන දරුවා ඇන්ටනිගෙ නෙමෙයි කියලා.අනිත් හැමෝම හිතුවේ ඒ ඇන්ටනිගේ දරුවෙක් කියලා.ඒත් ඇන්ටනි ඒ දරුවා වත් භාර ගන්නවා.
චාරුනිට දරුවා ලැබෙන්න කලින් නැවත ඇන්ටනි රට යනවා.ඒ චාරුනිවත් ළමයි දෙන්නවත් ඒ රටට ගන්නවා කියලා පොරොන්දු වෙලා....

ටික දවසකින් චාරුනිට දෙවනි දරුවත් ලැබුනා.ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩක්.ඇයගේ උප්පැන්නේ පියාගේ නමට ඇන්ටනිගේ නම ඇතුල් කරා.චාරුනි ඇයට තාරුකා කියලා නම තිබ්බා..චාරුනියි දරුවො දෙන්නයි උන්නෙ ඇන්ටනිගේ ගෙදර..ඔය අතර තුර ඇන්ටනි චාරුනිට දුරකථන ඇමතුම් දෙන එක එන්න එන්නම අඩු උනා...වියදමට සල්ලි එවුවෙත් නෑ..ආයේ චාරුණි අසරන උනා.ඇයට පිහිට වෙන්න කවුරුත් නෑ.ඇන්ටනිගේ දෙමාපියනුත් වයසයි.රැකියා කරන්නෙත් නෑ.සරෝජනි තමයි ඒ දෙන්නවත් බලා ගත්තේ.ඒත් චාරුනිටයි දරුවො දෙන්නටයි වියදම් කරන්න තරම් වැටුපක් ඇයට ලැබුනේ නෑ..අවසානයේ චාරුනි දරුවොත් රැගෙන ඇගේ පියාගේ නිවසට ගියා.ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලි විවාහ වෙලා ඔහුගේ බිරිඳගේ නිවසේ පදිංචි වෙලා.පොඩි මල්ලියි තාත්තයි විතරයි උන්නේ.අම්මා රට...
කාලේ ගෙවිගෙන ගියා.ඇන්ටනිගෙන් ඇමතුම් නැත්තටම නෑ.දරුවොත් ලොකුයි.වියදමුත් වැඩියි.බැරිම තැන චාරුනිත් රට යන්න තිරණය කලා.පසුව චාරුනිගේ අම්මට තම අදහස කිවුවා.චාරුනිට රට යන්න සියළුම දේ අම්මා ලැහැස්ති කරා. කවිඳු  චාරුනිගේ තාත්තා ලඟත් තාරුකා චාරුනිගේ ලොකු මල්ලි භාර ගන්නත් කැමති උනා.ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලිටත් දරුවො උන්නෙ නෑ.චාරුනි ඇගේ අම්මා ලඟට ගියා.ඒ කියන්නේ පිට රට.
ලොකු මල්ලිගේ බිරිද තාරුකා ව ආදරෙන් බලා ගත්තා. කවිඳු ත් දැන් ඉස්කොලෙ යනවා තාරුකා පෙර පාසැලේ.චාරුනිත් රට රැකිවක් කරලා හැම මාසෙම වියදම් එවනවා..ඒ අතරතුර ඇන්ටනිගේ වෙන සම්බන්දයක් ගැන චාරුනිට ආරංචි වෙනවා.පසුව ඇය ලංකාවට පැමිණ දික්කසාද නඩු දමනවා.
                                                දෙදෙනාගේම කැමැත්ත මත ඒ දෙදෙනාට දික්කසාදය ලැබෙනවා.ඇන්ටනි දරුවන්ට නඩත්තු මුදල් දීමට එකඟ වුනත් චාරුනි එය ප්‍රතික්ෂේප කලා.පසුව නැවතත් චාරුනි රට රැකියාව සඳහා පිටත් වුනා.


චාරුනි තවම තරුනයි ලස්සනයි හැමෝම කිවුවා ඇයට තව කසාදයක් කර ගන්න කියලා..ඇය එයට කැමති වුනේ නෑ.ඇය රැකියාව කර එකතු කර ගත් මුදල් වලින් ගෙයක් ගත්තා..ඒ වෙද්දි චාරුකාගේ ලොකු මල්ලිගෙ බිරිඳට දරුවෙක් ලැබිලා..තාරුකාට වෙනස් කම් කරන්න පටන් ගන්නවා.ඒ වෙද්දි තාරුකා හතරෙ පංතියේ.තාරුකාට එතැන ඉන්නම බැරි තත්ත්වයක් උදා උනා.පසුව ඇය චාරුනිට ඒ බව පැවසුවා.පසුව චාරුනි තාරුකා වත් සියා ලඟ නැවැත්තුවා. කවිඳුත් තාරුකාත් එකට පාසැල් ගියා..ඒ වෙද්දි චාරුනිගේ ලොකු මල්ලිත් විවාහ විමටයි සිටියේ....

ටික කලක් ගෙවුනා.චාරුනිට තමන් ඉන්න රටේ සිටින තවත් ලාංකිකයෙක් මුන ගැසුනා.ඔහු පියල්.ටික කාලයක් ආශ්‍රය කරද්දි ඒ දෙදෙනා පෙම්වතුන් උනා.ඒ වෙන කොට පියල් චාරුනි පිළිබද සියළු දේ දැනගෙන උන්නෙ.(තම බාප්පාගෙන් චාරුනි අනාථ උන බව හැර)පියල් ඇයව භාර ගන්න කැමති උනා.ඇය තමන්ගේ දරුවො දෙන්නට පණටත් වඩා ආදරේ කලා.ඔවුන් ගැන හිතලයි නැවත කසාද බදින්නත් හිතුවේ.චාරුනිගේ පොඩි මල්ලිත් විවාහ වුනා.ඔහුත් ඔහුගේ බිරිඳත් වෙනම පදිංචියට ගියා..
    දැන් තාරුකායි  කවිඳු යි සියයි විතරයි ගෙදර උන්නෙ.ඒ අතර තුර  තාරුකා වැඩිවියට පැමිනුනා.ඒත් සමඟම වාගේ තාරුකාලගේ සියා අසනිප උනා..


තාරුකාටත් කවිඳුටත් ඊලඟට මොකද වෙන්නේ...?
තාරුකා 3 වන කොටසින් බලාපොරොත්තු වන්න..


14 comments:

  1. ඔන්න මමයි අද එක... ලස්සනයි කථාව දිගටම ලියන්න නිෂ්.. ජය වේවා ඔබට දිගමට එන්නම්කෝ...

    ReplyDelete
  2. අදත් ගොඩක් ලස්සන‍ට කතාව නම් පෙලගස්වලා තියනවා නිෂ්.කතාවත් අද වෙනමම පැත්තක‍ට ගලාගෙන ගිය නිසා ඉතිරි කොටස් කියවනකම් ඉවසිල්ලක් නෑ දැන්නම්...ඔන්න ඒවත් ඉක්මන‍ටම කියවන්න ඕනා....

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම් සිතු...

      Delete
  3. ලස්සන කතාවක් අනිත් කොටසුත් ලියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම් නිෂාන් රැදි ඉන්න...

      Delete
  4. ඇත්තම කතාවක් කිව්වා නේද මේක ?
    මටනම් ඊලග ටික ටිකක් විතර හිතාගන්න පුලුවන්.....
    කොහොම උනත් හොද කතාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබින්...

      Delete
  5. ඉතුරු ටිකත් දාන්නකෝ. ඔක්කොම කියවලාම හිතෙන දේවල් කියන්නම්. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. හාකෝ ඉතුරු කොටසත් දාන්නම්....

      Delete
  6. පළවෙනි කොටසත් කියවලා මේ කොටසත් කියෙව්වා..
    තාරුකාගෙ ඒ බාධක පිරුණු කතාව දැනගන්න ඊ ළඟ කොටසත් බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් දාන්නම් නන්දු රැදි ඉන්න...

      Delete
  7. දෙමව්පියන්ට දුක් දෙන අයටත් දුක උරුම වෙනවා කියන කතාව ඇත්ත තමා

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ