අපි අඬද්දි අපිත් එක්ක ලගින් ඉදගෙන හේතු අහන්නෙ නැතුව අඬන්න, අපි හිනා වෙද්දි අපිත් එක්ක ඇස් රතු වෙනකන් හිනා වෙන්න..අපිට කරදරයක් උනාම කියන්නත් කලින් අපි ලඟට එන්න, අපි කියන්න කලින් අපි කියන්න යන දේ අපේ හැඟිම් තේරෙන යාළුවෙක් යෙහෙලියක් අපිට ඉන්නවා නම් කොච්චර හොඳද නේද...?
එහෙම අය අපිට ලැබෙන්නෙත් අපේ වාසනාවකට..තමන්ගේ දුක කියා ගන්න කෙනෙක් නැතිව..කරදරයන් උනාම පිහිට වෙන්න කෙනෙක් නැති උනාම අසරන වෙන අය අපි අතරෙ කොච්චර ඉන්නවද..
ඒ අතින් මන් වාසනාවන්තයි..මට ඉන්නවා හොඳ යෙහෙලියක්..ඇය යෙහෙලියකට වඩා මගේ අම්මගේ බඩින් ආව මගෙම සහෝදරියක් වගේ..
එක බඩින් ආව සහෝදර සහෝදරියන් ඇන කොටා ගන්න අද වගේ කාලෙක ඇය ඇත්තටම උතුම් සහෝදරියක්...ඇයව මට මුණ ගැහෙන්නේ 2009 අවුරුද්දේ..ඒ මූණූ පොතෙන්..මුලින් ම ඇය මට මැසේජ් එකක් දාලා තිබුනා එයාව දන්නවද කියලා..ෆොටෝ එක දැක්කම යන්තම් හුරු පුරුදු ගතියක් තිබුනත් මට හරියටම අඳුරගන්න බැරි උනා කවුද කියලා..ඒත් එයා මාව අඳුරගෙන තිබුනා..ඉතින් මන් කිවුවා මට හරියට මතක නෑ කියලා..පස්සෙ එයාම මතක් කරලා දුන්නා..
අපි සා/පෙල කරේ 2005..2004 අවුරුද්දේ අපි ගිණුම්කරනය විශයට අමතර පංතියකට ගියා..ඒ පංතියට තමයි ඇයත් ආවේ..අපි දෙන්නා පාසැල් දෙකක..ඒ උනත් අමතර පංති වලට ගියාම වෙන වෙන පාසැල් වල අයත් එක්ක යාළු වෙනවනෙ..ඒ උනත් එයා එක්ක මගේ එච්චරම යාළු ෆිට් එකක් තිබුනෙ නෑ..ඒ උනත් දැක්කම හිනා වෙනවා.ඉතින් ඔහොම කාලේ ගෙවිගෙන ගියා.2005 අවුරුද්දෙ සා/පෙල කරාට පස්සේ මන් උ/පෙලට තෝර ගත්තේ වාණිජ විශයන් එයා තෝරගෙන තිබුනේ කලා විශයන්..ඒ නිසා අපි එච්චර මුණ ගැසුනේ නෑ..මන් හිතන්නෙ මුණ ගැසුනෙම නැති තරම්...
ඔහොම කාලයක් ඉද්දි මන් ඉතාලියට ආවා..පස්සෙ තමයි මන් මූණු පොතක් හදා ගත්තේ..ඒකට තමයි එයා මුලින්ම මැසේජ් එක එවුවේ.පස්සේ නොහිතපු විදියට අපි අතරේ යාළු කමක් ඇති වුනා..ඒක හරි පුදුම යාළු කමක්..මන් හැමදාම උදේට ඔන්ලයින් යද්දි මට ගුඩ් මෝර්නින් මැසේජ් එකක් තියෙනවා..මන් ඔන්ලයින් ඉන්නවා දැක්කම හැමදාම චැට් කරනවා.මට ඔන් ලයින් යන්න බැරි උනාම මගේ ෆෝන් එකට මැසේජ් එකක් දෙනවා නැත්නම් කෝල් එකක් දෙනවා.ඔහොම කාලේ ගෙවිගෙන ගියා.අපේ යාළුකමත් එන්න එන්නම වැඩි උනා.මට මොනා හරි ප්‍රශ්නයක් උනාම එයාට තමයි මම සේරම කිවුවේ.එයා මන් කියන හැමදේම අහන් ඉන්නවා.මට මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා මට උපදෙස් දෙනවා..ඇත්තටම ඒ වගේ යෙහෙලියක් ලැබෙන්න මන් වාසනාවන්තයි..
අද කාලේ ගොඩක් අය ඉන්නෙ වාසියක් ලැබෙනකන් විතරයි.ඒ අතින් ඇය ගොඩක් වටින යෙහෙලියක්..සමහර වෙලාවට මන් එයාට බනිනවා.ඒ කොච්චර බැන්නත් හිනා වෙලා ඒවා අහගෙන ඉන්නවා...ඕනම කෙනෙක්ට දුකේදි පිහිට වෙනවා.නෑ බෑ නොකියා..ඇත්තටම පුදුම කෙනෙක් එයා..කන්න තියෙන බත් පිඟාන බඩගින්නෙ ඉන්න කෙනෙක්ට දිලා එයා බඩගින්නෙ ඉන්නවා..එයා මට කරලා තියන උදව් බොහොමයි..ඒවලට මන් එයාට සදා ණයගැතියි.ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්..බොලඳ විදියට ජිවිතේ ගැන ආදරේ ගැන හිතන්නෙ නෑ..මට උනත් ඒ දේවල් එයා කියලා දෙනවා..
සල්ලි වලට ජිවිතය පාවා දෙන සමාජයක ජිවත් වෙන අපිට ඒ වගේ මිතුරු ඇසුරක් ලැබෙන්නෙ ඇත්තටම අපේ පෙර පිනකට..මගේ මිතුරියගේ ජිවිතේට කිසිම දුකක් නැතිව සතුටින් ජිවත් වෙන්න වරම් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...
හ්ම්ම් නියම යාලු කමක්. කල්‍යාණ මිත්‍රයෝ කියන අය ලැබෙන්නත් පිං කරන්න ඕනේ..
ReplyDeleteකාලෙකට පස්සේ මේ පැත්තට ආවේ...
කාලෙකින්නෙ මාත් පෝස්ට් එකක් දැම්මෙ අනිවාර්යෙන්ම පින් කරන්න ඕනෙ එහෙම යාළුවෝ ලැබෙන්න...රෙප් අයියේ...
Deleteකල්යාන මිත්‍ර සම්පත්තිය බෝම වැදගත්ය...
ReplyDeleteඔව් අමිල..
Deleteමටත් ඔහොම යාලුවෙක් හිටියා... ඔය විදියටම ඉස්කෝලෙ යන කාලෙදි දැනගෙන හිටියත් ෆිට් උනේ ඊට අවුරුද ගාණකට පස්සේ... මේ වගේ කතාවක් දැක්කම මට එකපාරට මතක් වෙන්නේ එයාව.... එයා දුකට සැපට විතරක් නෙවෙයි, කුණුහරපෙන් බැන ගන්නත්, බැන්නට කේන්ති නොගෙන ඉන්නත් පුළුවන් කෙනෙක්..... මගේ ජීවිතේ ගොඩක් දේවල් එයාගේ පස්සෙන් ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල්.. මේ බ්ලොග් කෙරුවාව එයින් එකක්....
ReplyDeleteමගේ කරුමෙට ඌ කොල්ලෙක්...
අපේ සමාජයේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර යාලුකමක් තියෙන්න පුළුවන් කියන එක දන්නේ නෑ නේ කවුරුවත්... මට ප්‍රශ්න එද්දි එයා මගෙන් ඈත් උනා මගේ ජීවිතේ හොද වෙන්න ඕනෙ කියලා හිතලා.... දැන් නම් ඉතිං කතා කරන්න වත් විදියක් නෑ... ඒත් අදටත් මගේ හොදම යාලුවා එයා තමා....
කළ්‍යාණ මිත්‍රයෙක් කියන්නේ අපිට ලැබෙන සම්පතක්.... ඔයා ගැන ගොඩක් සතුටුයි...
ඒ අතින් අපි හරි අවාසනාවන්තයි හිරු අපේ සමාජයෙ කෙල්ලෙක් කොල්ලෙක් යාළුවෝ විදියට ආශ්‍රය කරන්න හරිම අමාරුයි...වෙන රටටවල් වල එහෙම නෑ...සමහර ගෑනු ලමයිගෙ ප්‍රශ්න වලට පිරිමි යාළුවෝ ලග හොද විසදුම් තියෙනවා...ඒත් අවාසනාව කියන්නෙ අපේ රටේ ගෑනු ලමයෙක් පිරිමි ලමයෙක් එක්ක අහම්බෙන් දැකලා කතා කරත් ඇති එයාට කතාවක් හැදෙන්න...
Deleteහැමෝටම එහෙම මිත්‍රයන් හම්බෙන්නෙ නැහැ..ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි..
ReplyDeleteඇත්ත සිත්රූ මන් වාසනාවන්තයි..
Deleteඔය වගේ යාළුවො ලබන්න ගොඩක් පින් කරන්න ඕනේ. හැමෝටම ඔය වගේ යාළුවො ආශ්‍රේ කරන්නත් බෑ
ReplyDeleteඒක ඇත්ත පැතුම්...
Deleteඅපිට තව කෙනෙක්ට හොඳ යාළුවෙක් වෙන්න පුලුවන් නම් අපිටත් ගොඩක් වෙලාවට හොඳ යාලුවො හම්බවෙනවා
ReplyDeleteඔව් ගිමන්...
Deleteමටත් ඉන්නවා නිෂ්ට වගේම යාළුවෙක්. හැබැයි එයා පිරිමි ළමයෙක්. මට එයාව හම්බ උනේ IIT එකේදී. තවමත් මගේ හොඳම යාළුවා මාලන්... ඕනෙම රහසක් කියන්න... හිත හැදෙනකල් අඬන්න...බඩ අල්ලාගෙන හිනාවෙන්න...ඒ හැම දෙයකටම මට ඉන්නෙ මාලන්. සමහර වෙලාවට අම්මට නොකියන දේවල් පවා මම කියන්නෙ මාලන් එක්ක. ඇත්තෙන්ම ඒ වගේ යාළුවෙන් ඇත්තටම ඉන්න ඕනෙමයි
ReplyDeleteඑහෙනම් ඔයත් ලකී....
Deleteමෙහෙම යාළුවෝ හොයා ගන්න හරි අමාරුයි...
ReplyDeleteඔව් අයියෙ...
Deleteමට නම් නැහැ දැන් හොඳ යාලුවෙක්
ReplyDeleteඅයියෝ ඒ මොකෝ...
Deleteඅමිත්රස්ය කුතං සුඛම් :)
ReplyDeleteඒක නම් තේරුනෙ නෑ හසිත...
Deleteමිත්‍රයන් නැත්තා හට කවර නම් සුවයක්ද ?
Deleteඅපිට නෑනේ මෙහෙම යාළුවෝ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඉස්සරහට වත් ලැබෙන්න කියලා මන් විශ් කරන්නම් රජෝ...
Deleteමටත් හිටියා එහෙම කෙනෙක්..... තාමත් ඉන්නවා..... ඒත් දැන් ටිකක් ඈතයි වගේ.... කොහොම උනත් සහෝදර බැඳීමක් ලේසියෙන් වැටෙන්නේ නෑ....
ReplyDeleteඔයාගේ බැඳීම දිගුකල් පවතීවා නිශ්......
අනිවා හංසි...
Deleteමටත් හිටිය මෙහෙම යාලුවෙක්.ඒත් කාලයාගේ ඇවෙමෙන් දැන් ටිකක් අපි දෙන්න ඈත් වෙලා.ඒත් පුළුවන් හැමවෙලාවෙම ඉස්සර තරම් නැතත් Cl කරලා ඉස්කෝලේ කාලේ මතක් කරන එක නම් තවම අපිට හරි සතුටක් ගේනවා.
ReplyDeleteඒක ඇත්ත හිමා..
Deleteහොද යාළුවො ලබන්න පින් කරන්න ඕන මමනම් දන්න විදියට ..
ReplyDeleteඔව් රොබින්....
Delete