Saturday, August 18, 2012

අනේ අපොයි..මෙහෙමත් හොරු....o.O

ඒ 2008 අවුරුද්දයි..එතකොට මට උසස් පෙලට මාස ගානනක් තිබුනේ..ඉතින් ඒ වෙද්දි මගේ අම්මයි තාත්තායි රට උන්නේ..අයියාත් බැඳලා වෙනමම පදිංචි වෙලා උන්නෙ..මම උන්නෙ මම්මයි පප්පයි එක්ක..මාත් එක්ක තව තුන් දෙනෙක් උන්නා..ඒ මගේ මාමාගේ ලමයි තුන්දෙනා..මල්ලිලා දෙන්නයි නංගියි..අපි ඔක්කොම උන්නෙ මාමලගෙ ගෙදර..එහෙ ඉන්න හේතුවක් උනේ අපේ ගෙදරට වඩා මාමාලගෙ ගෙදර තිබුනෙ පාර අයිනට වෙන්න..ඉතින් අපිට ඉස්කෝලෙ යන්න පංති යන්න හැමදේටම ලේසි නිසා අපි හැමෝම එහෙ උන්නෙ..මාව වගේම ඒ මල්ලිලා දෙන්නවයි නංගිවයි බලා ගත්තෙත් මම්මයි පප්පයි..

දවසක් මට මතක විදියට එදා සෙනසුරාදාවක්..මට මතකයි ඒ කාලේ හැම සෙනසුරාදා දිනයකම රෑට හින්දි මූවි එකක් යනවා..ඉතින් මායි නංගියි මල්ලිලා දෙන්නයි ඕක බලනවා..මම්මලා ඒ වෙද්දි නිදි..ඉතින් අපිට ගාණක් නෑ හිනා වෙන සීන් එකක් යද්දි කෑ ගහලා හිනා වෙනවා..ඉතින් ඔය ෆිල්ම් එක ඉවර වෙද්දි රෑ 12 විතර වෙනවනෙ..ඉතින් ෆිල්ම් එකත් ඉවර වෙලා කට්ටිය මල්ලිලා දෙන්න මල්ලිලාගෙ කාමරේටත් මායි නංගියි අපේ කාමරේටත් ගියා නිදා ගන්න...මුළු ගෙදරම ලයිට් ඕෆ් කරත් අපේ කාමරෙ ඕෆ් කරන්නෙ නෑ..මොකද මන් බයයි..මට වඩා නංගි බයයි...:D

ඉතින් පහුවදා උදේට පල්ලි යන්න නැඟිටින්න ෆෝන් එකෙන් එලාර්ම් එක තියලා ඒක කොට්ටෙ යටින් තියා ගෙන..නිදා ගත්තා..නංගි නම් ඇඳට වැටුන ගමන් ගොරවන්න ගන්නවා..ඉතින් ටිකකින් මටත් නින්ද ගියා.....

ඊට පැය තුන හතරකට පසු......

රෑ නින්දෙන්.......
කෑ ගහන්න එපා අපි මුළු ගේම වට කරලා තියෙන්නෙ කෑ ගැහැවුවොත් කට්ටියවම මරනවා.....තව මොනවද මොනවද කිවුවා...
ඔයාලා කවුද..?.. ඒ මන් 
අල්මාරියෙ යතුර කෝ...
දැන් නම් මන් පියවි සිහියට ආවා......




හපොයි මොන හීනයක්ද...මෙන්න අපේ ගෙරදට හොරු පැනලා.. o.O ඒ මදිවට අපි ලයිට් දාලා තියන කාමරෙ ලයිට් එකත් ඕෆ් කරලා.....ඒ මදිවට මේකා මගෙ කටත් තද කරගෙන...ඒකාගෙ අතේ ටෝච් එකකුත් තිබුනා...පිහියක් නම් තිබුනද මන්දා...

අනේ අයියෙ අපි ලඟ රත්තරං බඩු නෑ..(මන් දුක හිතෙන විදියට කථා කලා...)

බොරු කියන්න එපා දියන් යතුර...

ඇත්තමයි මගෙ ලග නෑ....

ඔන්න ඒ ටිකකින්ම මගෙ එලාර්ම් එක වැදුනා...ඒ වෙලෙ හොරා ටිකක් කලබල උනා...

ෆෝන එක නේද..

නෑ නෑ එලාර්ම් ඔරලෝසුව...(අම්බෝ තාත්තට වැදලා වැදලා ඉල්ල ගත්ත ෆෝන් එක මේ කොහේවත් ඉන්න හොරෙකුට දෙන්න පුළුවන්ද...)

ඒත් එක්කම හොරා එන පොට නම් හොඳ නෑ වගේ කියලා මට තේරුනා..

මන් කෑ ගැහුවා...කෑ ගැහුවා නෙමෙයි මට කෑ ගැහුනා...හිහි අපේ නංගි මට එහා පැත්තෙ..එයා නැඟිටලා මගෙ කෑ ගැහිල්ලට වඩා තුන් ගුනයක් විතර හයියෙන් කෑ ගැහුවා...ඒත් එක්කම අපේ මම්මත් නැඟිටලා එන්න හදද්දි ෆෑන් එකේ වයර් එක පැටලිලා එයාව වැටිලා...නංගිගෙ කෑ ගැහිල්ලට හොරා අතේ තිබුන ටෝච් එකත් දාලා පැනලා දිවුවා..මන් අන්ධකාරේම ඒ ටෝච් එක අරන් හොරා දුවන් යන පැත්තට දමලා ගැහුවා..ගහලා හොරා දුවන පස්සෙ දිවුවා..ශික් මොන අල්ලනවද මේකා අඩියට දෙකට දුවලා ජනේලෙන් පැනලා ගියා...හැබැයි ටෝච් පාර වැදුන නම් හොරා එතැනම මැරෙනවා..(වෙලාවට වැදුනෙ නැත්තේ)


හයියෝ ඊට පස්සෙ තමයි හොඳම සීන් එක...අපේ අයියලත් ආවා...ලොකු මාමාලගෙ දුවලත් ආවා..මන් නම් බයට හෝ ගාලා අඩනවා..ජිවිතේට ඒ වගේ දෙයක් උනා මයි නේ...අපි ගේ හැමතැනම බැලුවා මොනවද අඩු කියලා..හි හි හොරා අරන් තියෙන්නෙ මම්මා ලඟ තිබුන ටෝච් එකමයි..අපේ අල්මාරි ඇරලා මගේ රත්තරන් චූටි කරාබු ජෝඩුවයි මල්ලිගෙ අතේ බඳින ඔරලෝසුවයි,මල්ලිගේ පර්ස් එකෙ තිබුන රුපියල් 400 වගෙ ගානකුයි...හොරා ඇවිත් තිබුනෙ වහලේ උළු දෙක තුනක් ගලවලා..ඊට පස්සෙ ඌට දුවන්න බලාගෙන ජනෙල් පියනකුත් ඇරලා....

අපේ අයියා ලොකු මල්ලිගෙන් ඇහුවා මෙහෙම....
ආහ් මල්ලි..,නංගි කෑ ගහද්දිවත් ඔයාට ඇහැරුනෙ නැද්ද...

මොකෝ නැත්තෙ ලොකු අයියේ..මට ඇහැරුනා..මන් හිතුවෙ නිෂ් අක්කට යකෙක් වැහිලා නංගි ඒකට බය වෙලා කෑ ගහනවා කියලා..ඕන දෙයක් කියලා මන් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා...(හික් හික් ඕන් අපේ මල්ලිලා...)

හැබැයි අපේ නංගිගෙ සද්දේට වට පිටාවේ ගෙවල් වල ඈයෝත් දුවගෙන ආවා....හොරාව නම් අල්ල ගන්න ලැබුනෙ නෑ..ආයේ මන් ඒ කාමරේටවත් ගියෙ නෑ...
පොලිසියට කිවුවත් හොරා අල්ල ගන්න බැරි උනා..


හැබැයි එදා වෙච්ච බය සෑහෙන කාලයක් තිබුනා....ඒ සිද්ධිය අහද්දි අනිත් අයට හිනා ගියත් මගේ හිතින් මන් බය වෙලා උන්නු තරම දන්නෙ මන් විතරයි...එදා දෙවියන් නිසා මන් බේරුනා කිසිම අනතුරක් නැතිව......

ඕන් ඔහොමයි අපේ ගෙදරට හොරු පැන්න සිද්ධිය ඉවර උනේ....:D




ප/ලි - හුග දවසකින් තමයි නිෂ් මේ පැත්තට ආවේ...නිෂ් තමන්ගෙ මව් රටට ආව නිසා මේ පැත්තට එන්න බැරි වුනා...ඉතින් දැන්නම් පෝස්ට් දාන්න වෙන්නෙ ගොඩක් අඩුවෙන්...ඒත් පුළුවන් වෙලාවට මේ පැත්තෙ එන්නම්...

16 comments:

  1. හොරා ආය නම් කෙල්ලෝ ඉන්න ගෙදරකට හොරකම් කරන්න යන්නේ නෑ කියලා හිතාගන්න ඇති හිකිz

    ReplyDelete
  2. හි හි.. ඔහොම එකක් අපේ කට්ටියකටත් උනා... හොරා මේගොල්ලෝ මඟුල් ගෙරදක ගිය දවසක නෝට් කරගෙන ඉදලා ඇවිල්ලා.. කට්ටියට මහන්සියට හොදටම නින්ද ගිහින්...

    ඔක්කෝම ඇල්මාරිවල තිබුන රත්තරන් බඩු පෙට්ටි පිටින් උස්සගෙන ගිහින්... උදේ අල්මාරි ඇරලා තියෙනකොට කට්ටිය හොදටම බය වෙලා... පොලිසියට කෝල් කරලා... තව මොනාද අරං ගිහින් තියෙන්නේ කියලා බලනකොට සාලේ මේසෙ උඩ ලේන්සුවකින් ඔතපු පාර්සලයක් තියෙනවා දැකලා... එතකොටයි මතක් වෙලා තියෙන්නේ දාගෙන ගිය රත්තරන් බඩු තාම ඔතාගෙන ආපු පාර්සලේමයි කියලා.... හොරාට අහුවෙලා තියෙන්නේ තොරොම්බල් මාල වළලු වගේ බඩු දාලා තිබුණ පේටිටි ටික විතරයි... හි හි.....

    ReplyDelete
  3. හොරු ආවම මාත් කෑ ගහන්න ඕනි...ඒත් ඒකටවත් ඇහෙරෙන එක තමයි වැඩේ...

    ReplyDelete
  4. ම්මියෝ නිෂ්ව දකින්නත් තියන ආසාවක්...ඔන්න එහෙනම් දැන් ලංකාවෙනෙ....:) මෙහෙමවත් දකින්න ලැබුන එක ගැන සැහෙන්න සතුටුයි..:)
    හපොයි බයට කෑගැහුන එකම මදෑ.. හොරාට එපා වෙන්න ඇති ආපහු හොරකම් කරන්න..;):P
    ඔහොම දෙයක් උනාම සැහෙන්න කාලයක් යාකන් හිතේ භය තියනවා අප්පා...මටත් මේ ලගදි ඔහොම වැඩක් උනානේ...එදා ඉදන් අද වෙනකන් මම පොඩි සද්දෙටත් භයයි අප්පා....:( වෙලාව තියන වෙලාවට ලියමු හොදේ.... ජයෙන් ජය...!!!

    ReplyDelete
  5. හොරු සමඟ රැයක් :D

    ReplyDelete
  6. හොරාට හිතෙන්න ඇති අපරාදේ මේ කාමරේට පැන්නේ කියලා.. :)

    ReplyDelete
  7. හම්මෝ යන්තම් බේරිලා. හොරාත් නිෂ් හිටපු කාමරේම හොයාගෙන ඇවිත්. එකෙත් හැටි නේද :D

    ReplyDelete
  8. මේ හොරා..කොහෙද හැංගිලා ඉන්නේ ආ??කෝ රිප්ලයි??

    ReplyDelete
  9. අන්න කෙල්ලො. අපරාදේ කියන්න බෑ

    ReplyDelete
  10. //නෑ නෑ එලාර්ම් ඔරලෝසුව...(අම්බෝ තාත්තට වැදලා වැදලා ඉල්ල ගත්ත ෆෝන් එක මේ කොහේවත් ඉන්න හොරෙකුට දෙන්න පුළුවන්ද...)//

    ඒ වෙලාවෙ හිතුණ දේවල්.. :D :D
    එලාර්ම් එක නිසා බේරුණා කියලා කියමුකෝ.. :D

    ReplyDelete
  11. කෝ ජිවිතේට වඩා වට්නවා මල් කඩන්න තියන ෆෝන් එක

    ReplyDelete
  12. හොරා හොඳ වෙලාවට අහිංසක හොරෙක් වෙලා තියෙන්නේ :D

    ReplyDelete
  13. හොරා දැන් හොරකම් කරන එකත් නතර කරලා ඇති.. හික්ස්..ඩී

    ReplyDelete
  14. අපිටවත් ඒ වෙලාවේ කතා කළා නම් හොරාට දෙන්න තිබුනා හොදට අල්ලාගෙන...හෆ්ෆේ

    ReplyDelete
  15. ඒ හොරාට ආපහු හොරකම් කරන එක එපා වෙන්න ඇති ෂුවර් එකටම ...

    ReplyDelete
  16. අයියෝ සැලරි.. දැන් ද ලියන්නෙ මේවා.. ආ හොදා හොදා.. පවු අහිංසක හොරා..

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ