ලියන්නට ගත්තා
නුඹේ ආදරය ගැන..
කොහෙන් පටන් ගන්නද
හිත හිතා ඉන්නකොට...............
"රූං රූං "
කැරකෙනවා කන ලඟ
"චටා.......ස්"
දහතුන් වැනි මදුරුවා මේසෙ උඩ
ඉතින්..........
කොහේ ලියන්නද....?
නුඹේ ආදරය ගැන...
නැවතුනා..
පටන් ගත්ත තැන එහෙම්මම........:D
දාන්න ගියා මේකට කමෙන්ටුවක්. කැරකෙනවා මදුරුවෙක් කන ගාව.චටාස්...
ReplyDeleteනැවතුනා දාන්න ගිය කමෙන්ටුව එතනම :P
වෙලාවට :D
ReplyDeleteහද පායනකොට මදුරුවන්ට පිස්සු තද වෙනවලු :D
ReplyDeleteඒකනේ බලන්නකෝ වෙච්ච දේ :D
Deleteමදුරුවත් ආදරේට ඇවිත් තියෙන්නේ :D
ReplyDeleteඑහෙමවත් හිතමු නේ හසිත...:D
Deleteඅන්තිමට ඉතින් ආදරේ ගැන නැතත් මදුරුවා ගැනවත් ලියවුනානේ...(හේ..හේ..)
ReplyDeleteඒකනේ මදුරුවා ගැන හරි ලිවුවනේ...:))
Deleteඇත්තටම නිශ් කියන්න වචන නෑ හිතන්නවත් බැරි විදියට ලියල තියෙනවා...හැබැයි ඔයා පවු කාරිය සත්තු මරන්න හොද නෑ දන්නෙ නැද්ද?...ආදරේ ගැන ලිවුවෙ නෑ මරපු මදුරුවො ගැන ලිව්ව නේ...
ReplyDeleteමොනා කරන්නද අනු මදුරුවෝ මට දිපු වදේට එහෙම කරන්න උනා..අන්තිමේ ආදරේ ගැන ලියාගන්නත් බැරි වුනා මදුරුවො මරලා පවු කාරියෙකුත් උනා.....:))
Deleteඒ කියන්නේ මදුරුවා කියන්නේ ආදරයට අකුල් හෙලන සතෙක් ?
ReplyDeleteඒක එහෙම වෙන්න ඇති නේ රොබින් බලන්නකො ඉතින් මට ඒක ලියාගන්නම හම්බුනෙ නෑනේ....:D :D
Deleteහරිම ලස්සනයි.... කියවපු ගමන් මේ කවි පෙළට හිත ගියා..... මම නම් කාමරේට එන්නෙ පැය 14ක දගරයක් අරන්... ඔයත් ටැස්ට් කරලා බලන්න.....ජය!
ReplyDeleteඒකත් නරකම නෑ වගේ
Deleteමේ පැත්තටත් ආවාට ස්තුතියි අයියා...
සැහෙන්න කාලෙකින් මේ පැත්තේ ආවා...සොලී හොදේ පහුගිය ටිකේ ආවේ නැතුවට..:(
ReplyDeleteඒ එනකොට මෙන්න නිෂ් මදුරුවන්ට ආදරය කරන්න අරන්... අලුත් විදියේ අමුතු සිතුවිල්ලක්...
හපෝ පරිස්සමින් මදුරුවට ආදරය කරන්න මේ දවස් වල ලංකාවේ නම් ඩෙන්ගුත් තියනවා... ලස්සන කවිය හොදේ......
අම්බො මදුරුවන්ට නම් ආදරේ කරන්නෙ නැතෝ.....
Deleteස්තුතියි හිරු......ආයෙ එන්න...
මදුරුවො 13ක්! මදුරු ගහනයේ ප්රමාණය වැඩිද නැත්නම් එච්චර වෙලා කල්පනා කර කර හිටියද? :)
ReplyDeleteකොහෙ කල්පනා කරන්නද ලියන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම මදුරුවො මර මර උන්නා..ඒ නිසා නිසදැස ලියා ගන්න හම්බුනෙ නෑ...ඒක එහෙම්මම නැවතුනා...:D
Delete