Thursday, September 27, 2012

එදා..නුඹ ආදරෙයි කි මුල්ම දවසේ.....

හිමි නොවෙන්න තිබුනා 
සදාකාලික දුක....
ඇස් අද්දරම විසිර නොයන්න තිබුනා 
පැතු පැතුම....
බැද ගෙන තබා ගන්න හැකි උනා නම් 
නුඹේ ආදරය‍..................
නුඹ ආදරෙයි කී මුල්ම දවසෙම....

16 comments:

  1. නොලැබෙන ආදරයක් බලෙන් බැඳලා තියාගත්තට වැඩක් වෙන්නේ නෑ එක අතකට.

    ReplyDelete
    Replies
    1. මාත් එකගයි ඒත් අපි ගොඩක් දෙනා වැඩියෙන් ආස කරන්නෙ ආදරේ කරන්නෙ නොලැබෙන දේටනේ පැතුම්

      Delete
  2. Replies
    1. හ්ම් හ්ම්ම්ම්ම්.......

      Delete
  3. ආදරේ ගැන නම් මොකුත්ම නොකියා ඉන්නම්. කාලෙකට පස්සේ නිෂ්වත් දැක්කේ :))

    ReplyDelete
  4. පැතුමත් එක්ක එකඟයි!හිර කරලා තියාගන්න පුළුවන්නම් ඒක ආදරය නෙමෙයි!

    ReplyDelete
  5. පැතුම් කිව්ව දේම තමයි මටත් කියන්න තියෙන්නේ නමුත් අමුතුවට ලියවුන පද ටික ලස්සනයි නිෂ්....

    ReplyDelete
  6. මගේ කමෙන්ටුව මකා දැමීම හෙලා දකිනවා ඈ

    ReplyDelete
  7. හ්ම්ම.. ආදරයක් අපි ළඟ නතරවෙන්නෙ නැතිනම් බලෙන් රඳවගන්න බෑනෙ ඒ ආදරය..
    සිතිවිල්ල ලස්සනයි.. :)

    ReplyDelete
  8. කියවන්න එන්න ටිකක් පරක්කු වුනා. කවිය ලස්සනයි!

    ReplyDelete
  9. ආදරය අපට දුකක් වෙන්නේ අපි කැමති අයට ආදරය කරන්න යන නිසා.අපි අපට ආදරය කරන කෙනෙකුට ආදරය කරනවා නම් දුක අඩු වෙවි.නිර්මාණ හැඩයි

    ReplyDelete
  10. බැද ගෙන තබා ගන්න හැකි උනා නම්
    නුඹේ ආදරය‍..................
    නුඹ ආදරෙයි කී මුල්ම දවසෙම....

    ප්‍රබල කියමනක්.

    ReplyDelete
  11. බැමි බැඳ තබා ගත යුතුද හැර දමා යන ආදරේ...
    සිතින් නොම වේ නම් ගතින් හිඳීවිද ඒ ආදරේ...!

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ