Wednesday, July 25, 2012

අයියෝ .... ලවු ලෙටර්... :D




මේ සිද්ධිය උනේ නිෂ් නවයෙ පංතියෙ ඉද්දි..හැමදාම වගේ එදත් අපි ගියා උදේ රැස්විම තියෙන තැනට..ඉතින් පැය භාගයක් විතර ගියා යාච්ඤා එහෙම කරලා සිස්ටර් ප්‍රින්සිපල්ගෙ දැන්විම් ටිකත් කියලා ඉවර වෙද්දි...සේරම ඉවර උනාටත් පස්සෙ සිස්ටර් කිවුවා නවය වසරින් ඉහල අය මෙහෙමම ඉඳලා අනිත් අය පංති වලට යන්න කියලා..දැන් එතන ඉන්නෙ අපිත් එක්කලා 10,11,12,13 පංති වල ඉගෙන ගන්න අක්කලයි...එතන ඉන්න අයගෙන් අපි පොඩි උනාට යමක් කමක් තේරෙන උදවිය ඕන්....දැන් එක එක්කෙනා   කණ්ඩායම් ගැහිලා සාකච්ඡාව...සිස්ටර් ප්‍රින්සිපල් ස්ටාෆ් එකත් එක්ක සාකාච්ඡාව අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා වැලන්ටයින් ඩේ එකටත් තව කල් තියෙනවා...(ඇයි වැලන්ටයින් ඩේ එකට අපේ සේරමන්ගෙම බෑග්ස් චෙක් කරන්න යද්දිත් ඔක්කොම ලමයින්ව එලියෙ තියා ගන්නවනේ...) ඔන්න දැන් මිස්ලත් බෙදිලා පංති වලට යනවා...දැන් නම් ලමයින්ට තේරුනා මිස්ලා බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා...ඒත් එක පාරටම...අපිත් ඔහේ බලන් උන්නා....
සමහර උදවිය ඉන්නවනෙ මිස්ලගෙ හිත් දිනා ගන්න ලමයිනගෙ ආදර සම්බන්දතා අල්ලලා දෙන අය...හැබැයි ඒ වෙද්දිත් එහෙම ආදර සම්බන්දතා හොරෙන් අරන් ගිය ලමයි ගොඩ දෙනෙක්ව සිස්ටර්ට ආරංචි වෙලා අපේ ස්කොලෙනුත් අස් කරා...
ඉතින් දැන් මිස්ලා පංති වලට ගියා..මෙන්න  ඒත් එක්කම අපිත් එක්කම හිටිය නවය වසරෙ ලමයි සෙට් එකක් දුවන්න ගත්තා...එයාලා නවය C එකේ අපේ පංතියට එහා එකේ...ඒත් එක්කම අපිත් දුවන් ගියා..අපේ පංතියට එහා එකෙ උනාට අපේ පංතියෙ සෙට් එකක් මේ දුවපු ලමයි සෙට් එකත් එකත් එක්ක තරහයි..මට මතක විදියට ඒකත් කොල්ලෝ සීන් එකක්..ඔන්න අපිත් දුවන් ගියා කස්ටියට පස්සෙන්...මිස්ලා පංති වලට යන්න කලින් අර කලින් දුවපු සෙට් එකයි අපෙ පංතියෙ සෙට් එකයි දුවන් ගියා...ඒත් එක්කම මෙන්න බොලේ අර දුවන් ගියපු එක ලමයෙක් කොලයක් බෑග් එකෙන් අරන් කටේ දාලා හපනවා...
හපොයි.....එහෙමත් කෑමක් හරියට නිකන් චුයින්ගමක් හපනවා වගේ...ඔන්න මිස්ලත් ආවා....
ළමයි මෙතන මොකක්ද වෙන්නෙ..මිස් කෙනෙක් ඇහුවා...
කවුරුත් උත්තර නෑ...අපි සිද්ධිය දැක්කා උනත් කොහොමද අප්පා කටක් ඇරලා කියන්නෙ....
මිස් මෙයා ලියුමක් අරන් කටේ දාගෙන හැපුවා...අර අපේ පංතියෙ ඉන්න ලියුම හපපු ලමයගේ තරහ කාරයෙක් කිවුවා...(ලමයෙක් ඉස්කෝලෙන් අස් කරන්න පැහැදිලි සාධාරණ හේතුවක් තියෙන්න ඕනෙ..ඒ වගේම සාක්ෂි...)
දැන් මිස් අර ලමයගෙන් ලියුම ඉල්ලනවා..ඒ ලමයා තවත් ඒක හපනවා...හපලා හපලා එලියට ගත්තා...
හික් හික් දැන් ඉතින් මොන සාක්ෂිද....ලියුමේ අකුරුත් හොයා ගන්න නෑ.....

හැබැයි ඔය සිද්ධියට පස්සෙ මිස්ලා ප්‍රිෆෙක්ට් අක්කලා එහෙම අර ලමයි සෙට් එක පස්සෙන්ම හිටියා ඒත් කිසිම හෝඩුවාවක් එයාලට හොයා ගන්න බැරි උනා...(කොහොමද ලමයින්ගෙ මොලේ...)

කියන්න ඕනා එක දෙයක් ලමයින්ගේ වැරදි ඒ කියන්නෙ ඔය වගේ ආදර සම්බන්ධතා ගැන හොය හොය ලමයි ස්කෝලෙන් අස් කරන්න උත්සහ කරපු මිස්ලා  අතරෙ අනේ අපරාදෙ කියන්න බෑ..ලමයින්ට උදව් කරපු මිස්ලත් උන්නා...බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා දැන ගත්තම අපේ පංතියෙ ලමයි බෑග්ස් වල ලියුම් , ෆෝන්ස් එහෙම තියෙනවා නම් අපේ පංතියට එක් විශයක් උගන්නපු මිස් කෙනෙක් උන්නා..ඒ මිස්ට තමයි කියන්නේ...ඉතින් වෙන මිස් කෙනෙක් පංතියට යන්න කලින් මිස්ම ගිහින් ඒ ලියුම හරි ෆෝන එක හරි අරන් මිස් මිස්ගෙ බෑග් එකට දා ගන්නවා....ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අයිතිකාරයා ගිහින් ඒ මිස්ගෙන් ඉල්ල ගන්නවා.....
විශේෂයෙන් කියන්න ඕනේ ලමයින්ට ම්ස්ලා එහෙම උදව් කරෙ අපි දහතුන වසරට ආවාට පස්සේ......එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙන්න ලඟයිනෙ..ඒ නිසා වෙන්න ඇති.....

31 comments:

  1. නපුරු මිස්ලා අතරෙ ළමයින්ට හොද මිස්ලත් ඇත්තටම ඉන්නවා මොකද අපිටත් හිටියා එහෙම මිස් කෙනෙක් අපි කොච්චර ආදරෙයිද කියනවනම් අපි කිව්වෙ මිස් අම්මා කියලා...

    අපේ පන්තියෙන් මිස් අම්මා කියල තියපු නම හැමදාම ඒ මිස් මිස් අම්මාම වුණාලු...පුදුම හොද මිස් කෙනෙක්.දඩුවම් කරන්නෙ මිස් විතරයි.වෙන අය දඩුවම් කරනවනම් මිස් බේර ගන්නවා උදව් කරල පස්සෙ මිස් දඩුවම් කරනවා නමුත් සැරට නෙමෙයි.පුදුම ආදරේ මිස් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙම මිස් ලත් ඉන්නවා අනු...

      Delete
  2. ඔය බෑග්ස් චෙක් කරන එකනම් අපේත් ඉස්සර අනන්තවත් කරනවා..හැබැයි ඉතින් ලොකු ලොකු දඩුවම් නම් මට මතක විදිහට කාටවත්ම දීලා නෑ..ඒත් ඒ වෙලාවට ළමයි පණ බයේ ගැහි ගැහි තමයි ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝල වලත් ඔය චෙක් කොරන ආතල් එක තිබුන !!! හැබැයි කවදාවත් කවුරැවත් අහුවෙලා නෑ ...... මොකද ‍චෙක් කොරන්න විනාඩි 10කට විතර කළින් අපිට හිතවත් ෆිෆෙට්ලා ඒ ගැන අපිට වාර්ථා කරනව නේ !!!!!!

      Delete
  3. හික්ස් ලවු ලෙටර් කෙසේ වෙතත් මොබයිල් අල්ලන්න ඔහොම චෙක් කලා අවතාර්ට මතකයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ෆෝනුත් චෙක් කරා..

      Delete
  4. ඔයා කොන්වන්ට් එකකටද ගියේ අක්කි...?අනෙ අම්මේ අපෙත් ඔය චෙක් කරන වැඩේ තිබුන තමයි.ඒත් ඒ කාලේ වෙලාවට අපිට ඔය පටලැවිලි තිබ්බේ නෑ..හි හි....:)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි හැමෝටම නෙමෙයි නංගා සමහර අයට තමයි එෆෙයාර්ස් තිබුනේ...

      Delete
  5. :D :D ආදර හසුනක් නිසා පැණි රසට තියෙන්න ඇති නේද?

    ReplyDelete
  6. පොඩි කමටද වැඩ?මාත් නවය වසරේදී කාටවත් ලියුම් දීලා නැහැ

    ReplyDelete
  7. ම්ස් ඇවිල්ලා මෙතන මොකද උනේ කියලා අහන කොට නිෂ්ට කියන්න ඕනි උනත් කියන්න බෑලු
    නිෂ්ගේ කටෙත් ලියුමක්ලු

    ReplyDelete
    Replies
    1. නැ නැ එහෙම උනේ නෑලු අපි හොඳ ළමයි ලු...

      Delete
  8. ඔයවගේ සිද්ධියක් අපේ පැත්තෙත් උනා. හැබැයි ඉස්කෝලෙක නෙවේ. කඩයක් ලඟ. සිගරට් බොන උදවිය අල්ලන්න පොලිසියෙන් පැන්නම බිබී හිටිය සිගරට්එක නිවල කටේ දාල ගිල්ල. හැඟීම් දැනීම් ඇතිවෙන කාලෙට කෙල්ලො කොල්ලො යාළුවෙනඑක නවත්තන්න ඉස්කෝලෙන් අස්කිරිල්ල තියනව ඇත්තෙ ‍ලංකාවෙ විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියා..සමහර ගුරුවරු වැඩ කරන්නෙ එයාලට ඒ වගෙ සුන්දර කාලයක් තිබුනෙ නෑ වගේ....

      Delete
  9. අපේ ඉස්කොලෙනම් ළගදි පන්ති චෙක් කලේ නෑ. ඉක්මනට කලොත් හොදයි. ඊට පස්සේ ආයි අවුරුද්දකට චෙක් කරන්නේ නෑනෙ. බයක් හැකක් නැතුව ඕන දෙයක් ගෙනියන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. හි හි ඒ උනාට දැන් නම් අවුරුද්දකට තුන් හතර පාරක් චෙක් කරනවා මන් හිතන්නෙ...හි හි

      Delete
    2. වෙන ඉස්කෝල වල එහෙම වෙන්න ඇති. අපේ නම් අවුරුද්දටම එක පාරයි. අපි හොද ළමයිනේ....

      Delete
  10. අපේ නම් ඔය බෑග් චෙක් කරන වැඩවලට ශිෂ්‍ය නායකයෝ හිටියේ. එයාලා හොඳට ඒවා මේවා හොයන්න දක්ෂයෝ :)

    ReplyDelete
    Replies
    1. අපේ නම් ශිෂ්‍ය නායකයෝ ඔය ව‍ගෙ වැඩ වලට එන්නෙ කලාතුරකින්..මොකද නැත්තම් එයාලගෙ තියන එෆෙයාර්ස් අනිත් ලමයි අල්ලලා දෙනවනේ...හි හි

      Delete
  11. ඉස්කෝලේ ලවු ලෙටර් ගැනනම් හොද අත්දැකීම් තියෙනවා මට.. දෙකක්ම ලියලත් ඇති.. අතටම අහු වෙලත් මම බේරිලා තියෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. හි හි අයියා හැබැ දක්ෂයෙකනෙ බලන්න ගියාම...හිහිහිහි...:))

      Delete
  12. අක්ක්කා දන්නවානේ මම ගියෙත් අක්කා ගිය ඉස්කොලේටමනේ :පි
    13 වසරේ ඉද්දි අපිත් ක්ලාස් යන දවස් වලට ෆෝන් එක මිස් ට දෙනවා :)
    මට මතකයි අපිත් 10 වසරේ අයගේ බෑග් චෙක් ජකා අපි ප්රිෆෙක්ට්ස් ලා වෙලා ඉද්දි

    ReplyDelete
    Replies
    1. වර්ණා නංගි දන්නවනෙ ඉතින් අපේ ඉස්කෝලේ විස්තර...

      Delete
  13. මම දැකපු තවත් වෙනස් විදියේ බ්ලෝග් එකක්.මහත්මා ගන්ධි ගේ ඒ සිතුවිල්ලද මා ඉතා ඇලුම් කරමි.සුභ දවසක්!

    ReplyDelete
  14. ආවෙත් අදයි මේ පැත්තේ ආව ගමන්ම ලවු ලෙටර් කතාවත්. මටත් කට පියන් ඉන්න බෑනේ...

    11 දි වාර මැද විභාගයක් ද කොහෙද තිබ්බා.. ගණං පේපර් එක ඉවර උනා වේලාසනින්. ( කොහොමත් ඕක ඉක්මනට ඉවර වෙනවා. මට ගණං බෑනේ) ඉතිං මට අපේ වෙන්ඩ මහත්තයට ලියුමක් ලියන්න ගත්තා. ඔය විබා‌ෙග් දවස්වල පෑන් පරිස්සම් කර ගන්න එපැයි. ඉතිං මං රතු පෑනෙන් දැං ලියනවා දිග...... යාං හෑල්ලක්... අ‌ෙප් ගනං ටීචර් කාන්නි මිස්. පොඩ්ඩක් මීටරේ අවුට්. හැබැයි හරි හොදයි. ( මිස්ට අපේ වයසේ පුතෙකුත් හිටියා ඩී.එස්. එකට යන...) මිස් මගේ පේපර් එකට ඔලුව දැම්මා. ඔච්චර යාං හෑලි ලියන්න තියෙනවයෑ ගණං පේපර් වල..... ඒ මදිවට රතු පැනෙන්....

    මොනද කෙල්ල ලියන්නේ..... ?

    පේපර් එක ඉවරයි මිස්. මං මේ කතාවක් ලිව්වා......

    රතු පැනෙන්....?

    නිල් පෑන ඉවරයි මිස්.......

    ඕන්න ඔහොමයි මං එදා බේරැනේ...

    හැබැයි මිස් මං ඕ ලෙවල් වලින් ඉස්කෝලෙන් අස් වෙලා යන දවසේ වදින්න ගියාම අර පිරිමි ළමයවත් මතක් කළා කියන්නකො කියලත් කිව්වා...

    ReplyDelete
    Replies
    1. හි හි හිරුටත් හරි වැඩනෙ වෙලා තියෙන්නෙ....ස්තුතියි යාළු මේ පැත්තටත් ආවාට...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ