Thursday, July 12, 2012

සල්ලි කොල......:D

මේ සිද්ධිය උනේ මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා...ඉතින් ඒ වෙනකොට අපේ පවුලේ ගොඩක් දෙනෙක් පිටරට රැකියාවන් සඳහා ඉතාලියට ඇවිත් තිබුනේ...පුංචිලා මාමාලා ඔක්කොම රට නිසා එයාලගේ ගෙවල් හදන රාජකාරි, වාරික ගෙවන රාජකාරි ඔක්කොම පැවරිලා තිබුනේ අපේ මම්මටයි පප්පටයි...මම්මා උන්නෙ අපේ ගෙදර උනාට පප්පා කෑමට බිමට අපේ ගෙදර ආවාට වැඩි හරියක් උන්නෙ අල්ලපු ගෙදර ඒ කියන්නෙ අපේ මාමාලගේ ගෙදර...ඒකට හේතුව උනේ පප්පා කවදත් කැමති නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න...මොන ප්‍රශ්නයක් ගැනවත් එයා ඕනාවට වඩා හිතුවෙ නෑ...අපිත් ඒ කාලේ පොඩි නිසා අපි කෑ කෝ ගහද්දි එයාට නිදහසක් නැති නිසා තමයි එයා කෑම කන්න විතරක් අපේ ගෙදරට ඇවිත් මාමාලගේ ගෙදර ගිහින් ඉන්නෙ..රේඩියෝ එක දාගෙන එහෙමත් නැත්නම් ටී වි බල බල ඒ නැත්නම් වත්තෙ පිටියෙ වැඩක් කරගෙන එයා සැහැල්ලුවෙන් උන්නා...

ඔය අතරේ අපේ පුංචිගේ ගේ හදන්න පටන් අරන් තිබුනා..ගේ හදන්න සල්ලි පුංචි එවුවෙ අපේ මම්මට..එයා තමයි බාස් ලගේ වියදම් බඩු මූට්ටු ගන්න යන වියදම් හරියට බලලා කරන්නේ...ඉතින් එක පාරක් පුංචි සෑහෙන්න ලොකු ගානක් එවලා තිබුනා...මට හරියට ගාන නම් මතකයක් නෑ..හැබැයි ලොකු ගානක්...ඉතින් සල්ලි අපේ ගෙදර තියා ගන්න මම්මා බය උනා...පස්සේ පප්පා කැමැත්තෙන්ම සල්ලි ටික අරන් ගිහින් හංගලා තිබුනා...

ඔන්න දවසක් අර සල්ලි වල අවශ්‍යතාවය ආවා...දැන් පප්පා ගේ පෙරලගෙන සල්ලි හොයනවා..අපිත් හොයනවා..ඒ අතරෙ මම්මගේ ඇඩිල්ල අහන් ඉද්දි ඔක්කොම එපා වෙනවා...පප්පට බැන බැන නෙ අඩන්නෙ...
අනේ ඉතින් කොහෙවත් නෑ..දැන් මොකද කරන්නෙ...අයියෝ...
ඔන්න පප්පට හදිසියේම දෙයක් මතක් උනා...පප්පා ඇතුල් කාමරේට ගියා අපිත් ඒත් එක්කම ඇතුලට ගියා..කාමරේ ඇතුලේ තියෙනවා මාමාලා රටින් ගෙනාපු අවන් එකක් කවුරුත් නැති නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ.. ඉතින් පප්පා ඕක පියන ඇරියා...


හපොයි දෙවියනේ...........................

මීයෝ සල්ලි භාගයක් විතර කාලා ඒ මදිවට ඒ උඩ පැටවු දාලා මෙන්න මේ වගේ චුටි පැටවු.....සල්ලි කොල චුටි කෑලි තමයි ඉතිරි වෙලා තිබුනේ....
                                                   
                                                   -
                                                   -
                                                   -
                                                   -
                                                   -







ඔන්න ඊට පස්සෙ ඒ සල්ලි බැංකුවට දිලා මාරු කරගත්තා...ඒ නිසා අවුලක් උනේ නෑ...හැබැයි ආයේ නම් මම්මා පප්පට සල්ලි භාර දුන්නෙත් නෑ...පප්පා සල්ලි භාර ගත්තෙත් නෑ....:D :D




27 comments:

  1. හපොයි! බැංකුවේම තියන්න ඕන සල්ලි නම්! :)

    ReplyDelete
  2. අයියෝ සල්ලි!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. හයියෝ සල්ලි.. හොද වෙලාවට කොල වල කෑලි ටික හරි මතක් උනේ.. හැබැය් ඉතින් බැංකුවේ තිබ්බනම් මී පැටවු වගේ පොලිය තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අයියා..ඒ උනාට ඒ සල්ලි වැඩ වලට ඕනා වෙන නිසයි බැංකුවෙ දැම්මෙ නැත්තේ..

      Delete
  4. ඔහොමත් මීයන්ට දෙනවද සල්ලි ඈ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මියන්ටත් හරි ආස හිතෙන්න ඇති නේද...හි හි

      Delete
  5. :D පාඩුවක් උනා නම් එහෙම අපරාදේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒත් මොනා කරන්නද..:))

      Delete
  6. බල්ලොත් නොකන සල්ලි කිව්වට මීයෝ සල්ලි කනවනේ :D

    ReplyDelete
  7. කෝ ඒ මී පැටව් ටික? කොහොම වුනත් දාස් ගානක් කාල හැදුන මී පැටව්නේ සාමාන්‍ය මියන්ට වැඩිය වටිනවා! :D

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දැන්නම් උන් නැතිව ඇති...:D

      Delete
  8. ඒක එහෙනම් මී බැංකුවක් වෙන්න ඇති..(හේ..හේ..)වේලාවට ඔහොමවත් පප්පා ගැලවුනේ..නැත්නම් ඉතින් ඉවරනේ....

    ReplyDelete
  9. අක්කේ email බලන්ඩෝ :)

    ReplyDelete
  10. මදෙයි ඔයින් ගියා...
    නිෂ් බලන්න අදයි ආවේ...

    ReplyDelete
  11. සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.. මාගේ 150 වන ෆලොවර් දකින්න කියලා..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ස්තුතියි යාළු...

      Delete
  12. බල්ලෝ නොකන සල්ලි මියෝම කාපිය. ටිකක් පරක්කු වෙලා හරි මේ පැත්තෙත් ආව ඇ....

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවෙ ඒක තමයි මොකෝ පරක්කු කියලා....

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ