Saturday, July 7, 2012

යළිදු පැමිනෙන්න....හඬන හිත සනසන්න......




ඉකි ගසා හඬන මේ හිතට

පැමිනෙන්න සැනසුමක් රැගෙන

තවම මඟ බලා හිදි

දැක ගන්න ඔබේ රුව...

තාම තියෙනවා කඳුලැල්
හෙලන්නට නුඹ නමින්
සාගරයක් තරමට අඞන්නම්
අනේ නුඹ ලැබේ නම්....

මට මාව අහිමි කර

යන්නම ගියා නුඹත්

ශාප දෙන්නෑ සත්තයි

සැනසෙන්න නුඹ තුටින්......










ප/ලි -
බලන බලන හැම තැනම තියෙන්නේ ආදරෙත් එක්ක විරහව..ඒ නිසා නිෂ්ටත් එහෙම නිසදැසක් ලියන්න හිතුනා...ඒ වගේම කියන්න ඕනෙ මේ වෙනකොට නිෂ්ගෙ ජිවිතයට මේ දේ සම්බන්ධ නෑ කියලත්..
(නිෂ් එහෙම කිවුවේ නිෂ්ගේ කුමාරයා කැමති නෑ නිෂ් දුක හිතෙන නිසදැස් ලියනවට. මොකද නිෂ්ගේ කුමාරය කැමති නෑලු නිෂ් දුකින් ඉන්නවා කියලා කවුරුත් හිතනවට... ;) .....)




30 comments:

  1. නියමයි! ඔය ලස්සනට විරහව පෙන්නල දීල තියෙන්නෙ!
    ඇත්ත නේන්නම් නිශ්, සිතුවිල්ලකට හරි තමන් ලඟ ඉදිද්දිත් තමන් ආදරේ කරන අය දුකින් ඉන්නව විරහව ගැන හිතනව කියල අනෙත් අය හිතනවට අකමැති වීම සාධාරණයි.
    ආසාව යන්න දැන් එකක් ලිව්වනෙ ආයෙ ඒ කොල්ලව අප්සෙට් නොකර ආදරේ ගැනම ලියන්න! :)

    ReplyDelete
  2. කවිය නම් සුපර්..ලස්සනයි...ඒත් ඉතින් මමත් හිතන්නේ නිෂ්ගේ කුමාරයා අකමැති නම් ආදරේ පිරුණ කවිම ලියන්න...කොහොමටත් විරහවට වඩා ආදරේ තියන තැන හරි ලස්සනයිනේ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සිතු...

      Delete
    2. සිතුවිලි නංගියාත් ඔය කියලා තියෙන විදියටම කරනවා නම්... :D :D :D

      Delete
    3. හැබැයි ආදරෙට වඩා විදින්න පුලුවං දේයකුත් තියෙනව !!!!!!! :D :D

      Delete
  3. ලස්සනම පද ටිකක් එකතු කරල ලියල තියෙන්නෙ අපූරුවට කවියක්....කවුරු ලිව්ව කියල වුණත් කුමාරය රිද්දන එකටනම් මම කැමති නෑ...අකමැතිනම් ඒ දේවල් කරන්න එපා ආදරේ කියන්නෙ ජීවිත සතුටින් තියනවා කියන එකටයි..ඔයත් එයාට ආදරෙයිනම් එයාව සතුටින් තියන්න...

    මේ ටික නිෂ්ගෙ කුමාරයට....
    ඔබේ ආදරය ගැන ආයෙමත් සැකයක් නෑ.ඇත්තටම ඔබ නියම ආදර වන්තයෙක් ඒකනෙ නිෂ් දුකින් ඉන්නවා කියලා කවුරුත් හිතනවටවත් අකමැති.එහෙම හිතන ඔයා නිශ්ව සතුටින් තියන එක ගැන ආයෙ දෙපාරක් හිතන්න ඕනි නෑ.නමුත් කවියක් ලියනව කියන්නෙ දක්ෂතාවයක් තවත් හිතක හැගීමක් කවියකට ලියන්න හැමෝටම බෑ.ඒ නිසා ඒ දක්ෂතාවයට ඉඩ දෙන්න ඒක ජීවිතේ නෙමෙයිනම් ඒක ඇයගේ කවීත්වය යාළු...

    සුභ වේවා දතුටින් ඉන්න...

    ReplyDelete
  4. මේ දවස් වල මටත් ආදරය ගැන ගොඩාක් දේවල් කියලා දෙන්නේ ඔය උඩින් කමෙන්ට් දාල තියෙන දෙන්නනේ. ඒ නිසා ඒ දෙන්නාගේ උපදෙස් වලට පිටින් යන්න බෑ. සුභ වේවා දතුටින් නෙවෙයි :P සතුටින් ඉන්න...... :D :D

    ReplyDelete
    Replies
    1. හෙ හෙ රෙප් අයියට ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඔනා නෑනෙ...:D :D

      Delete
    2. මොන පිස්සුද නිෂ්. ඔය ටීචර්ලා දෙන්න කියන විදියට මම තාම ඉන්නේ ඔය සබ්ජට් එකේ මොන්ටිසෝරියටත් පල්ලෙහා පන්තියක :((

      Delete
    3. අම්බෝ බොරු බොරු...

      Delete
    4. බොරු නම් අහන්නකො ඔය දෙන්නගෙන්ම

      Delete
  5. එපා යලි ආදරය
    නිමේශයකට
    සිත තුටු කරන
    තනිකම වින්දනීයයි
    සදා සතුටින් සිටින!

    ReplyDelete
    Replies
    1. ඒකත් හැබැව පුස් යාළු...

      Delete
  6. "බලන බලන හැම තැනම තියෙන්නේ ආදරෙත් එක්ක විරහව.."

    ඇයි ඒ විතරක්ද බලන බලන හැම තැනම තියෙන්නේ කවි :)

    ReplyDelete
    Replies
    1. ඒ කවි දකින්න අපි වාසනාවන්තයි නෙද හසිත....
      :D :D

      Delete
  7. ඇත්ත !!!! කිසිම කුමාරයෙක් කැමතිනෑ තමංගෙ කුමාරි දුකින් ඉන්නව බලන්න .......

    ReplyDelete
  8. ලස්සනයි!

    ReplyDelete
  9. " සාගරයක් තරමට අඞන්නම්
    අනේ නුඹ ලැබේ නම්.... "

    ලැබෙනවනම් ඉතින් මොකටද අඬන්නේ? සතුටු වෙන්න ඕනනේ...

    ReplyDelete
    Replies
    1. අඩපුවාම ලැබෙනවා නම් අඩන්න ලැස්තියි කියලයි අයියෙ කියන්නෙ....

      Delete
    2. ඒ ........... කිව්වහමයි මටත් මීටර් වුනේ ...... එළ එළ :D

      Delete
  10. ආදරය විරහව ගැන කොච්චරනම් කවි /කතා ලියන්න පුලුවන්ද නේද ?

    ReplyDelete
  11. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහ රජතුමෙනි...:D

      Delete
  12. ඔය වගේ කුමාරයෙක් ලැබෙන්න ඔයා ගොඩක් පින් කරලා ඇති නිෂ්...

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ