Friday, June 29, 2012

මිනිස් ඇට කටු ද...?





මේ සිද්ධිය උනේ මන් දෙක වසරේ ඉද්දි...ඒ දවස් වල ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකන් ඉන්නෙ ඉක්මනට කාලා ඔන්චිල්ලාව අල්ල ගන්න යන්න...අපේ ඉස්කෝලේ පුංචි කන්‍යාරාමයක්...ඒකෙ පහ වසර වෙනකන් ඉඳල තමයි ලොකු කන්‍යාරාමයට යන්නෙ....ඉතින් දවසක් මායි මගේ යාළුවෝ සෙට් එකයි ඉක්මනින් කාලා ඔන්චිල්ලාව ලඟට එනකොට වෙන ලමයි සෙට් එකක් ඔන්චිල්ලාව අල්ලගෙන ඉතින් කොච්චර ඔතනට වෙලා උන්නත් ඉන්ටර්වල් එක ඉවර වෙන කන්ම අපිට එක පාරක් වත් ඕක ලැබෙන්නෙ නෑ කියලා අපි දන්නවා...මොකද අපිත් එහෙමනේ අපි අල්ල ගත්තොත් ඉන්ටර් වල් එක ඉවර වෙලා බෙල් එකත් ගහලා මිස් පංතියට යනකන් හරි සිස්ටර් ප්‍රින්සිපල් වේවැල අරන් එනකන් හරි ඔන්චිලි පදිනවා...කොහොමින් කොහොම හරි අපිට එදා ඔන්චිල්ලාව මිස් උනා...දැන් ඉතින් මොනා කරන්නද ඉන්ටර්වල් එක ඉවර වෙනකන් කරන්නත් දෙයක් නෑනේ..ඉතින් අපි කොන්වන්ට් එක පැත්තට ගියා ඇවිදින්න...ඒ හරියේ මඩුවක් වගේ එකක් තියෙනවා...ඉතින් අපිත් ඔතන කැරකි කැරකි ඉද්දි එක ලමයෙක් ඇටකට්ටක් වගේ එකක් පෙන්නුවා..මඩුව ලඟ..ඒක මගේ කකුලට පෑගිලා...ඔන්න එතන තව දෙක තුනක්ම තියෙනවා..ඒ මදිවට සුදු රෙදි වගේ කුත් තියෙනවා...සුදු රෙදි කිවුවට ඒ වෙලාවෙනම් දුවිලි ජරාව වැදිලා වෙන පාටක් වෙලා තිබුනේ...අපි ඉතින් ඇටකටු දැකලා තියෙනව යැයි...

ඔන්න ඉතින් දැන් ලමයි එක එක එවුවා කියනවා..එකෙක් කියනවා..ඉස්සර මෙතන කවුද මැරිලා උන්නයි කියලා..තව එකෙක් කියනවා ඉස්සර සිස්ටර්ස්ලව මැරුනම කොන්වන්ට් එකෙමයි වලලන්නෙ කියලා..තව කියනවා ඇටකටු පෑගුනම හොල්මන් රෑට එනවා කියලා...කථා ගොඩයි...
නිෂ් ඉතින් ඒ කාලේ පුංචි ලමයනේ...ඇත්තම කියනවනම් ඉස්සර වගේම දැනුත් බයයි අඩුම තරම රෑ අටෙන් පස්සෙ තනියම එලියටවත් යන්නෙ නෑ...එක කාලයක් තිබුනා කාමරේකින් කාමරේකට තනියම යන්නෙ නෑ...ඒ තරමටම බයයි...ටීවි බලද්දිත් බය හිතෙන මියුසික් එකක් ගියත් ඇස් දෙකයි කන් දෙකයි වහගෙන තමයි ඉන්නේ...තවමත් එහෙමයි..ඒත් ඉස්සර තරම්ම නම් නෑ....:D

ඉතින් දැන් නිෂ් හිතුවේ මේ කියන කථා ඇත්තම ඇත්ත කියලා...ඉස්සර ඉතින් පොඩි ලමයි දන්නෙ නැති උනත් ඔහේ කියවනවනෙ......දැන් ඉතින් නිෂ්ගෙ ඇස් දෙකෙම කඳුලු....ඉතින් එහෙම කථා කිවුවම ඕන කෙනෙක් බය වෙනවනේ....:-/ දැන්නම් නිෂ් හොඳටම බය වෙලා..ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් එකත් වැදුනා...දැන් ඔක්කොම ලමයි පංතිවලට යනවා...අපේ සෙට් එකත් මට අඩන්න එපා කිය කිය පංතියට ගියා..මිස් ආවා පංතියට ඒත් මන් අඩනවා...මිස් අහනවා ඇයි අඩන්නෙ කියලා ඒත් කවුරුත් කිසි උත්තරයක් නෑ...දැන් ඉතින් මිස්ටත් මලපැනලා ඇයි ඉතින් උගන්නන්නත් විදියක් නෑනෙ...ඔන්න එක ලමයෙක් කිවුවා..ටිචර් මේ නිෂ්ට මැරුන සිස්ටර් කෙනෙක්ගේ ඇටකට්ටක් පෑගිලා..ඒකට එයා බයවෙලා අඩන්නෙ කියලා...
මට මතකයි මිස්ට ඒකට හිනා ගියා...ඉතින් ලමයි මිස්ටත් කියනවා මට කිවුව විස්තරේම....ඇටකටු පෑගුනම අරහෙම වෙනවා මෙහෙම වෙනවා...එකම සද්දයයි පංතියෙම..මිස් ගිහින් අනිත් පංතියෙ මිස්ටත් කිවුවා විස්තරේ..තාමත් මන් අඩනවා...
පස්සෙ මිස් අපි ඔක්කොමලව එක්කන් ගියා ඒ මඩුව තිබුන තැනට...සිස්ටර් ප්‍රින්සිපල්ටත් එන්න කියලා...සිස්ටර්ත් ආවා...මිස්ලා දැන් ඒක දැකලා හිනා වෙනවා ඒත් තාම මන් අඩනවා...

පස්සෙ සිස්ටර් මාව ලඟට අරන් කිවුවා..නිෂ් මෙහෙ එහෙම කිසිම දෙයක් නෑ...මේ තියෙන්නෙ කොන්වන්ට් එකේ ඉන්න බල්ලන්ට ගෙනාපු මස් කටු...:D


අනික මේ පරන රෙදි කෑලි වගයක් මේ මඩුව ඇතුලෙ තියෙන්නෙ කියලා...ඒත් ඉතින් කොහෙද මගේ ඇඩිල්ල නවත්තනවා බොරු...ඉස්කෝලේ ඉවරවෙලා අම්මා එනකන්ම මන් ඇඩුවා...පස්සෙ මට උනත් ගැනුනා....ඔන්න ඔහොමයි නිෂ් ඇටකටු කියලා මස් කටු වලට රැවටුනේ....:D

26 comments:

  1. විනාසයි විනාසයි

    …බිපෙසි :D

    ReplyDelete
  2. බිපෙසි = බිම පෙරලෙමින් සිනාසෙමි :D

    ReplyDelete
    Replies
    1. :D ඔහොමත් බය වෙලා පුලුවනද!
      මට නම් හිතෙන්නෙ ඒව ඇත්තටම ඇටකටු වෙන්ට ඇති. නිෂ්ගේ ඇඩිල්ල නවත්ව ගන්න ඕන හින්ද බොරුවට මස් කටු කියන්න ඇති.

      Delete
    2. o.O නෑ නෑ ඒවා මස් කටුම වෙන්නැති...

      Delete
  3. හයියූ... මාර ඇඩිල්ලක්නේ මේක... ඕක ඇත්තටම මිනිස් ඇට කටු උනානම් මෙයා තාම අඬනවා..

    ReplyDelete
    Replies
    1. හි හි ඉතින් ඒ කාලේ පොඩියි නේ...

      Delete
  4. :D ඔහොමත් බය වෙලා පුලුවනද!
    මට නම් හිතෙන්නෙ ඒව ඇත්තටම ඇටකටු වෙන්ට ඇති. නිෂ්ගේ ඇඩිල්ල නවත්ව ගන්න ඕන හින්ද බොරුවට මස් කටු කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හපොයි වැරදි තැන නොවැ කලින් කොමෙන්ටුව දමල තියෙනනෙ! දැන් ඉතිං මක් කොරන්ටද! මේ ෆෝන් කබලෙන් නෙට් ආවහම ඔහොම වින්නැහි තමා වෙන්න!

      Delete
    2. අවුලක් නැතෝ....:))

      Delete
  5. හපොයි නිෂ්ටත් වෙච්ච දේ..ඇත්තටම නොනවත්වා ඇඩිල්ල තාමත් තියනවද..?? (හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. නැ නැ දැන්නම් එහෙම අඩන්නෙ නෑ...හිහි

      Delete
  6. අපොයි ඔච්චරටම බයද?පුංචි කාලෙනම් අපි කොහොමත් බයයි තමා තාමත් බයයි කියන්නෙ පිස්සු කෙල්ලක්නෙ නිෂ්...ඇත්තටම බිම පෙරලිලා හිනා වෙන්න තරම් කථාව

    හි හි හී

    ReplyDelete
    Replies
    1. මස් කටු වලට නම් බය නෑ...තනියම රෑට එලියට යන්න නම් බයයි...:D

      Delete
  7. nuwara eliya paththeda iskole hmm??

    ReplyDelete
  8. පෑගුන වෙලේම එකක් කාලා බලන්නෙපැයි :D

    ReplyDelete
    Replies
    1. :O නිෂානුත් මාර කථා තමයි කියන්නෙ...

      Delete
  9. හි හි.... පන මෙයාට බයේ දුවන්න ඇති :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි ඒකත් වෙනවා තව ටිකෙන් :D :D

      Delete
  10. අපිත් 5 වසරෙදි ඔහොම බය වුනා..වැටක එල්ලල තිබුනු පරණ සුදු ගවුමකට..ඉතිං සමහරු කිව්ව ඉස්සර ඉස්කෝලෙ අක්ක කෙනෙක් මැරිලා එයාගෙ සුදු ගවුම තමා වැටේ එල්ලල තියෙන්නෙ කියලා..ඉතිං ඒ කාලෙ ශිෂ්‍යත්ව පන්ති ඉවර වෙලා එතනින් ගේට් එක ලඟට එන්න බයේ ඔක්කොම ටීචර්ගෙ පස්සෙන් වැටෙනවා..:D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ඉතින් අපි බයයි නේ....

      Delete
  11. හොද වෙලාවට ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් එක ගැහුවෙ නැත්නම් තොවිලෙකුත් නටන්න වෙනවා .........

    ReplyDelete
  12. මාත් හිතන්නෙ අර ගිමන් කිව්වා වගේ අර චොර චොරේ නවත්තන්න කියන්න ඇති ඒවා මස් ක‍ටු කියලා. ඒවා ඇත්තම ඇටක‍ටු වෙන්න හොඳටම ඉඩ තියෙනවා. හැබැයි ඇත්තම ඇටක‍ටු පැගුනොත් අවුරුදු ගානක් ගියත් ඒකෙ බලපෑම තියෙනවා තනියෙම ඉන්න වෙලාවට . විශේෂයෙන්ම රෑට. විකිපීඩියා එකේ බලන්න.
    henryblogwalker the Dude

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ