Friday, June 22, 2012

ඊයෙත් අදත් හෙටත් හැමදාමත්.....♥♥




මං.....,,,
තරුවක්.....
අහසින් කඩා වැටුන...
කවියක්.....
පද වැල් අපිලිවලට ඇමිනුව
හීනයක් .....
තවත් එක් සැබැ නොවෙන
මුහුදු රැල්ලක්.....
වෙරල ලඟටම ඇවිත් ආපසු යන
ඒත්...,
ඔයා..,
ඒ තරුවට අර්ථයක් දුන්නා....
ඒ පද වැල් අපිලිවෙලට උනත්
තාලයට ගැයුවා....
ඒ දැක්ක හීනේ සැබැවක් කරන්න
වෙහෙස වුනා....
ඒ රැල්ල ආයෙ එනතුරු
වෙරලට වෙලාම උන්නා....
ඉතින් තවත් මට වෙන මොනවද......
ඔයා..ඔයාගේ ආදරය මට......
සත්තයි.............
ලෝකයක් වටිනවා..........
ඊයෙත් අදත් හෙටත්.....
හැමදාමත්...♥♥♥



26 comments:

  1. ආදරයක වටිනාම පදගැලපුමක්..
    ලස්සන නිසදැසක් නිෂ්..!

    ReplyDelete
  2. නියමයි. හැබෑ උන නිෂ්ගේ ආදර හීනය ගැන මුළු හදවතින්ම ලියවුන පද ගැලපීමක් වගේ :))

    ReplyDelete
  3. ඒ වටිනා ආදරය මලක් වගේ හැමදාම ආරක්ෂා කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තන්න කරනවා නිෂ්....
    හදවතින්ම ගැලපීම කරලා වගේ....:)
    ලස්සනයි....

    ReplyDelete
  4. ඒක නම් හිතට දැනෙන්නම ලියලා තියනවා..හරිම ලස්සනයි නිෂ්....

    ReplyDelete
  5. කෙල්ල ඒකනම් හදවතින්ම ලියල වගේ..අයිතිකාරය දැක්කොත් පපුව පැලෙයි..

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම වෙන්න එපෝ....:D :D
      ස්තුතියි අනු..

      Delete
  6. හිතට දැනුන නිර්මාණයක්! අපූරු ලස්සනක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිමන් නිවන්නෝ....

      Delete
  7. ලස්සනයි...... :)

    ReplyDelete
  8. හරිම ලස්සනයි ... :)

    මං මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්. ඇවිත් යන්න එන්න..
    http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොසැන්...අනිවාර්යෙන්ම එන්නම් ඔයාගේ බ්ලොග් එකටත්....

      Delete
  9. අගෙයි අගෙයි..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. ලස්සනයි නිෂ්....ඔන්න ඉතින් අද ඉඳල මමත් එනවා හැමදාම නිෂ්ගෙ ආදරේ ගැන කියවන්න.. :))

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිත්රූ...

      Delete
  11. සොබාදහමත් ආදරයත් කොච්චරක් නම් සමීපද? ඒක මේ නිසදැසින් දැනුණා....ගොඩක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අමිල මේ පැත්තටත් ආවාට...

      Delete
  12. නිෂ්ව මට මග ඇරිලනේ මෙච්චර දවසක්.. ඔන්න මේ පැත්තට ගොඩ උනා මමත්.. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ආවට ගොඩක් ස්තුතියි අයියා..හැමදාම එන්න...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ