Saturday, June 16, 2012

මදුරුවා සහ නුඹේ ආදරය.....



ලියන්නට ගත්තා 
නුඹේ ආදරය ගැන..
කොහෙන් පටන් ගන්නද
හිත හිතා ඉන්නකොට...............
"රූං රූං "
කැරකෙනවා කන ලඟ
"චටා.......ස්"
දහතුන් වැනි මදුරුවා මේසෙ උඩ
ඉතින්..........
කොහේ ලියන්නද....?
නුඹේ ආදරය ගැන...
නැවතුනා..
පටන් ගත්ත තැන එහෙම්මම........:D

18 comments:

  1. දාන්න ගියා මේකට කමෙන්ටුවක්. කැරකෙනවා මදුරුවෙක් කන ගාව.චටාස්...
    නැවතුනා දාන්න ගිය කමෙන්ටුව එතනම :P

    ReplyDelete
  2. හද පායනකොට මදුරුවන්ට පිස්සු තද වෙනවලු :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්නකෝ වෙච්ච දේ :D

      Delete
  3. මදුරුවත් ආදරේට ඇවිත් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. එහෙමවත් හිතමු නේ හසිත...:D

      Delete
  4. අන්තිමට ඉතින් ආදරේ ගැන නැතත් මදුරුවා ගැනවත් ලියවුනානේ...(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. ඒකනේ මදුරුවා ගැන හරි ලිවුවනේ...:))

      Delete
  5. ඇත්තටම නිශ් කියන්න වචන නෑ හිතන්නවත් බැරි විදියට ලියල තියෙනවා...හැබැයි ඔයා පවු කාරිය සත්තු මරන්න හොද නෑ දන්නෙ නැද්ද?...ආදරේ ගැන ලිවුවෙ නෑ මරපු මදුරුවො ගැන ලිව්ව නේ...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අනු මදුරුවෝ මට දිපු වදේට එහෙම කරන්න උනා..අන්තිමේ ආදරේ ගැන ලියාගන්නත් බැරි වුනා මදුරුවො මරලා පවු කාරියෙකුත් උනා.....:))

      Delete
  6. ඒ කියන්නේ මදුරුවා කියන්නේ ආදරයට අකුල් හෙලන සතෙක් ?

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙන්න ඇති නේ රොබින් බලන්නකො ඉතින් මට ඒක ලියාගන්නම හම්බුනෙ නෑනේ....:D :D

      Delete
  7. හරිම ලස්සනයි.... කියවපු ගමන් මේ කවි පෙළට හිත ගියා..... මම නම් කාමරේට එන්නෙ පැය 14ක දගරයක් අරන්... ඔයත් ටැස්ට් කරලා බලන්න.....ජය!

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ වගේ
      මේ පැත්තටත් ආවාට ස්තුතියි අයියා...

      Delete
  8. සැහෙන්න කාලෙකින් මේ පැත්තේ ආවා...සොලී හොදේ පහුගිය ටිකේ ආවේ නැතුවට..:(
    ඒ එනකොට මෙන්න නිෂ් මදුරුවන්ට ආදරය කරන්න අරන්... අලුත් විදියේ අමුතු සිතුවිල්ලක්...
    හපෝ පරිස්සමින් මදුරුවට ආදරය කරන්න මේ දවස් වල ලංකාවේ නම් ඩෙන්ගුත් තියනවා... ලස්සන කවිය හොදේ......

    ReplyDelete
    Replies
    1. අම්බො මදුරුවන්ට නම් ආදරේ කරන්නෙ නැතෝ.....
      ස්තුතියි හිරු......ආයෙ එන්න...

      Delete
  9. මදුරුවො 13ක්! මදුරු ගහනයේ ප්‍රමාණය වැඩිද නැත්නම් එච්චර වෙලා කල්පනා කර කර හිටියද? :)

    ReplyDelete
    Replies
    1. කොහෙ කල්පනා කරන්නද ලියන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම මදුරුවො මර මර උන්නා..ඒ නිසා නිසදැස ලියා ගන්න හම්බුනෙ නෑ...ඒක එහෙම්මම නැවතුනා...:D

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ