Friday, June 8, 2012

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....


ආදරෙත් එක්ක එකට ගැළපෙනම වචනේ තමයි අම්මා කියන්නේ..ප්‍රශ්නයක් ආවම ඒකට හිනා වෙලා මූණ දෙන්න අපිට හැමතිස්සෙම කියලා දෙන්නෙ අපෙ අම්මා..
මට මතකයි මායි අයියයි චූටි කාලේ අපේ තාත්තා උන්නෙ රට..අපේ අම්මා මාවයි අයියවයි බලා ගත්තෙ අම්මගේ ඇස් දෙක වගේ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගන්න කොච්චර වෙහෙසෙන්න ඇත්ද..එක දවසක්වත් අම්මා මාව තනියම පංති යැවුවෙ නෑ..ඒත් එදා ඒ ආදරේ සෙනෙහස ගොඩක් දැනුනෙ නෑ..සමහර විට අම්මා අපේ ලඟ උන්නු නිසා වෙන්න ඇති. අම්මා රට ගියායින්  පස්සෙ තමයි අම්මගේ ආදරේ සෙනෙහස ආරක්ෂාව නැතිකම තදින්ම දැනෙන්න ගත්තේ...ඇත්තටම මේ ලෝකේ අම්මා කෙනෙක්ගේ තැන ගන්න කාටත් බෑ..මගේ ජිවිතේ මුල්ම ගුරුතුමිය මගේ අම්මායි..මේ ලෝකේ කිසිම වෙනසක් නැතිව අපිට ආදරේ කරන්නේ අපේ අම්මා විතරයි...අපිට කරදරයක් උනාම හදවතින්ම තැවෙන්නෙ අපේ අම්මා විතරයි...අපි කොලයක් අරගෙන ඉරි කෑලි දෙකක් ඇඳලා පෙන්නුවත් අපේ අම්මා විතරයි ඒකට ලස්සනයි කියන්නේ...ඒ ලස්සනම නිසා නෙමෙයි අපේ හිත රිදෙයි කියල හිතලා...


දෝර ගලනට
පෑව සෙනෙහස
නුඹෙන් පමනයි
ලැබුනෙ මගෙ අම්මා....


නිමක් නොමැතිව
දුන්නු ආලය
වටියි මට
දිවි තිබෙන තුරා.....


මේ භවයේ මෙන්
හැම භවයකදිම
මගේම වනු මැන
මගේ ආදර අම්මා....


අද මගේ ආදර අම්මගේ උපන් දිනය..අද වගේ දවසක තමයි මගේ රත්තරන් අම්මා මේ ලෝකේ එළිය දැකලා තියෙන්නෙ....




මන් හෙලන හැම හුස්මක් ගානෙම මගේ අම්මට ණය ගැතියි අම්මේ...ජාති ජාතිත් මගේම අම්මා වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.....මගේ අම්මට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා........


ඕන් ඉතින් මන් අම්මා වෙනුවෙන් කිරිබත් හැදුවා..ඔයාලත් එන්න කන්න....:)

25 comments:

  1. ඔයාගෙ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා...
    සියළු රෝග සුවවී තවත් බොහෝ කලක් ජීවත් වන්නට ආයුෂ ලැබේවා...බුදු සරණයි අම්මේ...

    සියළු මවුන් මට මගෙ අම්මා සේ
    හිතට දැනෙන කිරි සුවද නිසා වෙන්
    මවුනි ඔබත් තව දිගුකල් හිදිමින්
    සෙනෙහෙ සුවද පතුරන්න හදින්

    ReplyDelete
  2. අම්මට කියන්න බට්ටිත් සුභ උපන් දිනයක් කිව්වා කියලා

    ''වැටුනත් නළලතට
    ඉදුනු කෙස් ගස් දෙකක්
    හැමදාම ආදරෙයි අම්මෙ
    ඔය ඇස් දෙකට"

    ආ මම හරිම අසයි සුදු කිරිබත් වලට. දවල්ට බත් නොකා කිරිබත් කනවා. හ්ම් හරිම රසයි. කිරි ගානට දාලා. කිරි හුගක් දැම්මහමි හරි නෑ . මේගාන හොදයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බට්ටියෝ සුභ පැතුමටයි මගේ කිරිබත් එක රහයි කිවුවටයි..:))

      Delete
  3. අම්මි‍ට සුභම සුභ උපන්දිනයක්..!!

    ඇත්ත තමයි නිෂ් අම්මා තරම් අපිට ආදරේ කරන කෙනෙක් තව
    කොහෙවත් නෑ මේ ලෝකේ...ඔන්න අම්මි වෙනුවෙන් හදපු කිරිබතෙන් කෑල්ලක් මමත් කෑවා...

    මුවග සිනාවක් සැරසුණු
    සිතපුරා සතුට රැදුණු
    මලින් ජිවිතය පිරුණු
    සුභම සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  4. ඇත්තමයි අම්මා තරම් අපට ආදරේ කරන වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ තමයි. ඔන්න නිෂ් ගේ අම්මගේ උපන් දිනේට සුභ පතන්න මමත් එකතු උනා. කිරි බතුත් කෑවා. සියලු ලෙඩ රෝග වලින් තොරවී දිගු කලක් සතුටින් ජිවත් වෙන්න කියලා මමත් සුභ පැතුවා කියන්නකෝ....

    ReplyDelete
    Replies
    1. ඕන් මන් කිවුවා රෙප් අයියේ...

      Delete
  5. අමිමට මමත් සුභ පැතුවා කියන්න
    කිරි බත් නමි කන්නැ මොකද මම කන්න ගියොත් තව කාට වත් ඉතුරු වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැ අනේ ඔන්න ඔහෙ කන්න...ස්තුතියි ජිංජි..

      Delete
  6. අම්මට නීරෝගීබාවය සහ නිරන්තර සතුට ප්‍රාර්ථනය කරනවා

    ReplyDelete
  7. අම්ම කෙනෙක්ගේ සතුට කියන්නෙ ළමයින්ගේ සතුටනේ,ළමයි හොදින් ඉන්නවනම් අම්ම සතුටින් නිරෝගිව ඉදීවි.ප්‍රශ්නේ තියෙන්නෙ අපේ ළමයින්ට(මාද ඇතුළුව) ඒවා තේරෙන්නේ නැති 1 නෙ.

    අම්මට නිදුක් නිරෝගී ප්‍රීතිමත් ජීවිතයක් ප්‍රර්ථනා කරනව :)

    ReplyDelete
    Replies
    1. අපිට ඒක තේරෙන්නේ අපිත් දෙමාපියන් උන දවසටයි...
      ස්තුතියි නුවන්....

      Delete
  8. ඔයාගෙ අම්මට සුභම සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  9. ඔබේ ආදරණීය මෑණියන්ට සුබම සුබ උපන් දිනයක්වේවා ....!!!!

    ReplyDelete
  10. ඔයාගේ අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන්....

      Delete
  11. මන් ඔයාලා හැමෝගෙම සුභ පැතුම් පෙන්නුවා අපෙ අම්මට..මන් හිතන්නෙ උපන්දිනේකට පවුලේ අයට අමතරව අපේ අම්මට මෙච්චර සුභ පැතුම් ලැබුනමද මන්දා....අපේ අම්මා ඔයාලට ස්තුතියි කියන්න කිවුවා යාළුවනේ....
    :))

    ReplyDelete
  12. ප්‍රමාද වී ලැබෙන සුබ පැතුම්.....!!!

    ReplyDelete
  13. අම්මට සුබ උපන්දිනයක් වේවා! කියන්න නිෂ්

    ReplyDelete

හිතෙන ඒවා ලියන්න හොදේ