Sunday, June 3, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වු ඇය.....1

සමිර අයියේ....
හ්ම්..
මේ...
කියන්න කෙල්ලෙ මොකෝ...
මන් දෙයක් අහන්නද...?
හා අහන්න බලන්න..
මන් මැරුනොත් ඔයා මොකද කරන්නෙ..?
ඔයා මැරුනොත් නේද ම්ම්ම් මන් වෙන කෙනෙතක් එක්ක යාළු වෙනවා..
(ඇය ඔහුගේ කන මිරිකයි)
ආව්...
හරි නරකයි අප්පා..නපුරා හැමදාම  මගේ හිත රිද්දනවා..
ඉතින් ඔයානේ ඕනේ නැති ප්‍රශ්න අහලා හැමදාම මාව තරහ ගස්සලා හිත රිදෝ ගන්නේ...
හ්ම් මේ තව දෙයක්..
ඒ පාර මොකක්ද...
නෑ මේ..
කියනවා හලෝ..
හරි ඉතින් තරහා ගන්නෙ නැතුව අහන්නකෝ.
හරි කියන්නකෝ.
මට ඔයා ගැන නරක ආරචි එනවා අයියේ..
අහ් මන් ගැන ඒ මොනවද..
ඔයා ආනන්දේ ඉන්න සයුරි අක්කත් එක්ක යාළුයි කියලා එයා එක්ක එහෙ මෙහෙ යනවා කියලා මගේ යාළුවෝ දැක්කලු..
(ඔහු ගැස්සෙයි)
ම් ම මම පිස්සුද හලෝ කවුද කිව්වේ..
කිව්ව කෙනාගෙන් වැඩක් නෑනේ ඒක ඇත්තද කියන්න..
මේ තමුසෙට මාව ද විශ්වාස නැත්නම් තමුසෙගේ මහලොකු යාළුවො කියන දේද...
හ්ම් ඔයාව..
එහෙනම් කියනවා කවුද කිවුවෙ..? නිෂ් ද..?
හ්ම් ඔව් ඒත් ඒත් ඔයා කොහොමද දන්නෙ නිෂ් කිවුවෙ කියලා..
න් නෑ..නැ..මේ එයා තමයි තමුසෙට ඔය වගේ දේවල් කියන්නෙ.මහා ඊර්ශ්‍යාකාර කෙල්ලෙක්.කුරුළු කූඩු කඩන්නමයි හදන්නේ..මේ සොනාලි මම එකක් කියන්නම් තමුසෙට මාව ඔනේ නම් ඔය නිෂ් එක්ක තියෙන යාළුකම නවත්තනවා හරිද...
(ඇය ඉකිගසයි..ඒත් ඇගේ කඳුළු ඔහුට ගානක්වත් නැත..)
අපි යන් දැන්..
හ්ම්..
__________________________________________________

උඹට නම් පිස්සු සොනාලි..සමිරයා හොඳ එකෙක් නෙමෙයි ඌට හැමතැනම කෙල්ලෝ..උඹ නිකන් උඹේ ජිවිතේ නාස්ති කරගන්නවා..
ඒත් නිෂ් මට දැන් සමිර අයියව අමතක කරන්න බෑ..එයා නැතුව මන් මැරෙයි..
උඹට කියනවට වඩා හොඳයි කට බිම උලා ගන්න එක..
මට බනින්න එපා බන් මට තේරෙන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා..මේ ඒක නෙමෙයි මන් මෙහෙම කිවුවා කියලා උඹ මා එක්ක තරහා වෙන්නෙ නෑනේ...
හරි බන් තරහා වෙනවද යාළුවෙනවද බලන්න ඉස්සෙල්ලා කාරනාව කියහන්කෝ..
ම් මේ.. මේකයි බන් සමිර අයියා ඉන්න වෙලෙට උඹ වැඩිය මාත් එක්ක කථා කරන්න එපා..
අහ්.. සමිරයද උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..
හ්ම්ම්..
උඹ නම් මහා ගොන් හරකියෙක් බන් ඒකෙන්ම තේරරෙන්නෙ නැද්ද උඹට......මන් උගේ හැමදේම දන්න නිසා තමයි උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..උඹ මහා මෝඩියෙක් බන්...
මන් දන්නෙ නෑ නිෂ්...දන්නෙ මෙච්චරයි මන් සමිරයියට ගොඩක් ආදරෙයි..
දවසක උඹට තේරේයි..හැබැයි කෙල්ලෙ එදාට උඹ පරක්කු වැඩි වෙයි..
පංතියට යන්...
____________________________________________________

හෙලෝ හෙලෝ සමිර අයියේ..
ඇයි සොනාලි හදිස්සියක්ද..
න් නෑ මන් මේ නිකන් ගත්තේ ඔයා මට කෝල් කරන්නෙත් නෑනේ..දැන් දවස් හතරකින් කථා කරෙත් නෑනේ ඒකයි
මන් ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නම් ළමයෝ මන් දැන් බිසි..
හ්ම් 
බායි.
බුදු සරණයි පරිස්සමින්...
(ඇය නැවත දුරකථන ඇමතුමක් ගනියි)
හායි කෙල්ලේ මොකෝ අපිව මතක් වෙලා..
න් නෑ බන් නිකන්..
නිකන්..නිකන් වෙන්න නම් බෑ කියපන් මොකෝ..
මුකුත් නෑ බන්..මට පාළුයි ඒකයි ගත්තේ..
හ්ම් හ්ම් උඹ කියනවා මන් අහනවා..මේ ඒක නෙමෙයි උඹේ යාළුවෙක් ඇවිත් මෙච්චර වෙලා ඉඳලා දැනුයි ගියේ...
කවුද බන්..
රහල් බන්..ඌ උඹ ගැනමයි කථා කරේ..රහල් සමිරයගේ යාළුවා උනත් හිත හොඳ එකා බන්..ඌ දුක් වෙනවා උඹ ගැන..
හ්ම්...
මට හිතෙන්නේ රහල් උඹ ගැන හොයනවා වැඩි වගේ..
අනේ මේ නිකන් ඉදින්..මට මේ වෙලා තියන දේ මදිද..
හරි හරි බන් මන් නිකන් කිවුවේ...
මේ මන් තියන්නම් කෙල්ලේ..නිදි මතයි...
ඕකේ ගුඩ් නයිට් කෙල්ල..
( නිදි මතයි කිවුවත් සොනාලිගේ දෙනෙත් මොහොතකටවත් පිය වුනේ නෑ..ඇය විනාඩියෙන් විනාඩිය දුරකථනය අතට අරන් බැලුවා සමිරගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ ඇවිත් ඇත්ද කියා..බැරිම තැන නැවත ඇමතුමක් ගත්තා..)
"ඔබ ඇමතු ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත..කරුණාකර පසුව අමතන්න".

ඇය දිග හුස්මක් ගත්තා....
__________________________________________________
නංගි හෝව් කොහෙද මේ දුවන්නේ...
අහ් රහල් අයියා මන් ක්ලාස් යනවා..
මේ නංගි මන් නංගි මුණ ගැහෙන්නමයි උන්නේ විශේෂ කාරණාවකට....
විශේෂ කාරනාවක් ඒ මොකක්ද..?
මේකයි නංගි නංගි මේක අහලා කලබල වෙන්න එපා..
කියන්නකො අයියෙ ඉතින්
මේකයි මන් සමිර ගැන නංගි එක්ක කථා කරන්නයි ආවේ.....
සමිර අයියා ගැන ඒ මොනවද..?
මේකයි නංගි සමිරයා මගේ යාළුවා තමයි ඒත් මටත් නංගි වගේ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා..ඒ නිසයි මන් මේක නංගිට කියන්න ඔනේ කියලා හිතුවේ..
හ්ම්ම් කියන්නකො අයියේ...
සමිර නංගිට ඇත්තටම නෙමෙයි නංගි ආදරේ කරන්නේ ඌට හැමතැනම කෙල්ලෝ..මේ වෙද්දිත් ඌ කෙල්ලෙක් එක්කයි ඇත්තෙ....
මොනවා අනේ අයියේ ඔය ඇත්තමද...?
මන් මොකටද නංගි ඔයාට බොරු කියන්නේ....
(ඇය එදින පංතියට නොගොස් නැවත හැරි ගෙදරට දුව ගියා)
_______________________________________________

ඉහත සඳහක් වෙන්නෙ මීට අවුරුදු 7කට කලින් දෙතුන් දෙනෙක් අතර වෙච්ච දෙබස් කිහිපයක්...මේ චරිත අතරින් සොනාලි කියන චරිතය මේ වෙන විට අපෙන් සදහටම ඈත් වෙලා ගිහින්..කාලයක් මගේ ජිවිතයේ මගේ හොඳම යෙහෙලිය..අද වෙද්දි ඇය අපෙන් සමු අරන් අවුරුදු 3ක් වෙනවා...ඒ උනත් මේ හැම සිද්ධියක්ම මට අද වගේ මතකයි...තව දෙයක් ඇය අගේ ජිවිතේ හැමදේම මාත් බෙදා ගත්තා.ඇය තම ප්‍රේමවන්තයා සමඟ කථා කල දේවල් පවා...මේ සොනාලිගේ ජිවිතයේ අවසන් පරිච්ඡේදයයි......

මුලින්ම මන් චරිත ටික හඳුන්වලා දෙන්නම්....


සොනාලි - කථා නායිකාව
සමීර - සොනාලිගේ ප්‍රේමවන්තයා
නිෂ් - සොනාලිගේ හොඳම යෙහෙලිය(ඒ කියන්නෙ මන්)
රහල් - සමීරගේ යාළුවෙක්(හිත හොඳ කොල්ලෙක්)
නුවන්- සොනාලිගේ ආදරය පතා ආව පෙම්වතෙක්
සඳරූ - සොනාලි වෙනුවෙන් තවමත් කඳුළු හෙලන උතුම් පෙම්වතෙක්.....

රැදි සිටින්න...ඉතිරිය ඊළඟ කොටසින්...........

18 comments:

  1. වෙනස් විදියක කතාවක් වේවිකියලා හිතනවා....

    ReplyDelete
    Replies
    1. අනිත් කොටසත් බලන්නකෝ..

      Delete
  2. කඳුළකින් අවසන් වුණු ආදර කතාවක් වගේ..... නිෂ්ටත් හරි හරි අත්දැකීම් තිබිලා නොවැ :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද :D..ඊලඟ කොටසත් බලන්න එන්න...

      Delete
  3. කතාව නම් අපුරුවට ලියලා තියනවා නිෂ්..ඒත් අවසානය කදුළු බිදක්වුන සැබැ කතාවක් වගේ දැනුණ නිසා හිතට දුකක් එතතු වුනා..මොනවා වුනත් ඉතුරු ටිකත් බලලම ඉන්නම්කෝ....

    ReplyDelete
  4. කවුද අක්කා සොනාලි?

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙ උන්නු කෙනෙක් නංගි..ඔයා දන්නවත් ඇති...

      Delete
  5. මේ යන විදියට යාලුවන්ට උදවු කරන්න ගිහින් අන්තිමට නිෂ් නරක ළමයා වෙයි වගේ .......අපි බලමුකෝ

    ReplyDelete
    Replies
    1. ‍‌හොඳ කරන්න ගියාම ඔහොම දේවල් වෙනවනේ රෙප් අයියේ මොනා කරන්නද...

      Delete
  6. දෙයියනේ මගෙ ඇග හිරි වැටිල ගියා ඒත් ඇයිද කියන්න මම දන්නෙ නෑ ,., ජයෙන් ජය ,.,

    ReplyDelete
  7. සුලබ සිදුවීමක් වගේ

    ReplyDelete
  8. මල කෙලියයි කථා ගොඩට තව එකක් එනවා වගේ
    මොනවා කරන්නද ඉතිං හිත හදාගෙන ඉතුරු ටිකත් කියවනවා

    ReplyDelete
    Replies
    1. ඊලග එකත් කියවන්නකෝ...

      Delete
  9. නිෂ් කියවන්න කියවන්න ආසා හිතෙන කතාවක් ජයෙන් ජය!!!!!!!!11

    ReplyDelete
    Replies
    1. ඒත් අවසානයේ දුකක් ශානු...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ