Monday, June 11, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...2

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...1

කෙනෙක් එකපාරක් දැක්කොත් ආයේ හැරිලා බලන රූ සපුවක් හිමි සොනාලි පිරිමි තුන්දෙනෙකුගේ පවුලේ එකම ගෑණු ළමයා..ආගමට දහමට ලැදි පවුලක එකම ගෑණු ළමයා උන සොනාලිට හැමෝම ආදරය කලා..කොච්චිකඩේ ජනප්‍රිය පාසැලක ඉගෙන ගත්ත සොනාලි දහවන පංතියෙදි තමයි අපේ පාසැලට එන්නෙ.ඒ සොනාලිගේ පියාගේ ව්‍යාපාර කටයුතු නිසා ඔවුන් ගෙවල් මාරු කර අපේ පලාතට ආවේ..ඒ ඇවිත් ටික කාලයකින් සොනාලි අපිත් එක්ක යාළු වුනා..අපි ඉන්ටර්වල් එකේදි කෑම කෑවේ පවා එකට..පංති ගියේ..ඇඳුම් පැළදුම් ගන්න ගියේ ඒ සේරම එකට...ඒ අතරේ තමයි සොනාලිට සමිර මුණ ගැසෙන්නේ..සමිර ඒ වෙද්දි උ/පෙල අවසන් අවුරුද්ද..සමිරගේ පවුලේ අයියයි එයයි..දෙන්නම හැඩ හුරු කමින් එක වගේ..ඒත් සමිර ටිකක් පාටයි..සමිරගේ ගේ තිබුනේ සොනාලිලා අළුතින් කුලියට ගත් ගෙදරට ගෙවල් තුන හතරකට මෙහායින්..

ටික කාලයක් යද්දි සොනාලියි සමිරයි ආදරේ කරන්න පටන් ගන්නවා..ඒ අතර තුර තමයි නුවන් සොනාලිලගේ නිවසට යන්න එන්න පටන් ගන්නේ..නුවන් කියන්නේ සොනාලිගේ පොඩි අයියගේ හොඳම යාළුවා..සල්ලිකාර පවුලක එකම දරුවා..එහෙම ටික දවසක් යද්දි නුවන් සොනාලිගෙන් යාළුවෙන්න අහනවා..ඒත් ඒ වෙද්දිත් සොනාලිගෙයි සමිරගෙයි ආදර කථාව පටන් අරන්..නුවන් සොනාලිගෙන් අහලා බැරිම තැන සොනාලිගේ පොඩි අයියට කියනවා නංගි ගැන අදහසක් තියෙනවා කියලා..පොඩි අයියනම් නුවන්ට කැමති..සොනාලි නුවන් විවාහ කරගත්තොත් ඇයට හොඳින් ජිවත් විමට පුළුවන් නිසා..පොඩි අයියත් නිතරම සොනාලිට නුවන් ගැන කියනවා..ඒත් ඒ මොන දේටවත් සොනාලිගේ හිත වෙනස් වෙන්නෙ නෑ..සොනාලිට නුවන් එක්ක සමිර ගැන කියන්න බෑ..සොනාලි දන්නවා එහෙම කිවුවොත් නුවන් පොඩි අයියා එක්ක කියනවා කියලා...එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ...

දිනක් නුවන් සොනාලිලගේ ගෙදර එනවා..ඒ එද්දි රත්තරන් චුටි චේන් එකකුයි කරාබු දෙකකුයි අරන් එනවා සොනාලිට..ඒත් සොනාලි ඒක භාර ගන්නෙ නෑ..අවසානයේ සොනාලි සමිර ගැන නුවන් එක්ක කියනවා..නුවන් තේරුම් ගන්න ඇති දෙදෙනෙක් මැද්දට එන්න හොඳ නෑ කියලා..ඇයටත් සමිරටත් සුභ පතා ඔහු යනවා...සොනාලි හිතුවටත් වඩා ඉක්මනින් ඒ ප්‍රශ්නෙත් ඉවර උනා..කාලෙත් එක්ක සොනාලිගේත් සමිර ගෙත් ආදර කථාව ගලාගෙන යනවා...ඒ අතර තුර තමයි සමිර ගැන සොනාලිට නරක ආරංචි එන්න පටන් ගන්නෙ..ඒත් සොනාලිගේ ආදරේ නිසාමද මන්දා ඒ එකක්වත් සොනාලි විශ්වාස කරන්නේ නෑ..දැන් ඔයාලා හිතනවා ඇති සොනාලි හරි මෝඩයි කියලා මාත් එහෙම හිතුවා ඒත් අද මට තේරෙනවා සොනාලිගේ හිතේ තිබුන ආදරෙ නිසයි ඒ එකක් වත් සොනාලි විශ්වාස කරේ නැත්තෙ කියලා..

දවසක් පංති යන්න ලෑස්ති වෙලා ඉද්දි සොනාලිට කෙටි පණිවිඩයක් එනවා ඒ රහල්ගෙන්...
"නංගි ඔයා මන් කිවුව ඒවා විශ්වාස කරේ නෑනේ සමිරලගේ ෂොප් එකට මේ දැන් යන්න ඌ මේ වෙද්දිත් කෙල්ලෙක් එක්ක ඉන්නෙ.."
සොනාලි පංති යන ගමන අතහැරලා යනවා සමිරගේ ෂොප් එකට දෙවියනේ සොනාලි කිවුව දේ නිසා මන් අදටත් සමිරව දැක්කත් අහක බලනවා නම් සොනාලිට ඒ දේ කොහොම දරා ගන්න පුළුවන් වෙන්න ඇත්ද..?

ඒ වෙද්දි අපිට සා/පෙලට මාස තුනක් වගේ තමයි තිබුනේ..සොනාලි එදා පෙති වගයක් බිලා තිබුනා..ඒත් සොනාලිගේ වාසනාවට එයාට මුකුත් උනේ නෑ...සොනාලිට හිත හදා ගන්න අමාරු උනා.අනේ සොනාලි මාත් එක්ක කොච්චර නම් අඬන්න ඇත්ද..මට තාම මතකයි අනේ නිෂ් සමිර අයියා ඇයි මට මෙහෙම කරේ මන් එයාට කොච්චර ආදරේ කරාද කියලා අඬනවා..ඒත් එක්කම අපේ විභාගෙත් ආවා..සොනාලිත් විභාගේ ලිවුවා..අපි හැමෝම හිතුවේ සොනාලි විභාගේ ෆේල් වෙයි කියලා..ගණිත විශය ඇරෙන්න ඇය අනිත් විශයන් සියල්ලම සමත් උනා..ගණිත විෂය අසමත් නිසා එයාට උ/පෙල කරන්න බැරි වුනා..

ආයෙත් එයාලා ගෙවල් මාරු කරා..ඒ ටිකක් දුර..පස්සේ මට සොනාලිව නිතර මුණ ගැසුනෙ නෑ.හැබැයි කෝල් කරා නිතරම වගේ..එහෙම අවුරුදු දෙකක් විතර ගියා..පස්සේ සොනාලිට විවාහ යෝජනාවක් ඇවිත් තිබුනා..සොනාලිලගේ ගෙවල් පැත්තේ කෙනෙක්..එයා තමයි සඳරූ..

සොනාලි සඳරූ නිසා සතුටින් උන්නා..සඳරූගේ ආදරේ නිසා සොනාලිට සමිර ගැන මතකය ටිකෙන් ටික ඈත් උනා..සොනාලි සමිර ගැනත් සඳරූට කියලා තිබුනා..සඳරූ සොනාලිට ඇත්තටම ආදරේ කරා..ඔවුන් විවාහ වෙන්න උන්නේ...දෛවය හැමදාම කරේ සොනාලිට අසාධාරණකම්..සඳරූගේ ආදරය වැඩි කල් සොනාලිට ලබන්න බැරි උනා...

දවසක් මට කෝල් එකක් ආවා ඒ සොනාලිගේ අම්මා..ඒ මන් රට යන්න ටික කාලයකට කලින්
"දුව සොනාලි හොස්පිට්ල් ඇඩ්මිට් කරා..එයා තමයි කිවුවෙ ඔයාට කෝල් එකක් දිලා කියන්න කියලා."
 මන් එදා හොස්පිට්ල් එකට ගියා..

මට අදටත් මතකයි ඒ මූණ...මහා අසරන කමක් තිබුනා..ඇස් වටේ කළු වෙලා කොන්ඩේ තිබුනායින් භාගයයි..ඇඟ හොඳටම කෙට්ටු වෙලා..කලන්තයක් දාලා තමයි සොනාලිව හොස්පිට්ල් එකට අරන් ඇවිත් තිබුනේ..මන් එයා බලන්න යද්දි සඳරූ සොනාලි ලඟ උන්නා..සඳරූගේ ඇස් වල කඳුළු මන් දැක්කා..එදා මන් හිතුවේ සොනාලි කොච්චර වාසනාවන්තද කියලා..
ඒත් මට වැරදුනා..
ඒ වෙන කොටත් සොනාලිගේ ලෙඩේ මොකක්ද කියන්න ඩොක්ටර්ස්ලවත් හොයා ගෙන තිබුනෙ නෑ..ටික දවසකින් ඇයට ගෙදර යන්න පුළුවන් උනා..ඒ වෙද්දි මට රට යන්න දවස් කිහිපයයි..අන්තිමට මට ඇය මුණ ගැසුනේ අපේ පල්ලියේදි..එයා එයාගේ අම්මා එක්ක ඇවිත් උන්නෙ..එයාට කොච්චර ලොකු  අමාරුවක් තිබුනත් එයාට ඒ හැමදේම මොහොතකට අමතක කරන්න පුළුවන් ලස්සන හිනාවක් තිබුනා..ඒ හිනාවෙන්ම එදා එයා මට සුභ පැතුවා..

මන් ඉතාලියට ඇවිතු මාස හතරක් ගෙවුනා...ඒ අතර තුර මට ආරංචි උනා සොනාලිට සැරින් සැරේ අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියලා..
එදා හරියටම එයාලගේ ගමේ පල්ලියෙ මංගල්ලෙ දවසේ..ඒ වෙලාවේ මන් අපේ ගෙදර අයත් එක්ක ස්කයිප් එකෙන් කථා කර කර උන්නේ..ඒ වෙලේ අයියා කිවුව දේ අහලා මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා..සොනාලි අපිව දාලා ගිහින් ආයේ අපි ලඟට එන්නෙම නැති ගමනක්...ඒත් දෛවය කොහොමද එයාට එච්චර අකාරුනික උනේ...චපල ආදරයක් නිසා අවුරුදු තුනක් දුක් වින්ද සොනාලි උතුම් ආදරයක් නිසා හිනා වෙන්න ගත්තා විතරයි එයාගේ හිනාව නැත්තටම නැති කරලා එයාට ජිවිතෙත් අහිමි කරා...


බලන බලන දෙස
සැමදේ නිසිලෙස
එනමුත් මිතුරිය 
නුඹ නෑ පෙර ලෙස
දෛවයේ සරදමින්
දෙනෙත් පියාහල
නැවත ඉපදෙන්න
මිතුරි....
සිනහවත් රැගෙන
මතු අත්භවේදිත්
අප අතරටම....



ප/ලි
ගිය අවුරුද්දේ මන් ලංකාවට ගිය වෙලාවේ සොනාලිගේ අම්මා මුණ ගැසුනා...ඒ අම්මා එදා මාත් එක්ක හරියට ඇඩුවා.මාව දකිද්දි එයාට සොනාලිගෙ මතකය ආයෙ අළුත් වෙන්න ඇති.අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද ඒ දුක අවුරුදු විස්සක් අතක් පයක් කැඩෙන්න නොදි ආදරෙන් හදපු තමන්ගේ එකම දුව තමන්ව දාලා ගියා කියලා හිතෙද්දි....ඒත් මොනවා කරන්නද වෙලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා..ඒකයි ජිවිතේ කියන්නෙ....ඉපදිමක් ඇත්නම් මරණෙකුත් තියෙනවනෙ......
____________________________________________________

14 comments:

  1. ම්ම්ම්ම් දුකයි අප්පා,.,., සොනාලි ඔබට නිවන් සුව ,., :(

    ReplyDelete
  2. ජිවිතේ හරි පුදුමාකාරයි නිෂ්..අපි හිතන පතන දේවල් වෙන්නේ කලාතුරකින්..ඇත්තටම කවදම හරි ආයෙමත් එයා අපි අතරට ඒවි නිෂ්...එතෙක් ඇයට නිවන් සුව..!!

    ReplyDelete
    Replies
    1. ඔව් සිතු මාත් එහෙම හිතනවා...

      Delete
  3. සොනාලිට තිබුණු අසනීපේ මොකක්ද ??

    ReplyDelete
    Replies
    1. ඒක මන් හරියටම දන්නෙ නෑ හසිත..කොහොම හරි එයා නැති වෙනකන්ම ලෙඩේ හොයාගන්න බැරි වෙලා තිබුනා...

      Delete
  4. ජීවිතය කියන ඒක හරි පුදුමාකාර දෙයක් කිසිම වෙලාවක තේරුම් ගන්න බැහැ ,බැදීම් ඇතිවෙනකොට සතුටු වෙන්නත් ඒවා නැතිවෙනකොට දුක්වෙන්නත් අපිව හුරුකරවනවා ....
    හුගාක් වෙලාවට අපිව දාලා ඉක්මනින්ම යන්නෙත් අපි හුගාක් ආදරය කරන අයමයි ...

    නුදුටු සොයුරිය ඔබට නිවන් සුව ....!!!!!

    ReplyDelete
  5. හ්ම්ම් හිතපුම නැති විදියකට කතාව ඉවර වෙලා. මොනවා කියන්නද කියලා හිතාගන්නවත් බෑ. නුදුටු සොයුරිය ඔබට නිවන් සුව ....!!!!!

    ReplyDelete
    Replies
    1. මටත් තාම හිතාගන්න බෑ රෙප් අයියෙ එයා අපිය දාලා ගිහින් කියලා...

      Delete
  6. අනේ මමත් මෙහෙම අවසානයක්නම් හිතුවෙ නෑ...ආදරේ නිසා විදින අය වගේම විදවන අයත් ඉන්නවා..හැබැයි විදවන අය වැඩියි කියලයි මගේනම් අදහස..

    නිෂ් ඔයාගෙ ආදරණීය යෙහෙලියට නිවන් සුව පතනවා මමත් හදවතින්ම....!!!!!

    ReplyDelete
    Replies
    1. අපේ ජිවිත කථාවත් අපි හිතන්නෙ නැති විදියට ඉවර වෙයි අනු...

      Delete
  7. ආදරය තරම් සතුට ගේන දේකුත් නැහැ ආදරය තරම් දුකක් ගේන දේකුත් නැහැ

    ReplyDelete
    Replies
    1. ඒත් සොනාලිට ආදරේ විදින්න තරම් කාලයක් ලැබුනෙ නෑ..ඒක එයාගේ අවාසනාව වෙන්න ඇති...

      Delete

හිතෙන ඒවා ලියන්න හොදේ