ඔය අතරේ අපේ පුංචිගේ ගේ හදන්න පටන් අරන් තිබුනා..ගේ හදන්න සල්ලි පුංචි එවුවෙ අපේ මම්මට..එයා තමයි බාස් ලගේ වියදම් බඩු මූට්ටු ගන්න යන වියදම් හරියට බලලා කරන්නේ...ඉතින් එක පාරක් පුංචි සෑහෙන්න ලොකු ගානක් එවලා තිබුනා...මට හරියට ගාන නම් මතකයක් නෑ..හැබැයි ලොකු ගානක්...ඉතින් සල්ලි අපේ ගෙදර තියා ගන්න මම්මා බය උනා...පස්සේ පප්පා කැමැත්තෙන්ම සල්ලි ටික අරන් ගිහින් හංගලා තිබුනා...
ඔන්න දවසක් අර සල්ලි වල අවශ්‍යතාවය ආවා...දැන් පප්පා ගේ පෙරලගෙන සල්ලි හොයනවා..අපිත් හොයනවා..ඒ අතරෙ මම්මගේ ඇඩිල්ල අහන් ඉද්දි ඔක්කොම එපා වෙනවා...පප්පට බැන බැන නෙ අඩන්නෙ...
අනේ ඉතින් කොහෙවත් නෑ..දැන් මොකද කරන්නෙ...අයියෝ...
ඔන්න පප්පට හදිසියේම දෙයක් මතක් උනා...පප්පා ඇතුල් කාමරේට ගියා අපිත් ඒත් එක්කම ඇතුලට ගියා..කාමරේ ඇතුලේ තියෙනවා මාමාලා රටින් ගෙනාපු අවන් එකක් කවුරුත් නැති නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ.. ඉතින් පප්පා ඕක පියන ඇරියා...
හපොයි දෙවියනේ...........................
මීයෝ සල්ලි භාගයක් විතර කාලා ඒ මදිවට ඒ උඩ පැටවු දාලා මෙන්න මේ වගේ චුටි පැටවු.....සල්ලි කොල චුටි කෑලි තමයි ඉතිරි වෙලා තිබුනේ....
-
-
-
-
-
ඔන්න ඊට පස්සෙ ඒ සල්ලි බැංකුවට දිලා මාරු කරගත්තා...ඒ නිසා අවුලක් උනේ නෑ...හැබැයි ආයේ නම් මම්මා පප්පට සල්ලි භාර දුන්නෙත් නෑ...පප්පා සල්ලි භාර ගත්තෙත් නෑ....:D :D
හපොයි! බැංකුවේම තියන්න ඕන සල්ලි නම්! :)
ReplyDeleteඔව් නේ..
Deleteඅයියෝ සල්ලි!!!!!!!!!!!!!!!
ReplyDeleteහි හි...
Deletehik,z....oooooooh
ReplyDelete:D
Deleteහයියෝ සල්ලි.. හොද වෙලාවට කොල වල කෑලි ටික හරි මතක් උනේ.. හැබැය් ඉතින් බැංකුවේ තිබ්බනම් මී පැටවු වගේ පොලිය තියෙයි.
ReplyDeleteඒක නම් ඇත්ත අයියා..ඒ උනාට ඒ සල්ලි වැඩ වලට ඕනා වෙන නිසයි බැංකුවෙ දැම්මෙ නැත්තේ..
Deleteඔහොමත් මීයන්ට දෙනවද සල්ලි ඈ.... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මියන්ටත් හරි ආස හිතෙන්න ඇති නේද...හි හි
Delete:D පාඩුවක් උනා නම් එහෙම අපරාදේ
ReplyDeleteඔව් ඉතින් ඒත් මොනා කරන්නද..:))
Deleteබල්ලොත් නොකන සල්ලි කිව්වට මීයෝ සල්ලි කනවනේ :D
ReplyDeleteඒකනේ..හික් හික්
Deleteකෝ ඒ මී පැටව් ටික? කොහොම වුනත් දාස් ගානක් කාල හැදුන මී පැටව්නේ සාමාන්‍ය මියන්ට වැඩිය වටිනවා! :D
ReplyDeleteඅනේ මන්දා දැන්නම් උන් නැතිව ඇති...:D
Deleteඒක එහෙනම් මී බැංකුවක් වෙන්න ඇති..(හේ..හේ..)වේලාවට ඔහොමවත් පප්පා ගැලවුනේ..නැත්නම් ඉතින් ඉවරනේ....
ReplyDeleteඅම්බෝ ඔව් හා හා...
Deleteහ්හි හිහි
ReplyDeleteහි හි..
Deleteඅක්කේ email බලන්ඩෝ :)
ReplyDeleteමදෙයි ඔයින් ගියා...
ReplyDeleteනිෂ් බලන්න අදයි ආවේ...
ස්තුතියි යාළු....
Deleteසෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ.. මාගේ 150 වන ෆලොවර් දකින්න කියලා..
ReplyDeleteජය වේවා!!
හෙ හෙ ස්තුතියි යාළු...
Deleteබල්ලෝ නොකන සල්ලි මියෝම කාපිය. ටිකක් පරක්කු වෙලා හරි මේ පැත්තෙත් ආව ඇ....
ReplyDeleteමාත් බැලුවෙ ඒක තමයි මොකෝ පරක්කු කියලා....
Delete