Thursday, September 27, 2012

එදා..නුඹ ආදරෙයි කි මුල්ම දවසේ.....

හිමි නොවෙන්න තිබුනා 
සදාකාලික දුක....
ඇස් අද්දරම විසිර නොයන්න තිබුනා 
පැතු පැතුම....
බැද ගෙන තබා ගන්න හැකි උනා නම් 
නුඹේ ආදරය‍..................
නුඹ ආදරෙයි කී මුල්ම දවසෙම....

Thursday, September 6, 2012

ඔයාටත් ඉන්නෙ මේ වගේ යාළුවෙක්ද..? එහෙනම් ඔයත් වාසනාවන්තයි..



අපි අඬද්දි අපිත් එක්ක ලගින් ඉදගෙන හේතු අහන්නෙ නැතුව අඬන්න, අපි හිනා වෙද්දි අපිත් එක්ක ඇස් රතු වෙනකන් හිනා වෙන්න..අපිට කරදරයක් උනාම කියන්නත් කලින් අපි ලඟට එන්න, අපි කියන්න කලින් අපි කියන්න යන දේ අපේ හැඟිම් තේරෙන යාළුවෙක් යෙහෙලියක් අපිට ඉන්නවා නම් කොච්චර හොඳද නේද...?
එහෙම අය අපිට ලැබෙන්නෙත් අපේ වාසනාවකට..තමන්ගේ දුක කියා ගන්න කෙනෙක් නැතිව..කරදරයන් උනාම පිහිට වෙන්න කෙනෙක් නැති උනාම අසරන වෙන අය අපි අතරෙ කොච්චර ඉන්නවද..
ඒ අතින් මන් වාසනාවන්තයි..මට ඉන්නවා හොඳ යෙහෙලියක්..ඇය යෙහෙලියකට වඩා මගේ අම්මගේ බඩින් ආව මගෙම සහෝදරියක් වගේ..
එක බඩින් ආව සහෝදර සහෝදරියන් ඇන කොටා ගන්න අද වගේ කාලෙක ඇය ඇත්තටම  උතුම් සහෝදරියක්...ඇයව මට මුණ ගැහෙන්නේ 2009 අවුරුද්දේ..ඒ මූණූ පොතෙන්..මුලින් ම ඇය මට මැසේජ් එකක් දාලා තිබුනා එයාව දන්නවද කියලා..ෆොටෝ එක දැක්කම යන්තම් හුරු පුරුදු ගතියක් තිබුනත් මට හරියටම අඳුරගන්න බැරි උනා කවුද කියලා..ඒත් එයා මාව අඳුරගෙන තිබුනා..ඉතින් මන් කිවුවා මට හරියට මතක නෑ කියලා..පස්සෙ එයාම මතක් කරලා දුන්නා..
අපි සා/පෙල කරේ 2005..2004 අවුරුද්දේ අපි ගිණුම්කරනය විශයට අමතර පංතියකට ගියා..ඒ පංතියට තමයි ඇයත් ආවේ..අපි දෙන්නා පාසැල් දෙකක..ඒ උනත් අමතර පංති වලට ගියාම වෙන වෙන පාසැල් වල අයත් එක්ක යාළු වෙනවනෙ..ඒ උනත් එයා එක්ක මගේ එච්චරම යාළු ෆිට් එකක් තිබුනෙ නෑ..ඒ උනත් දැක්කම හිනා වෙනවා.ඉතින් ඔහොම කාලේ ගෙවිගෙන ගියා.2005 අවුරුද්දෙ සා/පෙල කරාට පස්සේ මන් උ/පෙලට තෝර ගත්තේ වාණිජ විශයන් එයා තෝරගෙන තිබුනේ කලා විශයන්..ඒ නිසා අපි එච්චර මුණ ගැසුනේ නෑ..මන් හිතන්නෙ මුණ ගැසුනෙම නැති තරම්...
ඔහොම කාලයක් ඉද්දි මන් ඉතාලියට ආවා..පස්සෙ තමයි මන් මූණු පොතක් හදා ගත්තේ..ඒකට තමයි එයා මුලින්ම මැසේජ් එක එවුවේ.පස්සේ නොහිතපු විදියට අපි අතරේ යාළු කමක් ඇති වුනා..ඒක හරි පුදුම යාළු කමක්..මන් හැමදාම උදේට ඔන්ලයින් යද්දි මට ගුඩ් මෝර්නින් මැසේජ් එකක් තියෙනවා..මන් ඔන්ලයින් ඉන්නවා දැක්කම හැමදාම චැට් කරනවා.මට ඔන් ලයින් යන්න බැරි උනාම මගේ ෆෝන් එකට මැසේජ් එකක් දෙනවා නැත්නම් කෝල් එකක් දෙනවා.ඔහොම කාලේ ගෙවිගෙන ගියා.අපේ යාළුකමත් එන්න එන්නම වැඩි උනා.මට මොනා හරි ප්‍රශ්නයක් උනාම එයාට තමයි මම සේරම කිවුවේ.එයා මන් කියන හැමදේම අහන් ඉන්නවා.මට මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා මට උපදෙස් දෙනවා..ඇත්තටම ඒ වගේ යෙහෙලියක් ලැබෙන්න මන් වාසනාවන්තයි..

අද කාලේ ගොඩක් අය ඉන්නෙ වාසියක් ලැබෙනකන් විතරයි.ඒ අතින් ඇය ගොඩක් වටින යෙහෙලියක්..සමහර වෙලාවට මන් එයාට බනිනවා.ඒ කොච්චර බැන්නත් හිනා වෙලා ඒවා අහගෙන ඉන්නවා...ඕනම කෙනෙක්ට දුකේදි පිහිට වෙනවා.නෑ බෑ නොකියා..ඇත්තටම පුදුම කෙනෙක් එයා..කන්න තියෙන බත් පිඟාන බඩගින්නෙ ඉන්න කෙනෙක්ට දිලා එයා බඩගින්නෙ ඉන්නවා..එයා මට කරලා තියන උදව් බොහොමයි..ඒවලට මන් එයාට සදා ණයගැතියි.ජිවිතේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්..බොලඳ විදියට ජිවිතේ ගැන ආදරේ ගැන හිතන්නෙ නෑ..මට උනත් ඒ දේවල් එයා කියලා දෙනවා..
සල්ලි වලට ජිවිතය පාවා දෙන සමාජයක ජිවත් වෙන අපිට ඒ වගේ මිතුරු ඇසුරක් ලැබෙන්නෙ ඇත්තටම අපේ පෙර පිනකට..මගේ මිතුරියගේ ජිවිතේට කිසිම දුකක් නැතිව සතුටින් ජිවත් වෙන්න වරම් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...