මේ සිද්ධිය උනේ නිෂ් නවයෙ පංතියෙ ඉද්දි..හැමදාම වගේ එදත් අපි ගියා උදේ රැස්විම තියෙන තැනට..ඉතින් පැය භාගයක් විතර ගියා යාච්ඤා එහෙම කරලා සිස්ටර් ප්රින්සිපල්ගෙ දැන්විම් ටිකත් කියලා ඉවර වෙද්දි...සේරම ඉවර උනාටත් පස්සෙ සිස්ටර් කිවුවා නවය වසරින් ඉහල අය මෙහෙමම ඉඳලා අනිත් අය පංති වලට යන්න කියලා..දැන් එතන ඉන්නෙ අපිත් එක්කලා 10,11,12,13 පංති වල ඉගෙන ගන්න අක්කලයි...එතන ඉන්න අයගෙන් අපි පොඩි උනාට යමක් කමක් තේරෙන උදවිය ඕන්....දැන් එක එක්කෙනා කණ්ඩායම් ගැහිලා සාකච්ඡාව...සිස්ටර් ප්රින්සිපල් ස්ටාෆ් එකත් එක්ක සාකාච්ඡාව අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා වැලන්ටයින් ඩේ එකටත් තව කල් තියෙනවා...(ඇයි වැලන්ටයින් ඩේ එකට අපේ සේරමන්ගෙම බෑග්ස් චෙක් කරන්න යද්දිත් ඔක්කොම ලමයින්ව එලියෙ තියා ගන්නවනේ...) ඔන්න දැන් මිස්ලත් බෙදිලා පංති වලට යනවා...දැන් නම් ලමයින්ට තේරුනා මිස්ලා බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා...ඒත් එක පාරටම...අපිත් ඔහේ බලන් උන්නා....
සමහර උදවිය ඉන්නවනෙ මිස්ලගෙ හිත් දිනා ගන්න ලමයිනගෙ ආදර සම්බන්දතා අල්ලලා දෙන අය...හැබැයි ඒ වෙද්දිත් එහෙම ආදර සම්බන්දතා හොරෙන් අරන් ගිය ලමයි ගොඩ දෙනෙක්ව සිස්ටර්ට ආරංචි වෙලා අපේ ස්කොලෙනුත් අස් කරා...
ඉතින් දැන් මිස්ලා පංති වලට ගියා..මෙන්න ඒත් එක්කම අපිත් එක්කම හිටිය නවය වසරෙ ලමයි සෙට් එකක් දුවන්න ගත්තා...එයාලා නවය C එකේ අපේ පංතියට එහා එකේ...ඒත් එක්කම අපිත් දුවන් ගියා..අපේ පංතියට එහා එකෙ උනාට අපේ පංතියෙ සෙට් එකක් මේ දුවපු ලමයි සෙට් එකත් එකත් එක්ක තරහයි..මට මතක විදියට ඒකත් කොල්ලෝ සීන් එකක්..ඔන්න අපිත් දුවන් ගියා කස්ටියට පස්සෙන්...මිස්ලා පංති වලට යන්න කලින් අර කලින් දුවපු සෙට් එකයි අපෙ පංතියෙ සෙට් එකයි දුවන් ගියා...ඒත් එක්කම මෙන්න බොලේ අර දුවන් ගියපු එක ලමයෙක් කොලයක් බෑග් එකෙන් අරන් කටේ දාලා හපනවා...
හපොයි.....එහෙමත් කෑමක් හරියට නිකන් චුයින්ගමක් හපනවා වගේ...ඔන්න මිස්ලත් ආවා....
ළමයි මෙතන මොකක්ද වෙන්නෙ..මිස් කෙනෙක් ඇහුවා...
කවුරුත් උත්තර නෑ...අපි සිද්ධිය දැක්කා උනත් කොහොමද අප්පා කටක් ඇරලා කියන්නෙ....
මිස් මෙයා ලියුමක් අරන් කටේ දාගෙන හැපුවා...අර අපේ පංතියෙ ඉන්න ලියුම හපපු ලමයගේ තරහ කාරයෙක් කිවුවා...(ලමයෙක් ඉස්කෝලෙන් අස් කරන්න පැහැදිලි සාධාරණ හේතුවක් තියෙන්න ඕනෙ..ඒ වගේම සාක්ෂි...)
දැන් මිස් අර ලමයගෙන් ලියුම ඉල්ලනවා..ඒ ලමයා තවත් ඒක හපනවා...හපලා හපලා එලියට ගත්තා...
හික් හික් දැන් ඉතින් මොන සාක්ෂිද....ලියුමේ අකුරුත් හොයා ගන්න නෑ.....
හැබැයි ඔය සිද්ධියට පස්සෙ මිස්ලා ප්රිෆෙක්ට් අක්කලා එහෙම අර ලමයි සෙට් එක පස්සෙන්ම හිටියා ඒත් කිසිම හෝඩුවාවක් එයාලට හොයා ගන්න බැරි උනා...(කොහොමද ලමයින්ගෙ මොලේ...)
කියන්න ඕනා එක දෙයක් ලමයින්ගේ වැරදි ඒ කියන්නෙ ඔය වගේ ආදර සම්බන්ධතා ගැන හොය හොය ලමයි ස්කෝලෙන් අස් කරන්න උත්සහ කරපු මිස්ලා අතරෙ අනේ අපරාදෙ කියන්න බෑ..ලමයින්ට උදව් කරපු මිස්ලත් උන්නා...බෑග්ස් චෙක් කරන්න යන්නෙ කියලා දැන ගත්තම අපේ පංතියෙ ලමයි බෑග්ස් වල ලියුම් , ෆෝන්ස් එහෙම තියෙනවා නම් අපේ පංතියට එක් විශයක් උගන්නපු මිස් කෙනෙක් උන්නා..ඒ මිස්ට තමයි කියන්නේ...ඉතින් වෙන මිස් කෙනෙක් පංතියට යන්න කලින් මිස්ම ගිහින් ඒ ලියුම හරි ෆෝන එක හරි අරන් මිස් මිස්ගෙ බෑග් එකට දා ගන්නවා....ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ අයිතිකාරයා ගිහින් ඒ මිස්ගෙන් ඉල්ල ගන්නවා.....
විශේෂයෙන් කියන්න ඕනේ ලමයින්ට ම්ස්ලා එහෙම උදව් කරෙ අපි දහතුන වසරට ආවාට පස්සේ......එතකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙන්න ලඟයිනෙ..ඒ නිසා වෙන්න ඇති.....