Friday, June 29, 2012

මිනිස් ඇට කටු ද...?





මේ සිද්ධිය උනේ මන් දෙක වසරේ ඉද්දි...ඒ දවස් වල ඉන්ටර්වල් එකට බෙල් එක ගහනකන් ඉන්නෙ ඉක්මනට කාලා ඔන්චිල්ලාව අල්ල ගන්න යන්න...අපේ ඉස්කෝලේ පුංචි කන්‍යාරාමයක්...ඒකෙ පහ වසර වෙනකන් ඉඳල තමයි ලොකු කන්‍යාරාමයට යන්නෙ....ඉතින් දවසක් මායි මගේ යාළුවෝ සෙට් එකයි ඉක්මනින් කාලා ඔන්චිල්ලාව ලඟට එනකොට වෙන ලමයි සෙට් එකක් ඔන්චිල්ලාව අල්ලගෙන ඉතින් කොච්චර ඔතනට වෙලා උන්නත් ඉන්ටර්වල් එක ඉවර වෙන කන්ම අපිට එක පාරක් වත් ඕක ලැබෙන්නෙ නෑ කියලා අපි දන්නවා...මොකද අපිත් එහෙමනේ අපි අල්ල ගත්තොත් ඉන්ටර් වල් එක ඉවර වෙලා බෙල් එකත් ගහලා මිස් පංතියට යනකන් හරි සිස්ටර් ප්‍රින්සිපල් වේවැල අරන් එනකන් හරි ඔන්චිලි පදිනවා...කොහොමින් කොහොම හරි අපිට එදා ඔන්චිල්ලාව මිස් උනා...දැන් ඉතින් මොනා කරන්නද ඉන්ටර්වල් එක ඉවර වෙනකන් කරන්නත් දෙයක් නෑනේ..ඉතින් අපි කොන්වන්ට් එක පැත්තට ගියා ඇවිදින්න...ඒ හරියේ මඩුවක් වගේ එකක් තියෙනවා...ඉතින් අපිත් ඔතන කැරකි කැරකි ඉද්දි එක ලමයෙක් ඇටකට්ටක් වගේ එකක් පෙන්නුවා..මඩුව ලඟ..ඒක මගේ කකුලට පෑගිලා...ඔන්න එතන තව දෙක තුනක්ම තියෙනවා..ඒ මදිවට සුදු රෙදි වගේ කුත් තියෙනවා...සුදු රෙදි කිවුවට ඒ වෙලාවෙනම් දුවිලි ජරාව වැදිලා වෙන පාටක් වෙලා තිබුනේ...අපි ඉතින් ඇටකටු දැකලා තියෙනව යැයි...

ඔන්න ඉතින් දැන් ලමයි එක එක එවුවා කියනවා..එකෙක් කියනවා..ඉස්සර මෙතන කවුද මැරිලා උන්නයි කියලා..තව එකෙක් කියනවා ඉස්සර සිස්ටර්ස්ලව මැරුනම කොන්වන්ට් එකෙමයි වලලන්නෙ කියලා..තව කියනවා ඇටකටු පෑගුනම හොල්මන් රෑට එනවා කියලා...කථා ගොඩයි...
නිෂ් ඉතින් ඒ කාලේ පුංචි ලමයනේ...ඇත්තම කියනවනම් ඉස්සර වගේම දැනුත් බයයි අඩුම තරම රෑ අටෙන් පස්සෙ තනියම එලියටවත් යන්නෙ නෑ...එක කාලයක් තිබුනා කාමරේකින් කාමරේකට තනියම යන්නෙ නෑ...ඒ තරමටම බයයි...ටීවි බලද්දිත් බය හිතෙන මියුසික් එකක් ගියත් ඇස් දෙකයි කන් දෙකයි වහගෙන තමයි ඉන්නේ...තවමත් එහෙමයි..ඒත් ඉස්සර තරම්ම නම් නෑ....:D

ඉතින් දැන් නිෂ් හිතුවේ මේ කියන කථා ඇත්තම ඇත්ත කියලා...ඉස්සර ඉතින් පොඩි ලමයි දන්නෙ නැති උනත් ඔහේ කියවනවනෙ......දැන් ඉතින් නිෂ්ගෙ ඇස් දෙකෙම කඳුලු....ඉතින් එහෙම කථා කිවුවම ඕන කෙනෙක් බය වෙනවනේ....:-/ දැන්නම් නිෂ් හොඳටම බය වෙලා..ඉන්ටර්වල් එක ඉවර වෙන්න බෙල් එකත් වැදුනා...දැන් ඔක්කොම ලමයි පංතිවලට යනවා...අපේ සෙට් එකත් මට අඩන්න එපා කිය කිය පංතියට ගියා..මිස් ආවා පංතියට ඒත් මන් අඩනවා...මිස් අහනවා ඇයි අඩන්නෙ කියලා ඒත් කවුරුත් කිසි උත්තරයක් නෑ...දැන් ඉතින් මිස්ටත් මලපැනලා ඇයි ඉතින් උගන්නන්නත් විදියක් නෑනෙ...ඔන්න එක ලමයෙක් කිවුවා..ටිචර් මේ නිෂ්ට මැරුන සිස්ටර් කෙනෙක්ගේ ඇටකට්ටක් පෑගිලා..ඒකට එයා බයවෙලා අඩන්නෙ කියලා...
මට මතකයි මිස්ට ඒකට හිනා ගියා...ඉතින් ලමයි මිස්ටත් කියනවා මට කිවුව විස්තරේම....ඇටකටු පෑගුනම අරහෙම වෙනවා මෙහෙම වෙනවා...එකම සද්දයයි පංතියෙම..මිස් ගිහින් අනිත් පංතියෙ මිස්ටත් කිවුවා විස්තරේ..තාමත් මන් අඩනවා...
පස්සෙ මිස් අපි ඔක්කොමලව එක්කන් ගියා ඒ මඩුව තිබුන තැනට...සිස්ටර් ප්‍රින්සිපල්ටත් එන්න කියලා...සිස්ටර්ත් ආවා...මිස්ලා දැන් ඒක දැකලා හිනා වෙනවා ඒත් තාම මන් අඩනවා...

පස්සෙ සිස්ටර් මාව ලඟට අරන් කිවුවා..නිෂ් මෙහෙ එහෙම කිසිම දෙයක් නෑ...මේ තියෙන්නෙ කොන්වන්ට් එකේ ඉන්න බල්ලන්ට ගෙනාපු මස් කටු...:D


අනික මේ පරන රෙදි කෑලි වගයක් මේ මඩුව ඇතුලෙ තියෙන්නෙ කියලා...ඒත් ඉතින් කොහෙද මගේ ඇඩිල්ල නවත්තනවා බොරු...ඉස්කෝලේ ඉවරවෙලා අම්මා එනකන්ම මන් ඇඩුවා...පස්සෙ මට උනත් ගැනුනා....ඔන්න ඔහොමයි නිෂ් ඇටකටු කියලා මස් කටු වලට රැවටුනේ....:D

Friday, June 22, 2012

ඊයෙත් අදත් හෙටත් හැමදාමත්.....♥♥




මං.....,,,
තරුවක්.....
අහසින් කඩා වැටුන...
කවියක්.....
පද වැල් අපිලිවලට ඇමිනුව
හීනයක් .....
තවත් එක් සැබැ නොවෙන
මුහුදු රැල්ලක්.....
වෙරල ලඟටම ඇවිත් ආපසු යන
ඒත්...,
ඔයා..,
ඒ තරුවට අර්ථයක් දුන්නා....
ඒ පද වැල් අපිලිවෙලට උනත්
තාලයට ගැයුවා....
ඒ දැක්ක හීනේ සැබැවක් කරන්න
වෙහෙස වුනා....
ඒ රැල්ල ආයෙ එනතුරු
වෙරලට වෙලාම උන්නා....
ඉතින් තවත් මට වෙන මොනවද......
ඔයා..ඔයාගේ ආදරය මට......
සත්තයි.............
ලෝකයක් වටිනවා..........
ඊයෙත් අදත් හෙටත්.....
හැමදාමත්...♥♥♥



Saturday, June 16, 2012

මදුරුවා සහ නුඹේ ආදරය.....



ලියන්නට ගත්තා 
නුඹේ ආදරය ගැන..
කොහෙන් පටන් ගන්නද
හිත හිතා ඉන්නකොට...............
"රූං රූං "
කැරකෙනවා කන ලඟ
"චටා.......ස්"
දහතුන් වැනි මදුරුවා මේසෙ උඩ
ඉතින්..........
කොහේ ලියන්නද....?
නුඹේ ආදරය ගැන...
නැවතුනා..
පටන් ගත්ත තැන එහෙම්මම........:D

Monday, June 11, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...2

ආදරයත් ජිවිතයත් අහිමි වූ ඇය...1

කෙනෙක් එකපාරක් දැක්කොත් ආයේ හැරිලා බලන රූ සපුවක් හිමි සොනාලි පිරිමි තුන්දෙනෙකුගේ පවුලේ එකම ගෑණු ළමයා..ආගමට දහමට ලැදි පවුලක එකම ගෑණු ළමයා උන සොනාලිට හැමෝම ආදරය කලා..කොච්චිකඩේ ජනප්‍රිය පාසැලක ඉගෙන ගත්ත සොනාලි දහවන පංතියෙදි තමයි අපේ පාසැලට එන්නෙ.ඒ සොනාලිගේ පියාගේ ව්‍යාපාර කටයුතු නිසා ඔවුන් ගෙවල් මාරු කර අපේ පලාතට ආවේ..ඒ ඇවිත් ටික කාලයකින් සොනාලි අපිත් එක්ක යාළු වුනා..අපි ඉන්ටර්වල් එකේදි කෑම කෑවේ පවා එකට..පංති ගියේ..ඇඳුම් පැළදුම් ගන්න ගියේ ඒ සේරම එකට...ඒ අතරේ තමයි සොනාලිට සමිර මුණ ගැසෙන්නේ..සමිර ඒ වෙද්දි උ/පෙල අවසන් අවුරුද්ද..සමිරගේ පවුලේ අයියයි එයයි..දෙන්නම හැඩ හුරු කමින් එක වගේ..ඒත් සමිර ටිකක් පාටයි..සමිරගේ ගේ තිබුනේ සොනාලිලා අළුතින් කුලියට ගත් ගෙදරට ගෙවල් තුන හතරකට මෙහායින්..

ටික කාලයක් යද්දි සොනාලියි සමිරයි ආදරේ කරන්න පටන් ගන්නවා..ඒ අතර තුර තමයි නුවන් සොනාලිලගේ නිවසට යන්න එන්න පටන් ගන්නේ..නුවන් කියන්නේ සොනාලිගේ පොඩි අයියගේ හොඳම යාළුවා..සල්ලිකාර පවුලක එකම දරුවා..එහෙම ටික දවසක් යද්දි නුවන් සොනාලිගෙන් යාළුවෙන්න අහනවා..ඒත් ඒ වෙද්දිත් සොනාලිගෙයි සමිරගෙයි ආදර කථාව පටන් අරන්..නුවන් සොනාලිගෙන් අහලා බැරිම තැන සොනාලිගේ පොඩි අයියට කියනවා නංගි ගැන අදහසක් තියෙනවා කියලා..පොඩි අයියනම් නුවන්ට කැමති..සොනාලි නුවන් විවාහ කරගත්තොත් ඇයට හොඳින් ජිවත් විමට පුළුවන් නිසා..පොඩි අයියත් නිතරම සොනාලිට නුවන් ගැන කියනවා..ඒත් ඒ මොන දේටවත් සොනාලිගේ හිත වෙනස් වෙන්නෙ නෑ..සොනාලිට නුවන් එක්ක සමිර ගැන කියන්න බෑ..සොනාලි දන්නවා එහෙම කිවුවොත් නුවන් පොඩි අයියා එක්ක කියනවා කියලා...එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ...

දිනක් නුවන් සොනාලිලගේ ගෙදර එනවා..ඒ එද්දි රත්තරන් චුටි චේන් එකකුයි කරාබු දෙකකුයි අරන් එනවා සොනාලිට..ඒත් සොනාලි ඒක භාර ගන්නෙ නෑ..අවසානයේ සොනාලි සමිර ගැන නුවන් එක්ක කියනවා..නුවන් තේරුම් ගන්න ඇති දෙදෙනෙක් මැද්දට එන්න හොඳ නෑ කියලා..ඇයටත් සමිරටත් සුභ පතා ඔහු යනවා...සොනාලි හිතුවටත් වඩා ඉක්මනින් ඒ ප්‍රශ්නෙත් ඉවර උනා..කාලෙත් එක්ක සොනාලිගේත් සමිර ගෙත් ආදර කථාව ගලාගෙන යනවා...ඒ අතර තුර තමයි සමිර ගැන සොනාලිට නරක ආරංචි එන්න පටන් ගන්නෙ..ඒත් සොනාලිගේ ආදරේ නිසාමද මන්දා ඒ එකක්වත් සොනාලි විශ්වාස කරන්නේ නෑ..දැන් ඔයාලා හිතනවා ඇති සොනාලි හරි මෝඩයි කියලා මාත් එහෙම හිතුවා ඒත් අද මට තේරෙනවා සොනාලිගේ හිතේ තිබුන ආදරෙ නිසයි ඒ එකක් වත් සොනාලි විශ්වාස කරේ නැත්තෙ කියලා..

දවසක් පංති යන්න ලෑස්ති වෙලා ඉද්දි සොනාලිට කෙටි පණිවිඩයක් එනවා ඒ රහල්ගෙන්...
"නංගි ඔයා මන් කිවුව ඒවා විශ්වාස කරේ නෑනේ සමිරලගේ ෂොප් එකට මේ දැන් යන්න ඌ මේ වෙද්දිත් කෙල්ලෙක් එක්ක ඉන්නෙ.."
සොනාලි පංති යන ගමන අතහැරලා යනවා සමිරගේ ෂොප් එකට දෙවියනේ සොනාලි කිවුව දේ නිසා මන් අදටත් සමිරව දැක්කත් අහක බලනවා නම් සොනාලිට ඒ දේ කොහොම දරා ගන්න පුළුවන් වෙන්න ඇත්ද..?

ඒ වෙද්දි අපිට සා/පෙලට මාස තුනක් වගේ තමයි තිබුනේ..සොනාලි එදා පෙති වගයක් බිලා තිබුනා..ඒත් සොනාලිගේ වාසනාවට එයාට මුකුත් උනේ නෑ...සොනාලිට හිත හදා ගන්න අමාරු උනා.අනේ සොනාලි මාත් එක්ක කොච්චර නම් අඬන්න ඇත්ද..මට තාම මතකයි අනේ නිෂ් සමිර අයියා ඇයි මට මෙහෙම කරේ මන් එයාට කොච්චර ආදරේ කරාද කියලා අඬනවා..ඒත් එක්කම අපේ විභාගෙත් ආවා..සොනාලිත් විභාගේ ලිවුවා..අපි හැමෝම හිතුවේ සොනාලි විභාගේ ෆේල් වෙයි කියලා..ගණිත විශය ඇරෙන්න ඇය අනිත් විශයන් සියල්ලම සමත් උනා..ගණිත විෂය අසමත් නිසා එයාට උ/පෙල කරන්න බැරි වුනා..

ආයෙත් එයාලා ගෙවල් මාරු කරා..ඒ ටිකක් දුර..පස්සේ මට සොනාලිව නිතර මුණ ගැසුනෙ නෑ.හැබැයි කෝල් කරා නිතරම වගේ..එහෙම අවුරුදු දෙකක් විතර ගියා..පස්සේ සොනාලිට විවාහ යෝජනාවක් ඇවිත් තිබුනා..සොනාලිලගේ ගෙවල් පැත්තේ කෙනෙක්..එයා තමයි සඳරූ..

සොනාලි සඳරූ නිසා සතුටින් උන්නා..සඳරූගේ ආදරේ නිසා සොනාලිට සමිර ගැන මතකය ටිකෙන් ටික ඈත් උනා..සොනාලි සමිර ගැනත් සඳරූට කියලා තිබුනා..සඳරූ සොනාලිට ඇත්තටම ආදරේ කරා..ඔවුන් විවාහ වෙන්න උන්නේ...දෛවය හැමදාම කරේ සොනාලිට අසාධාරණකම්..සඳරූගේ ආදරය වැඩි කල් සොනාලිට ලබන්න බැරි උනා...

දවසක් මට කෝල් එකක් ආවා ඒ සොනාලිගේ අම්මා..ඒ මන් රට යන්න ටික කාලයකට කලින්
"දුව සොනාලි හොස්පිට්ල් ඇඩ්මිට් කරා..එයා තමයි කිවුවෙ ඔයාට කෝල් එකක් දිලා කියන්න කියලා."
 මන් එදා හොස්පිට්ල් එකට ගියා..

මට අදටත් මතකයි ඒ මූණ...මහා අසරන කමක් තිබුනා..ඇස් වටේ කළු වෙලා කොන්ඩේ තිබුනායින් භාගයයි..ඇඟ හොඳටම කෙට්ටු වෙලා..කලන්තයක් දාලා තමයි සොනාලිව හොස්පිට්ල් එකට අරන් ඇවිත් තිබුනේ..මන් එයා බලන්න යද්දි සඳරූ සොනාලි ලඟ උන්නා..සඳරූගේ ඇස් වල කඳුළු මන් දැක්කා..එදා මන් හිතුවේ සොනාලි කොච්චර වාසනාවන්තද කියලා..
ඒත් මට වැරදුනා..
ඒ වෙන කොටත් සොනාලිගේ ලෙඩේ මොකක්ද කියන්න ඩොක්ටර්ස්ලවත් හොයා ගෙන තිබුනෙ නෑ..ටික දවසකින් ඇයට ගෙදර යන්න පුළුවන් උනා..ඒ වෙද්දි මට රට යන්න දවස් කිහිපයයි..අන්තිමට මට ඇය මුණ ගැසුනේ අපේ පල්ලියේදි..එයා එයාගේ අම්මා එක්ක ඇවිත් උන්නෙ..එයාට කොච්චර ලොකු  අමාරුවක් තිබුනත් එයාට ඒ හැමදේම මොහොතකට අමතක කරන්න පුළුවන් ලස්සන හිනාවක් තිබුනා..ඒ හිනාවෙන්ම එදා එයා මට සුභ පැතුවා..

මන් ඉතාලියට ඇවිතු මාස හතරක් ගෙවුනා...ඒ අතර තුර මට ආරංචි උනා සොනාලිට සැරින් සැරේ අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරා කියලා..
එදා හරියටම එයාලගේ ගමේ පල්ලියෙ මංගල්ලෙ දවසේ..ඒ වෙලාවේ මන් අපේ ගෙදර අයත් එක්ක ස්කයිප් එකෙන් කථා කර කර උන්නේ..ඒ වෙලේ අයියා කිවුව දේ අහලා මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියා..සොනාලි අපිව දාලා ගිහින් ආයේ අපි ලඟට එන්නෙම නැති ගමනක්...ඒත් දෛවය කොහොමද එයාට එච්චර අකාරුනික උනේ...චපල ආදරයක් නිසා අවුරුදු තුනක් දුක් වින්ද සොනාලි උතුම් ආදරයක් නිසා හිනා වෙන්න ගත්තා විතරයි එයාගේ හිනාව නැත්තටම නැති කරලා එයාට ජිවිතෙත් අහිමි කරා...


බලන බලන දෙස
සැමදේ නිසිලෙස
එනමුත් මිතුරිය 
නුඹ නෑ පෙර ලෙස
දෛවයේ සරදමින්
දෙනෙත් පියාහල
නැවත ඉපදෙන්න
මිතුරි....
සිනහවත් රැගෙන
මතු අත්භවේදිත්
අප අතරටම....



ප/ලි
ගිය අවුරුද්දේ මන් ලංකාවට ගිය වෙලාවේ සොනාලිගේ අම්මා මුණ ගැසුනා...ඒ අම්මා එදා මාත් එක්ක හරියට ඇඩුවා.මාව දකිද්දි එයාට සොනාලිගෙ මතකය ආයෙ අළුත් වෙන්න ඇති.අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද ඒ දුක අවුරුදු විස්සක් අතක් පයක් කැඩෙන්න නොදි ආදරෙන් හදපු තමන්ගේ එකම දුව තමන්ව දාලා ගියා කියලා හිතෙද්දි....ඒත් මොනවා කරන්නද වෙලාව ආවාම අපි හැමෝටම යන්න වෙනවා..ඒකයි ජිවිතේ කියන්නෙ....ඉපදිමක් ඇත්නම් මරණෙකුත් තියෙනවනෙ......
____________________________________________________

Friday, June 8, 2012

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....


ආදරෙත් එක්ක එකට ගැළපෙනම වචනේ තමයි අම්මා කියන්නේ..ප්‍රශ්නයක් ආවම ඒකට හිනා වෙලා මූණ දෙන්න අපිට හැමතිස්සෙම කියලා දෙන්නෙ අපෙ අම්මා..
මට මතකයි මායි අයියයි චූටි කාලේ අපේ තාත්තා උන්නෙ රට..අපේ අම්මා මාවයි අයියවයි බලා ගත්තෙ අම්මගේ ඇස් දෙක වගේ...තාත්තත් නැතිව අපේ අම්මා අපිව බලා ගන්න කොච්චර වෙහෙසෙන්න ඇත්ද..එක දවසක්වත් අම්මා මාව තනියම පංති යැවුවෙ නෑ..ඒත් එදා ඒ ආදරේ සෙනෙහස ගොඩක් දැනුනෙ නෑ..සමහර විට අම්මා අපේ ලඟ උන්නු නිසා වෙන්න ඇති. අම්මා රට ගියායින්  පස්සෙ තමයි අම්මගේ ආදරේ සෙනෙහස ආරක්ෂාව නැතිකම තදින්ම දැනෙන්න ගත්තේ...ඇත්තටම මේ ලෝකේ අම්මා කෙනෙක්ගේ තැන ගන්න කාටත් බෑ..මගේ ජිවිතේ මුල්ම ගුරුතුමිය මගේ අම්මායි..මේ ලෝකේ කිසිම වෙනසක් නැතිව අපිට ආදරේ කරන්නේ අපේ අම්මා විතරයි...අපිට කරදරයක් උනාම හදවතින්ම තැවෙන්නෙ අපේ අම්මා විතරයි...අපි කොලයක් අරගෙන ඉරි කෑලි දෙකක් ඇඳලා පෙන්නුවත් අපේ අම්මා විතරයි ඒකට ලස්සනයි කියන්නේ...ඒ ලස්සනම නිසා නෙමෙයි අපේ හිත රිදෙයි කියල හිතලා...


දෝර ගලනට
පෑව සෙනෙහස
නුඹෙන් පමනයි
ලැබුනෙ මගෙ අම්මා....


නිමක් නොමැතිව
දුන්නු ආලය
වටියි මට
දිවි තිබෙන තුරා.....


මේ භවයේ මෙන්
හැම භවයකදිම
මගේම වනු මැන
මගේ ආදර අම්මා....


අද මගේ ආදර අම්මගේ උපන් දිනය..අද වගේ දවසක තමයි මගේ රත්තරන් අම්මා මේ ලෝකේ එළිය දැකලා තියෙන්නෙ....




මන් හෙලන හැම හුස්මක් ගානෙම මගේ අම්මට ණය ගැතියි අම්මේ...ජාති ජාතිත් මගේම අම්මා වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.....මගේ අම්මට සියළු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා........


ඕන් ඉතින් මන් අම්මා වෙනුවෙන් කිරිබත් හැදුවා..ඔයාලත් එන්න කන්න....:)

Sunday, June 3, 2012

ආදරයත් ජිවිතයත් අහිමි වු ඇය.....1

සමිර අයියේ....
හ්ම්..
මේ...
කියන්න කෙල්ලෙ මොකෝ...
මන් දෙයක් අහන්නද...?
හා අහන්න බලන්න..
මන් මැරුනොත් ඔයා මොකද කරන්නෙ..?
ඔයා මැරුනොත් නේද ම්ම්ම් මන් වෙන කෙනෙතක් එක්ක යාළු වෙනවා..
(ඇය ඔහුගේ කන මිරිකයි)
ආව්...
හරි නරකයි අප්පා..නපුරා හැමදාම  මගේ හිත රිද්දනවා..
ඉතින් ඔයානේ ඕනේ නැති ප්‍රශ්න අහලා හැමදාම මාව තරහ ගස්සලා හිත රිදෝ ගන්නේ...
හ්ම් මේ තව දෙයක්..
ඒ පාර මොකක්ද...
නෑ මේ..
කියනවා හලෝ..
හරි ඉතින් තරහා ගන්නෙ නැතුව අහන්නකෝ.
හරි කියන්නකෝ.
මට ඔයා ගැන නරක ආරචි එනවා අයියේ..
අහ් මන් ගැන ඒ මොනවද..
ඔයා ආනන්දේ ඉන්න සයුරි අක්කත් එක්ක යාළුයි කියලා එයා එක්ක එහෙ මෙහෙ යනවා කියලා මගේ යාළුවෝ දැක්කලු..
(ඔහු ගැස්සෙයි)
ම් ම මම පිස්සුද හලෝ කවුද කිව්වේ..
කිව්ව කෙනාගෙන් වැඩක් නෑනේ ඒක ඇත්තද කියන්න..
මේ තමුසෙට මාව ද විශ්වාස නැත්නම් තමුසෙගේ මහලොකු යාළුවො කියන දේද...
හ්ම් ඔයාව..
එහෙනම් කියනවා කවුද කිවුවෙ..? නිෂ් ද..?
හ්ම් ඔව් ඒත් ඒත් ඔයා කොහොමද දන්නෙ නිෂ් කිවුවෙ කියලා..
න් නෑ..නැ..මේ එයා තමයි තමුසෙට ඔය වගේ දේවල් කියන්නෙ.මහා ඊර්ශ්‍යාකාර කෙල්ලෙක්.කුරුළු කූඩු කඩන්නමයි හදන්නේ..මේ සොනාලි මම එකක් කියන්නම් තමුසෙට මාව ඔනේ නම් ඔය නිෂ් එක්ක තියෙන යාළුකම නවත්තනවා හරිද...
(ඇය ඉකිගසයි..ඒත් ඇගේ කඳුළු ඔහුට ගානක්වත් නැත..)
අපි යන් දැන්..
හ්ම්..
__________________________________________________

උඹට නම් පිස්සු සොනාලි..සමිරයා හොඳ එකෙක් නෙමෙයි ඌට හැමතැනම කෙල්ලෝ..උඹ නිකන් උඹේ ජිවිතේ නාස්ති කරගන්නවා..
ඒත් නිෂ් මට දැන් සමිර අයියව අමතක කරන්න බෑ..එයා නැතුව මන් මැරෙයි..
උඹට කියනවට වඩා හොඳයි කට බිම උලා ගන්න එක..
මට බනින්න එපා බන් මට තේරෙන්නෙ නෑ මන් මොනා කරන්නද කියලා..මේ ඒක නෙමෙයි මන් මෙහෙම කිවුවා කියලා උඹ මා එක්ක තරහා වෙන්නෙ නෑනේ...
හරි බන් තරහා වෙනවද යාළුවෙනවද බලන්න ඉස්සෙල්ලා කාරනාව කියහන්කෝ..
ම් මේ.. මේකයි බන් සමිර අයියා ඉන්න වෙලෙට උඹ වැඩිය මාත් එක්ක කථා කරන්න එපා..
අහ්.. සමිරයද උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..
හ්ම්ම්..
උඹ නම් මහා ගොන් හරකියෙක් බන් ඒකෙන්ම තේරරෙන්නෙ නැද්ද උඹට......මන් උගේ හැමදේම දන්න නිසා තමයි උඹට කිවුවේ මාත් එක්ක කථා කරන්න එපා කියලා..උඹ මහා මෝඩියෙක් බන්...
මන් දන්නෙ නෑ නිෂ්...දන්නෙ මෙච්චරයි මන් සමිරයියට ගොඩක් ආදරෙයි..
දවසක උඹට තේරේයි..හැබැයි කෙල්ලෙ එදාට උඹ පරක්කු වැඩි වෙයි..
පංතියට යන්...
____________________________________________________

හෙලෝ හෙලෝ සමිර අයියේ..
ඇයි සොනාලි හදිස්සියක්ද..
න් නෑ මන් මේ නිකන් ගත්තේ ඔයා මට කෝල් කරන්නෙත් නෑනේ..දැන් දවස් හතරකින් කථා කරෙත් නෑනේ ඒකයි
මන් ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නම් ළමයෝ මන් දැන් බිසි..
හ්ම් 
බායි.
බුදු සරණයි පරිස්සමින්...
(ඇය නැවත දුරකථන ඇමතුමක් ගනියි)
හායි කෙල්ලේ මොකෝ අපිව මතක් වෙලා..
න් නෑ බන් නිකන්..
නිකන්..නිකන් වෙන්න නම් බෑ කියපන් මොකෝ..
මුකුත් නෑ බන්..මට පාළුයි ඒකයි ගත්තේ..
හ්ම් හ්ම් උඹ කියනවා මන් අහනවා..මේ ඒක නෙමෙයි උඹේ යාළුවෙක් ඇවිත් මෙච්චර වෙලා ඉඳලා දැනුයි ගියේ...
කවුද බන්..
රහල් බන්..ඌ උඹ ගැනමයි කථා කරේ..රහල් සමිරයගේ යාළුවා උනත් හිත හොඳ එකා බන්..ඌ දුක් වෙනවා උඹ ගැන..
හ්ම්...
මට හිතෙන්නේ රහල් උඹ ගැන හොයනවා වැඩි වගේ..
අනේ මේ නිකන් ඉදින්..මට මේ වෙලා තියන දේ මදිද..
හරි හරි බන් මන් නිකන් කිවුවේ...
මේ මන් තියන්නම් කෙල්ලේ..නිදි මතයි...
ඕකේ ගුඩ් නයිට් කෙල්ල..
( නිදි මතයි කිවුවත් සොනාලිගේ දෙනෙත් මොහොතකටවත් පිය වුනේ නෑ..ඇය විනාඩියෙන් විනාඩිය දුරකථනය අතට අරන් බැලුවා සමිරගෙන් ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ ඇවිත් ඇත්ද කියා..බැරිම තැන නැවත ඇමතුමක් ගත්තා..)
"ඔබ ඇමතු ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර හෝ ආවරණ කලාපයෙන් බැහැරව ඇත..කරුණාකර පසුව අමතන්න".

ඇය දිග හුස්මක් ගත්තා....
__________________________________________________
නංගි හෝව් කොහෙද මේ දුවන්නේ...
අහ් රහල් අයියා මන් ක්ලාස් යනවා..
මේ නංගි මන් නංගි මුණ ගැහෙන්නමයි උන්නේ විශේෂ කාරණාවකට....
විශේෂ කාරනාවක් ඒ මොකක්ද..?
මේකයි නංගි නංගි මේක අහලා කලබල වෙන්න එපා..
කියන්නකො අයියෙ ඉතින්
මේකයි මන් සමිර ගැන නංගි එක්ක කථා කරන්නයි ආවේ.....
සමිර අයියා ගැන ඒ මොනවද..?
මේකයි නංගි සමිරයා මගේ යාළුවා තමයි ඒත් මටත් නංගි වගේ නංගිලා දෙන්නෙක්ම ඉන්නවා..ඒ නිසයි මන් මේක නංගිට කියන්න ඔනේ කියලා හිතුවේ..
හ්ම්ම් කියන්නකො අයියේ...
සමිර නංගිට ඇත්තටම නෙමෙයි නංගි ආදරේ කරන්නේ ඌට හැමතැනම කෙල්ලෝ..මේ වෙද්දිත් ඌ කෙල්ලෙක් එක්කයි ඇත්තෙ....
මොනවා අනේ අයියේ ඔය ඇත්තමද...?
මන් මොකටද නංගි ඔයාට බොරු කියන්නේ....
(ඇය එදින පංතියට නොගොස් නැවත හැරි ගෙදරට දුව ගියා)
_______________________________________________

ඉහත සඳහක් වෙන්නෙ මීට අවුරුදු 7කට කලින් දෙතුන් දෙනෙක් අතර වෙච්ච දෙබස් කිහිපයක්...මේ චරිත අතරින් සොනාලි කියන චරිතය මේ වෙන විට අපෙන් සදහටම ඈත් වෙලා ගිහින්..කාලයක් මගේ ජිවිතයේ මගේ හොඳම යෙහෙලිය..අද වෙද්දි ඇය අපෙන් සමු අරන් අවුරුදු 3ක් වෙනවා...ඒ උනත් මේ හැම සිද්ධියක්ම මට අද වගේ මතකයි...තව දෙයක් ඇය අගේ ජිවිතේ හැමදේම මාත් බෙදා ගත්තා.ඇය තම ප්‍රේමවන්තයා සමඟ කථා කල දේවල් පවා...මේ සොනාලිගේ ජිවිතයේ අවසන් පරිච්ඡේදයයි......

මුලින්ම මන් චරිත ටික හඳුන්වලා දෙන්නම්....


සොනාලි - කථා නායිකාව
සමීර - සොනාලිගේ ප්‍රේමවන්තයා
නිෂ් - සොනාලිගේ හොඳම යෙහෙලිය(ඒ කියන්නෙ මන්)
රහල් - සමීරගේ යාළුවෙක්(හිත හොඳ කොල්ලෙක්)
නුවන්- සොනාලිගේ ආදරය පතා ආව පෙම්වතෙක්
සඳරූ - සොනාලි වෙනුවෙන් තවමත් කඳුළු හෙලන උතුම් පෙම්වතෙක්.....

රැදි සිටින්න...ඉතිරිය ඊළඟ කොටසින්...........